අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/08

මේ දවස් වල කතා බහ වෙන චැට්ජීපීටී (ChatGPT)

මොකක්ද මේ ChatGPT කියන්නෙ?

චැට් ජීපීටී යනු ඔන්ලයින් පාරිභෝගික සේවාවන් සඳහා OpenAI විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන චැටබොට් එකකි. මෙය Generative Pre-trained Transformer (GPT / කලින් පුහුණු කරන ලද ජනන ට්‍රාන්ස්ෆෝමර්) නම් භාෂා ආකෘතියක් මත ක්‍රියාත්මක වේ. එය පෙර පුහුණු කර ඇති අතර ස්වභාවික භාෂා සැකසුම් (Natural Language Processing / NLP) භාවිත කරයි. එය පෙළ පොත්, වෙබ් අඩවි සහ ලිපි වැනි විවිධ මූලාශ්‍රවලින් දත්ත රැස් කරයි. මෙම මූලාශ්‍ර සමඟින් එය සන්නිවේදනය සඳහා තමන්ගේම භාෂාවක් සකසා ගන්නා අතර මිනිස් අන්තර්ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන්නේ වෙනත් පුද්ගලයෙකු සමඟ කතාබස් (චැට්) කරන බව මිනිසාට හැඟෙන සංවාදාත්මක ස්වරයකිනි. එම පිළිතුරු සාමාන්‍ය මිනිසෙකුගේ පිළිතුරු මෙන් ස්වභාවික පිළිතුරු වේ.

චැට් ජීපීටී හැදුවෙ කව්ද?

ඇමරිකානු කෘත්‍රිම බුද්ධි පර්යේෂණ රසායනාගාරයක් වන OpenAI විසිනි. මෙම සමාගම 2022 නොවැම්බර් 30 වන දින ChatGPT දියත් කළේය.

 

 

ChatGPT කෙතරම් ජනප්‍රියද?

Swiss bank UBS මඟින් කරන ලද විශ්ලේෂණයකට අනුව, ChatGPT දියත් කර මාස දෙකකට පසුව සක්‍රීය පරිශීලකයින් මිලියන 100 ක් සිටින බව සොයා ගෙන ඇත. එය ටික්ටොක් යෙදුමේ ජනප්‍රියතාවය හා සසඳන විට ටික්ටොක් යෙදුමට පරිශීලකයින් මිලියන 100 වෙත ළඟා වීමට මාස 9 ක් ගත වී ඇත.

ChatGPT හි භාවිතයන් ?

1. ප්‍රධාන වශයෙන් ප්‍රතිචාර ජනනයට – chatbots සහ දුරස්ථ සහයකියන් (virtual assistants) ලෙස
2. කේත (code) ලිවීමට සහ දෝෂ නිරාකරණය (debug) කිරීමට
3. ලිපි සහ බ්ලොග් සටහන් ලිවීමට
4. පරිවර්තන සඳහා
5. ව්‍යාපාර සැලසුම් සහ CV සකස් කිරීමට
6. කතන්දර සහ කවි ලිවීමට
7. සංගීතය සම්බන්ධ අන්තර්ගතය නිර්දේශ කිරීමට

 

දැන් අපි බලමු කොහොමද ChatGPT වෙත පිවිසෙන්නේ කියලා?

1. chat.openai.com වෙත පිවිසෙන්න
2. OpenAI ගිණුමක් සාදන්න.
3. ඔබ එය හා සම්බන්ධ වූ විට ඔබට ChatGPT සමඟ ප්‍රශ්න ඇසීමට සහ කතාබහේ යෙදීමට පටන් ගත හැක.

 

 

මූලාශ්‍ර:

https://www.pcguide.com/apps/what-is-chat-gpt/

https://www.zdnet.com/article/what-is-chatgpt-and-why-does-it-matter-heres-everything-you-need-to-know/