අවසන් වරට යාවත්කාලීන කලේ 2025/10/09

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 සැප්තැම්බර් 18 වැනි දින පදියතලාව කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසල් වල සිසුන් සඳහා හිතවතී විසින් පදියතලාව ජාතික පාසලේදී පවත්වන ලදී. මෙම සැසිය මහඔය නැණසල ආයතනය මඟින් සංවිධානය කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දෙන සිසුන් වෙනුවෙන් ආකල්ප සංවර්ධන හා ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩසටහනේ අංගයක් විය. මේ සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 500 දෙනෙකු පමණ සහභාගී විය.