අවසන් වරට යාවත්කාලීන කලේ 2022/08/01

මුරපදය (පාස්වර්ඩ්)

කළ යුතු දෑ

  • ශක්තිමත් මුරපදයක් නිර්මාණය කිරීම.
  • මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (MFA) සක්‍රීය කර තබා ගැනීම.
  • ආරක්ෂිත පාස්වර්ඩ් කළමණාකරණ මෘදුකාංගයක පාස්වර්ඩ් ගබඩා කර තැබීම.

නොකළ යුතු දෑ

  • මුරපද කඩදාසිවල ලියා තැබිම.
  • අන් අය සමඟ එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද (OTP) බෙදා ගැනීම (ශෙයා කිරීම).
  • සෑම ගිණුමකටම එකම මුරපදයක් භාවිත කිරීම.
  • උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය වැනි පහසුවෙන් අනුමාන කළ හැකි මුරපදයක් භාවිත කිරීම.

ලොගින් වීම

කළ යුතු දෑ

  • ඔබේ උපාංගය භාවිතයෙන් ඔබ කරන දේවල් දෙස යමෙක් බලා සිටින බව හැඟේ නම් ඔබේ බැංකු මෘදුකාංගවල සහ ඔන්ලයින් ගිණුම්වල මුරපද වෙනස් කරන්න.

නොකළ යුතු දෑ

  • වෙනත් අයෙකුට ඔබේ බැංකු මෘදුකාංග සහ ඔන්ලයින් බැංකු ගිණුම් තුළට ඇතුළු වීමට ඉඩ දීම.

සම්බන්ධතාවය (කොනෙක්ටිවිටි)

කළ යුතු දෑ

  • නිතරම ආරක්‍ෂිත අන්තර්ජාල සබඳතාවක් භාවිත කිරීම.

නොකළ යුතු දෑ

  • පොදු Wi-Fi ජාලයක් හරහා ඔබේ ඔන්ලයින් බැංකු මෘදුකාංග වලට පිවිසීම.
  • පොදුවේ පරිහරණය කරන පරිගණක හරහා ඔන්ලයින් බැංකු වෙබ් අඩවි වෙත පිවිසීම.

ලින්ක් සහ වෙබ් අඩවි

කළ යුතු දෑ

  • ඊ-මේල් / මැසේජ් හරහා ලැබෙන ලින්ක් හොඳින් පරික්ෂා කරන්න.
  • ඔබේ බැංකුවේ නම සඳහන් කරමින් ලැබෙන ඊ-මේල් පණිවිඩ පිළිබඳව බැංකුවෙන් විමසීම.

නොකළ යුතු දෑ

  • ඊ-මේල් හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ලින්ක් ක්ලික් කිරීම.
  • එවැනි නොදන්නා ලින්ක් වලින් ඉල්ලා සිටින ඔබේ කාඩ්පත් වල අංක වැනි දෑ ලබා දීම.

උපාංග (ඩිවයිස්)

කළ යුතු දෑ

  • අඟුළු ඇරීමට (අන්ලොක්) මුරපදයක්, ඇඟිලි සලකුණ, PIN අංකයක් වැනි ශක්තිමත් ආරක්ෂණ උපක්‍රමයක් භාවිත කිරීම.
  • භාවිත නොකරන අවස්ථාවේදී උපාංගය අගුළු දමා (ලොක් කර) තිබිය යුතුයි.

නොකළ යුතු දෑ

  • භාවිත නොකරන විටදී බැංකු සේවා මෘදුකාංග හෝ ඔන්ලයින් බැංකු සේවා ගිණුම් වලට ලොග් වී සිටීම.
  • උපාංගය Jailbreak හෝ Root ක්‍රම වලින් වෙනස් කිරීම.

යෙදුම් (ඇප්) සහ මෘදුකාංග (සොෆ්ට්වෙයා)

කළ යුතු දෑ

  • ජංගම දුරකතනයට ඇප්ස් බා ගැනීමේදී සහ ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් වීම.
  • ඇප්ස් වල මූලාශ්‍ර හා එමඟින් ඉල්ලා සිටින පිවිසුම් අවසරයන් පිළිබඳව පරික්ෂා කිරීම.

නොකළ යුතු දෑ

  • නොදන්නා සැපයුම් කරුවන්ගෙන් හෝ තෙවන පාර්ශවීය මුලාශ්‍ර වලින් මෘදුකාංග ඉන්ස්ටෝල් කර ගැනීම.

වෙබ් අඩවි වල ආරක්‍ෂිත භාවය පරික්ෂා කිරීම

කළ යුතු දෑ

  • ඔබ ඔන්ලයින් මිලදී ගැනීම් වලදී ගෙවීම් කටයුතු සඳහා පිවිසෙන වෙබ් අඩවි http:// නොව https:// බව තහවුරු කර ගැනීම.

නොකළ යුතු දෑ

  • ලැබෙන ආරක්ෂක අනතුරු ඇඟවීම් නොසලකා හැරීම.

සැක සහිත කෙටි පණිවිඩ (SMS) සහ ඇමතුම්

කළ යුතු දෑ

  • කෙටි පණිවිඩයක් නම් එවන්නාගේ අනන්‍යතාවය පිළිබඳව පරික්ෂා කිරීම.
  • කෙටි පණිවිඩයේ සඳහන් කාරණා පිළිබඳව බැංකුවෙන් විමසීම.

නොකළ යුතු දෑ

  • ලැබෙන පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම හෝ ඉල්ලා සිටින කාඩ්පත් / ගිණුම් විස්තර ලබා දීම.

ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය

කළ යුතු දෑ

  • පිළිගත් හොඳ ප්‍රති (ඇන්ටි) වෛරස් මෘදුකාංගයක් භාවිත කිරීම.

නොකළ යුතු දෑ

  • කිසිදු අවස්ථාවක ප්‍රතිවෛරස් මෘදුකාංගය අක්‍රිය කිරීම.

පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංග යාවත්කාලින කිරීම

කළ යුතු දෑ

  • උපාංග නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම.
  • මෙහෙයුම් පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාලින (අප්ඩේට්) කර තබා ගැනීම.