අවසන් වරට යාවත්කාලීන කලේ 2025/05/19
මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
දවසක් උදේ වරුවේ, ලහිරු අම්මගෙ ෆෝන් එක බල බල ඉද්දි මැසේජ් එකක් ආවා.
මේ මැසේජ් එක දැක්ක ගමන් ලහිරුට ලොකු සතුටක් දැනුණා. මැසේජ් එකේ තිබුණ ලින්ක් එක ක්ලික් කරන්නම හිතුණා. ඒත් එකපාරටම ලහිරුට මතක් වුණා, ඉස්කෝලේ ටීච හිතවතී ටීන්ස් හබ් රැස්වීමේදී කියපු දේ:
“ඇදහිය නොහැකි තරම් ආකර්ෂණීය දේ බොහෝ විට වංචාවකි.”
ලහිරු අම්මට මේ ගැන කියලා, ඉක්මනට වාර්තා (රිපෝට්) කරා. හිතවතී ටීන්ස් හබ් සැසියකදි මේ වගේ වංචා (ස්කැම්) රිපෝට් කරන්නෙ කොහොමද කියලා එයා ඉගෙන ගෙන තිබුණා.
එදා ඉඳන් ලහිරු අඳුරන හැමෝටම මේ වගේ වංචා ගැන කිව්වා.
එයා තදින්ම පිළිපැද්ද දේ තමයි:
“එන හැම මැසේජ් එකක්ම විශ්වාස කරන්න එපා. නිතරම විමසිල්ලෙන් බලන්න. ඔන්ලයින් ඉන්නෙ පරිස්සමින්!”
පූර්වාරක්ෂක ඉඟි:
- නොදන්නා අංකවලින් එන පණිවිඩ විශ්වාස නොකරන්න. (විශේෂයෙන්ම ඔවුන් මුදල් හෝ ත්‍යාග පොරොන්දු වන්නේ නම්)
- ක්ලික් කිරීමට පෙර සැමවිටම සිතන්න. ඉතාමත් ආකර්ෂණීය ලෙස පෙනන දේවල් සැබවින් එසේ නොවේ.
- සැක සහිත මැසේජ් ඔබගේ යෙදුම (ඇප්) හරහා රිපෝට් කරන්න. https://www.hithawathi.lk/help-centre/social-media/
- වංචා පිළිබඳව විශ්වාසදායක මූලාශ්‍රවලින් ඉගෙන ගන්න.