අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/18

ඔයත් ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි ගේම් ගහන්න කැමතිද? 🎯 නියමයි නේ! ගේම් ගහන එක මාර ෆන්, මනසට හොඳ විවේකයක් ගන්නත් පුළුවන්.

පොඩ්ඩක් ඉන්න
හැම ගේම් එකම ආරක්ෂිත නැහැ. 🙁 සමහර යෙදුම් (ඇප්) ගේම් වගේම අපිට පේනව, හැබැයි ඒවා මිනිස්සු රවට්ටන්න හදපු ඒවා.

🚨 අවදානම මොකක්ද?

සමහර ව්‍යාජ (ෆේක්) ඇප්,

  • කරදරකාරී ඇඩ් ඉවරයක් නැතුව එවනවා 😖
  • ඔයාගෙන් කැමරා, Location හෝ Contacts පාවිච්චි කරන්න අවසර ඉල්ලනවා.
  • ඔයාගෙ පුද්ගලික විස්තර හොරකම් කරන්න උත්සාහ කරනවා.
  • “Free coins”, “gems” හෝ “cheats” දෙන්නම් කියලා කියනවා, හැබැයි අන්තිමේදී ඔයාගෙ ෆෝන් එක හැක් කරනවා නැත්නම් සල්ලි හොරකම් කරනවා.

ඒ ඇප්ස් ඇත්තටම ගේම් වගේම පේන නිසා වෙනස (වංචනිකද කියලා) අඳුරගන්න අමාරුයි. ඒ නිසා තමයි ඔයා Smart Gamer කෙනෙක් වෙන්න ඕනේ!

🎮 Smart Gamer කෙනෙක් වෙන්න නම්

  • විශ්වාසවන්ත ඇප් Store එකකින් විතරක් ගේම් download කරන්න.
  • ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් reviews බලන්න, අනිත් අය එය ආරක්ෂිතයි කියනවද කියලා බලන්න.
  • Free hacks හෝ gems දෙනවා කියලා අහම්බෙන් එන Links මත ක්ලික් කරන්න එපා.
  • ගේම්වලදී ඔයාගෙ ඇත්ත නම හෝ පින්තූර පාවිච්චි කරන්න එපා.
  • ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) සමඟ හැකි සෑම විටම ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් සක්‍රීය කරන්න.
  • ඔයා අවුරුදු 18 ට අඩු නම්, අලුත් ගේම් එකක් install කරන විට දෙමාපියන් හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකුගෙන් අහන්න.

👨‍👩‍ කුඩා දරු දැරියන්ගේ දෙමාපියන්ට කෙටි සටහනක්

ගොඩාක්ම ව්‍යාජ ක්‍රීඩා ඇප් ළමයින්ව (වයස අවුරුදු 18 ට අඩු අයව) රැවටීමට උත්සාහ කරනවා. ඒ නිසා ඔයාට පුළුවන් මේ විදියට දරුවන්ට උදව් කරන්න.

🗣 ඔන්ලයින් ආරක්ෂාව ගැන දරුවා සමඟ විවෘතව කතා කරන්න.
🔓 දෙමාපිය පාලන (parental controls) යොදාගන්න හානිකර ඇප්ස් අවහිර (බ්ලොක්) කරන්න.
💡 ඔන්ලයින් අවකාශයේ “නොමිලේ” කියන දේවල් ගොඩක් වෙලාවට අවදානමක් එක්ක එන්නෙ කියලා දරුවන්ට කියලා දෙන්න.

මූලාශ්‍ර:
https://www.bitdefender.com/en-gb/blog/hotforsecurity/the-hidden-dangers-of-free-apps-and-games-for-kids
https://www.cert.gov.lk/wp-content/uploads/cyber_gaurdian/issue10/July-News-Letter-2024-English.pdf