අවසන් වරට යාවත්කාලීන කලේ 2025/11/20
2025 නොවැම්බර් 07 සිට 09 දක්වා කොළඹ BMICH හි පැවැත්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka -FITIS) විසින් සංවිධානය කරන ලද 2025 Infotel ප්‍රදර්ශනයේ Foundation.lk > හිතවතී සායනය තුළ හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරන ලදි. මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව දෙදහසක් පමණ සහභාගී විය. හිතවතී යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර හිතවතී සන්නාමය සහිත කීටැග් සහ පෑන් දිනා ගැනීමටත් බොහෝ දෙනාට මෙහිදි අවස්ථාව ලැබුණි.




