අවසන් වරට යාවත්කාලීන කලේ 2023/08/19

හිතවතී පිළිබඳව දැනුවත් කිරීම

2023 අගෝස්තු මස 09 වන දින කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ 2023 .lk සහිත හොඳම වෙබ්අඩවි (BestWeb.lk) සම්මාන ප්‍රදානෝත්සවයේදී LK ඩොමේන් රෙජිස්ට්‍රියේ ව්‍යාපෘතියක් වන හිතවතී ප්‍රවර්ධනය විය. මේ උත්සවය සඳහා ආරාධිතයින්, ජයග්‍රාහකයින්, විනිසුරුවන්, අනුග්‍රාහකයින්, LK ඩොමේන් රෙජිස්ට්‍රියේ කාර්යය මණ්ඩලය සහ මාධ්‍ය වාර්තාකරුවන් ඇතුළත්ව 500 ක් පමණ දෙනා සහභාගී විය.