අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/19

එක්සත් ජනපදයේ ජාතික සයිබර් ආරක්ෂණ සන්ධානය (NCA) විසින් සංවිධානය කරන ලද 2025 වසරේ සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීමේ (ඔක්තෝබර්) මාසයට සුදානම් වීමේ වෙබිනා සැසියට හිතවතී සහභාගී විය. මෙම සැසිය 2025 ජූලි මස 16 වන දින සූම් ඔස්සේ පවත්වන ලදී. මෙහිදි මේ වසරේ තේමාව, දැනුවත් කිරීම් සඳහා අවශ්‍ය අන්තර්ගතයන් මෙන්ම ඒවා ප්‍රවර්ධනය කරන අයුරු සකච්ඡා විය. මේ සඳහා විවිධ රටවලින් පාර්ශවකරුවන්ද සහභාගී වූ අතර ඔවුන් දැනුවත් කිරීම් සිදු කරන ආකාරය ගැන අදහස් බෙදා ගන්නා ලදී.