අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/08

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka -FITIS) විසින් සංවිධානය කරන ලද 2023 Infotel ප්‍රදර්ශනයෙහි කුටියක් හිතවතීට වෙන් වී තිබුණි. හිතවතී අත්පත්‍රිකා, ප්‍රවර්ධන කාඩ්පත් මෙන්ම සුහුරුසර අත්පත්‍රිකා බෙදා හැරීම සහ හිතවතී පිළිබඳ දැනුවත් කිරීම ද භාෂා තුනෙන්ම සිදු කෙරුණි. 2023 නොවැම්බර් මස 03, 04, 05 දිනයන්හි මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව තුන් දහසක් පමණ සහභාගී විය.