StopNCII

StopNCII.org (ස්ටොප් එන්.සී.අයි.අයි.)

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/25

StopNCII.org (ස්ටොප් එන්.සී.අයි.අයි.) පවත්වාගෙන යනු ලබන්නේ SWGfL හි කොටසක් වන Revenge Porn Helpline මඟිනි. SWGfL සෑම කෙනෙකුටම කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව තාක්‍ෂණය භාවිත කළ හැකි බව සහතික කිරීම අරමුණු කරගත් මහජන සුභ සිද්ධිය උදෙසා ක්‍රියා කරන ආයතනයකි. 2000 වසරේ සිට, SWGfL අන්තර්ජාලයේ සෑම දෙනාම ආරක්ෂිතව තබා ගැනීමට ලොව පුරා හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටියි.

Revenge Porn Helpline (RPH / රිවෙන්ජ් පෝන් හෙල්ප්ලයින්) 2015 දී ආරම්භ කළේ අනවසරයෙන් එකිනෙකාගේ සමීප (අතිශය පෞද්ගලික / නිරුවත් / අසභ්‍ය) පින්තූර හුවමාරු කරමින් ඔවුන්ට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා ය. එතැන් සිට ඔවුන් වින්දිතයින් දහස් ගණනකට උදව් කර ඇත. ඔවුන් 90%කට වඩා වැඩි සාර්ථකත්වයක් සමඟින් මෙවැනි පින්තූර 300,000කට වඩා අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත.