අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/20

පෙබරවාරි 13 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව වාර්ෂික දැනුවත් කිරීමේ සැසියක් ඉනාමළුව විජය විමලරත්න ජාතික පාසලේ දී පවත්වන ලදී. ආරක්ෂිත හා වගකීම් සහගත ඩිජිටල් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වූ මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් ඇතුළුව 100 දෙනෙකු පමණ සහභාගී විය.