අවසන් වරට යාවත්කාලීන කලේ 2026/08/10

2026 අගෝස්තු 6 වන දින FOUNDATION.LK විසින් බලගැන්වෙන ව්‍යාපෘතියක් වන හිතවතී, විශ්වවිද්‍යාල සිසුන් සඳහා වඩාත් ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සමඟ අත්වැල් බැඳ ගනී. FOUNDATION.LK ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනි, නිරෝජා ජයවික්‍රම මහත්මිය, එම ආයතනයේ අධ්‍යක්ෂ ලාල් චන්ද්‍රනාත් මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් මෙම අවබෝධතා ගිවිසුමට (MOU) කොමිෂන් සභා (UGC) පරිශ්‍රයේදී අත්සන් කරන ලදී.