අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/11
2025 ජුනි 11 වන දින කොළඹ සිනමන් ලයිෆ් හිදී ෆැක්ටම් විසින් සංවිධානය කරන ලද ගෝලීය දකුණේ මැතිවරණ, වේදිකාව සහ තොරතුරු අඛණ්ඩතා සමුළුවට (EPIGS’25) හිතවතී සහභාගී විය. මෙම සමුළුවේදී ප්‍රජාතාන්ත්‍රික මැතිවරණවල අවංකභාවය, ඩිජිටල් තොරතුරු පාලනය මෙන්ම බාධක යනාදී ප්‍රධාන අංග සාකච්ඡා කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත කතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පැවැත්විය. මෙම සමුළුව සඳහා රටවල් 12 ක් නියෝජනය කරමින් බහු පාර්ශවකරුවන් 200 දෙනෙකු පමණ සහභාගී විය.