අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/20

2022 ඔක්තෝබර් 20 තෙවන වෙළුම – 10 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

ස්ටෙගනොග්‍රෆි ගැන ඔබ දැන ගත යුත්තේ ඇයි?


ස්ටෙගනොග්‍රෆි කියන්නේ කිසිම සැකයක් ඇති නොවන අයුරින් සාමාන්‍ය ලෙස පෙනෙන ගොනුවක (file) රහස් පණිවිඩයක් සැඟවීමයි. Steganography යන වචනය, සැඟවුණු / ආරක්‍ෂිත අර්ථය දෙන “Steganos” හා ලිවීම අදහස් වෙන “Graphein” යන ග්‍රීක වචන වලින් සෑදී ඇත.

 

ඔබ දැන සිටියාද?

  • ගෝලීය වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ එකතුව ලබන වසර අවසන් වන විට බිලියන 5ට ළඟා වෙයි.
    https://datareportal.com
  • ස්ටැටිස්ටා (Statista) විසින් පුරෝකථනය කරන ආකාරයට 2025 වන විට ඉන්ටර්නෙට් හරහා පාලනය වන උපාංග (Internet of Things) බිලියන 30.9ක් පමණ වනු ඇත.
    https://connect.comptia.org/
  • 2025 වන විට ලෝකයේ දත්ත සෙටාබයිට් ( zettabytes ) 181ක් උත්පාදනය කරනු ඇති බවට අනාවැකි ඇස්තමේන්තු කර තිබේ.
    https://techjury.net
  • නව පර්යේෂණයකින් පවසන ආකාරයට ගූගල් ප්ලේ ස්ටෝ(ර්) (Google Play Store) සහ ඇප්ස්ටෝ(ර්) (App Store) හි ඇති යෙදුම් (apps) මිලියන ගණනක් වසර දෙකකට වැඩි කාලයක් තුළ යාවත්කාලීන වී නොමැත.
    https://www.digitalinformationworld.com

ඔබේ වෙබ් අඩවියේ පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කිරීමට වැදගත් උපදෙස් :

 

    1. වෙබ් අඩවියට පිවිසීමට ඇති හැකියාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න
    2. වෙබ් අඩවියේ අන්තර්ගතයන් සරලව ඉදිරිපත් කරන්න
    3. සෑම විටම සුදු අවකාශය (white space) භාවිත කරන්න
    4. වෙබ් පිටුව ලෝඩ් වීමට ගත වන වේලාව ගැන සැලකිලිමත් වන්න
    5. ජංගම උපාංග වලට අනුකූල වන ලෙස සකසන්න
    6. නිරන්තරයෙන්ම වැඩිදියුණු කරගැනීම් සඳහා පරිශීලකයන්ගේ අදහස් විමසන්න

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

මයික්‍රොසොෆ්ට් එක්ස්චේන්ජ් සර්වර් (Microsoft Exchange Server) හි වාර්තා කරන ලද දුර්වලතා සඳහා පාරිභෝගික මාර්ගෝපදේශනය

Microsoft Exchange Server 2013, Exchange Server 2016 සහ Exchange Server 2019 සඳහා බලපාන ශුන්‍ය-දින දුර්වලතා දෙකක් මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft) විසින් විමර්ශනය කරයි.
https://msrc-blog.microsoft.com

චීන රාජ්‍ය අනුග්‍රහය ලබන ක්‍රියාකාරීන් විසින් සිදුකරන ප්‍රසිද්ධ අවදානම්(Vulnerabilities) පිළිබඳ ජාතික ආරක්ෂණ ඒජන්සිය (National Security Agency -NSA) විසින් උපදෙස් දෙයි

ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) විසින් චීන රාජ්‍ය අනුග්‍රහය ලබන ද්වේෂසහගත සයිබර් ක්‍රියාකාරකම් පිළිබඳ සයිබර් ආරක්ෂණ උපදේශනයක් නිකුත් කර ඇත.
https://www.cisa.gov

Adobe විසින් ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කරයි

Adobe විසින් කෝල්ඩ්ෆියුෂන් (ColdFusion), ඇක්‍රොබැට් රීඩර් (Acrobat Reader), ඇඩෝබි කොමර්ස් ( Adobe Commerce) සහ ඇඩෝබි ඩයිමෙන්ෂන් (Adobe Dimension) හි දුර්වලතා විසඳීම සඳහා ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කර ඇත.
https://digital.nhs.uk


සයිබර් පුවත්

 

වට්ස්ඇප් (WhatsApp) ශුන්‍ය-දින දෝෂ දෙකකින් පහර වදී – වට්ස්ඇප් අදම යාවත්කාලීන කරන්න

ඔබ ඔබගේ දුරකථනයේ WhatsApp ස්ථාපනය කර ඇත්නම්, ඔබ නවතම අනුවාදයට යාවත්කාලීන කර ඇති බවට සහතික කර ගන්න.
https://www.tomsguide.com

ඔප්ටස් (Optus) වෙත සිදු වූ ප්‍රහාරයෙන් සති දෙකකට පසු ඔස්ට්‍රේලියාවේ ප්‍රධානම සේවා සපයන්නකු වන ටෙල්ස්ට්‍රා (Telstra)හි දත්ත කඩ කිරීමක් සිදු විය

ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, ටෙල්ස්ට්‍රාහි අභ්‍යන්තර කාර්ය මණ්ඩල ඉමේල් හරහා බලපෑමට ලක්වූ වත්මන් සහ හිටපු සේවකයින් ගේ සංඛ්‍යාව 30,000 ක් වේ.
https://www.reuters.com

ෆේස්බුක් ලොග්-ඉන් හොරු: හාරසියයකට අධික අනිෂ්ට යෙදුම් ලැයිස්තුවක්

Meta විසින් Facebook log-in තොරතුරු සොරකම් කිරීමට නිර්මාණය කර ඇති අනිෂ්ට Android සහ iOS යෙදුම් 400කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇත.
https://cybernews.com


සත්‍ය කතා

ස්මාර්ට් ෆෝන් සිහිනය


ලිමාෂි පාසල් හැර ගියපු කෙනෙක්. එයාට තිබුණා මුලික පහසුකම් විතරක් තියෙන දුරකථනයක් (feature phone) පාසලෙන් අයින් වෙනවත් එක්කම ලිමාෂි ට හිතුනා එයාගෙ අනිත් යාලුවො වගේ ස්මාට් ෆෝන් එකක් ගන්න.

ඊලඟට කුමක් වුනාදැයි මෙතැනින් බලන්න…

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

  • 2022 සැප්තැම්බර් මස 23වන දින වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය විසින් සංවිධානය කරන ලද ජුම්ලා පුහුණු වැඩමුළුවක් නිවිතිගල අධ්‍යාපන කලාපයේ පවත්වන ලද අතර එහිදී හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මේ සඳහා, සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, කලාප තොරතුරු තාක්ෂණ සහකාරතුමිය ඇතුළු පාසලේ ගුරුභවතුන් සහ සිසු සිසුවියන් 60ක් පමණ සහභාගී වූහ.

  • 2022 සැප්තැම්බර් 26 වැනි දින, ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද, හිතවතී ව්‍යාපෘතිය සහ එහි සේවාවන් පිළබඳව දැනුවත් කිරීමේ සැසියක්, එම විද්‍යාලයේ දී පැවැත්වූ අතර මේ සඳහා පාසලේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් 100ක් පමණ සහභාගී වූහ.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය
වී ආ(ර්) ලෙජන් (2011) – We Are Legion (2011)

 

වී ආ(ර්) ලෙජන් (We Are Legion) චිත්‍රපටය හරහා අපව ඩිජිටල් යුගයේ සිවිල් අකීකරුකම පිළිබඳව වැඩිදුරටත් අර්ථකථනය කළ රැඩිකල් “හැක්ටිවිස්ට්- hacktivist ” සාමූහිකය වන නිර්නාමික ලෝකය තුළට ගෙන යයි.

මෙම චිත්‍රපටයේ Cult of the Dead Cow සහ Electronic Disturbance Theatre වැනි මුල් කාලීන hacktivist කණ්ඩායම් ගවේෂණය කරයි, ඉන්පසු 4chan වෙබ් අඩවියේ Anonymous’s rucous ආරම්භය කරා ගමන් කරයි.
https://youtu.be/gn9-80ObGA8

ගැජට්
ජූල් හොරුන්ගේ LED තේ ආලෝක ඇඩැප්ටරය

පැරණි  “Joule Thief” පරිපථය, ඔබට ජීවකාලය අවසාන වීමට ආසන්න පාහේ මිය ගිය බැටරි – වලින් කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසයි (AA, AAA, සහ CR2032 ඇතුළුව).
https://www.hackster.io/glowascii/joule-thief-led-tea-light-adapter-c7c11c

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :
අද කාලෙ මිනිස්සු

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.