අවසන් වරට යාවත්කාලීන කලේ 2022/03/16

අලව්ව MAS ඇඟලුම් කර්මාන්තශාලාව විසින් ආදරවන්තයින්ගේ දිනය වන පෙබරවාරි 14 වැනිදා එම ආයතනයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් “අපේ ආදර ජීවිතවලට සමාජ මාධ්‍යයන්ගෙන් වන බලපෑම” යන්න තේමා කරගෙන සංවිධානය කෙරුණු දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා LK Domain Registry ආයතනයට ආරාධනා ලැබිණි. එම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සමාජ ජාල මාධ්‍ය භාවිතය පිලිබඳ දැනුම අවබෝධය ඉහල නැංවීම අරමුණු කරගෙන එහි මානව සම්පත් කළමනාකරණ අංශය විසින් මෙය සංවිධානය කෙරිණි.

මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ කර්මාන්ත අංගන දෙකක සේවක සේවිකාවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගී වුහ.

අන්තර්ජාලය සහ සමාජ ජාල මාධ්‍ය ආරක්ෂිතව භාවිත කිරීම සහ සමාජ මාධ්‍යයන්හිදී සිදුකරනු ලබන වැරදි ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ අනතුරු වලට මුහුණ නොදී සිටීමට ගත යුතු පියවරයන් පිලිබඳ මෙහිදී ඔවුන්ව දනුවත් කෙරිණි.