අවසන් වරට යාවත්කාලීන කලේ 2025/10/09
2025 සැප්තැම්බර් මස 18 සිට 21 දක්වා කොළඹ BMICH හි පැවැත්වූ 2025 කර්මාන්ත ප්රදර්ශනයේ One-Stop-Shop තුළ Foundation.lk > හිතවතී සායනය තුළ හිතවතී අත්පත්රිකා සහ ප්රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරන ලදි. හිතවතී යූටියුබ් චැනලය සබ්ස්ක්රයිබ් කර හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් බොහෝ දෙනාට මෙහිදි අවස්ථාව ලැබුණි.






