අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/21

ස්නැප්චැට් (Snapchat)

ස්නැප්චැට් ඇමෙරිකානු බහුමාධ්‍ය ක්ෂණික පණිවිඩකරණ යෙදුමක් (මැසේජිං ඇප්) ලෙස ප්‍රසිද්ධ වන අතර මෙය Snap Inc යන ආයතනය මඟින් සංවර්ධනය කර ඇත. මෙම යෙදුම ඕනෑම උපාංගයකට බාගත (ඩවුන්ලෝඩ්) කළ හැකි වන අතර ඕනෑම ස්ථානයක සිට මිතුරන් හා කාලය ගත කිරීමට යොදා ගත හැක. මෙමගින් ලබා දෙන විශේෂාංග වනුයේ චැට්, ස්නැප් (පින්තූර, වීඩියෝපටි යැවීම) සහ වීඩියෝ කෝල් පහසුකම් ය.

මේ හරහා හුවමාරු කරගන්නා අන්තර්ගතයන් ෆිල්ටර්, ඉෆෙක්ට්ස් (වෙනස් ප්‍රතිඵල ගෙන දෙන ආලෝක, ශබ්ද ආදිය), සිරස්තල (කැප්ශන්) සහ ඇඳීම් සමගින් සංස්කරණය / එඩිට් කළ හැක.

බොහෝ යෙදුම්වල මෙන්, හිරිහැර කිරීම, බ්ලැක්මේල් කිරීම හෝ වෙනත් ආරක්ෂක ගැටළු පිළිබඳව වාර්තා (රිපෝට් / Report) කිරීමේ විකල්ප මෙහි ඇත.

ස්නැප්චැට් හි අපයෝජන වාර්තා කරන්නේ කෙසේද?

ස්නැප්චැට් ගිණුමක් රිපෝට් කරන අයුරු

යමෙකුගේ ස්නැප්චැට් ගිණුම වාර්තා කිරීමට,

  1. යෙදුමේ ‘මගේ මිතුරන් (My Friends)’ වෙත ගොස් ස්නැප්චැටර්ගේ නම මත ක්ලික් කරන්න හෝ  ‘මිත්‍රත්වය කළමනාකරණය (Manage Friendship)’ යන්න තෝරන්න
  2. දකුණු කෙළවරේ ඉහළ ඇති ‘⋮’ අයිකනය තෝරන්න
  3. ‘රිපෝට් (Report)’ මත ක්ලික් කරන්න
  4. රිපෝට් කිරීමට හේතුව තෝරන්න
  5. රිපෝට් එක යොමු (සබ්මිට්) කර අදාල පුද්ගලයාව බ්ලොක් කරන්න.

ස්නැප්චැට් හි ස්නැප් (snap) හෝ ස්ටෝරි (story) වාර්තා කිරීම

ස්නැප් (පින්තූර / වීඩියෝපටි) හෝ ස්ටෝරි රිපෝට් කිරීමට,

එය මත ක්ලික් කර අල්ලාගෙන ‘Report Snap’ ලෙස වාර්තා කරන්න

ඔබට මේ අයුරින් ස්නැප්චැට් හි පහත දැක්වෙන විවිධ ආකාරයේ අන්තර්ගත වාර්තා කළ හැක.

  • ඩිරෙක්ට් ස්නැප්ස් / Direct Snaps
  • මයි ස්ටෝරිස් / My Stories
  • ශෙයාඩ් ස්ටෝරිස් / Shared Stories
  • පබ්ලික් යූසර් ස්ටොරීස් / Public User Stories
  • ස්නැප්ස් ඔන් ද ස්නැප් මැප් / Snaps on the Snap Map
  • ස්නැප්ස් ඔන් ස්පොට්ලයිට් /Snaps on Spotlight

පබ්ලික් ප්‍රොෆයිල් එකක් වාර්තා කිරීම

  1. ඔබට වාර්තා කිරීමට අවශ්‍ය Public profile එක වෙත යන්න
  2. ඉහළින් ඇති  තෝරන්න
  3. ‘Report / රිපෝට්’ යන්න තෝරන්න
  4. ඔබ අදාල පබ්ලික් ප්‍රොෆයිල් එක වාර්තා කිරීමට තුඩු දුන් හේතුව තෝරා ‘සබ්මිට් / Submit’ යන්න ක්ලික් කරන්න

 

ස්ටෝරිස් වල අන්තර්ගතයන් රිපෝට් කිරීම හෝ සැඟවීම

ස්ටෝරිස් හි අන්තර්ගතයන් රිපොර්ට් කිරීමට, ඒ මත අල්ලාගෙන ‘රිපෝට් ටයිල් / Report tile’ මත ක්ලික් කරන්න

ඔබ එවැනි අන්තර්ගතයකට අකමැති නම්, එවැනි දේ ‘දිස් වීම සඟවන්න / Hide from Discover’ තෝරා එවැනි ස්ටොරි අඩුවෙන් දැකීමට සැකසුම් සාදා ගත හැක.

 

ලෙන්සස් (Lenses) වාර්තා කිරීම

ස්නැප්චැටර්ස් විසින් සකස් කරන ලද ලෙන්සස් (හඬ, පෙනුම වෙනස් කරමින් වැඩි දියුණු කළ රියැලිටි සජීවීකරණ / AR animations) වාර්තා කිරීමට ඔබට හැකියාවක් ඇත.

  1. ලෙන්ස් එකට ඉහලින් ඇති ⓘ ලකුණ තෝරන්න
  2. ඉන්පසු ‘රිපෝට් / Report’ තෝරන්න