අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/10
2026 සැප්තැම්බර් 8 වන දින කොළඹ දී පැවති ආසියා පදනම මඟින් සංවිධානය කළ බස්නාහිර පළාතේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම තුළින් ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් සයිබර් ආරක්ෂාව පිළිබඳ පාර්ශ්වකරුවන්ගේ සංවාදයට හිතවතී සහභාගී විය. The Asia Foundation හි APAC Cybersecurity Fund වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම සංවාදයට රාජ්‍ය ආයතන, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, පෞද්ගලික අංශය, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs), විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද එක්ව සිටියහ. මෙම අවස්ථාවට පාර්ශ්වකරුවන් 60කට ආසන්න පිරිසක් සහභාගී වූහ.




