අවසන් වරට යාවත්කාලීන කලේ 2025/05/02

2025 අප්‍රේල් 30 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර මධ්‍ය විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 567 දෙනෙකු පමණ සහභාගී විය. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.