අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/25

පේරන්ටල් කන්ට්‍රෝල්ස් යනු මොනවාද?

පේරන්ටල් කන්ට්‍රෝල්ස් කියන්නේ දරුවන්ට සයිබර් අවකාශය තුළ දැකිය හැකි විවිධාකාර දේ පාලනය කිරීමට දෙමාපියන්ට භාවිතා කළ හැකි සැකසුම් (settings) කීපයකි. එමෙන්ම පුද්ගලිකත්ව සැකසුම් (privacy settings) සුරක්‍ෂිත කිරීම හරහා දෙමාපියන්ට තම දරුවන් අන්තර්ජාලය තුළ අත්විඳින (නරක) දේ වලින් ආරක්ෂා කර ගැනීමට ඉඩ සැලසේ

 

පේරන්ටල් කන්ට්‍රෝල්ස් භාවිතා කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

  • මෙය ඔබේ දරුවන්ගේ පරිගණක /ජංගම උපාංග (devices), ඉ-මේල්, සමාජ මාධ්‍ය පැතිකඩ (social media profiles), කෙටි පණිවුඩ (texts) සහ වෙනත් ජංගම දුරකථන ක්‍රියාකාරකම් (mobile functions) නිරීක්ෂණය කිරීමට උපකාරී වේ.
  • ඒ හරහා දරුවන් අන්තර්ජාලයේ කාමුක දර්ශනවලට (online pornography), ලිංගික පණිවුඩ හුවමාරුවට යොමු වීම, තමන්ටම හානි කර ගැනීම, අන්තවාදයට (රැඩිකල්වාදයට) පෙළඹීම වැනි ගැටළු වලට නිරාවරණය වීමේ අවදානම අවම කරයි.
  • එමඟින් පරිගණක ක්‍රීඩා (games) වල ඇතැම් අංග (features) බ්ලොක් කිරීමට ඔබට ඉඩ සලසයි. උදාහරණ ලෙස, ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම, ආගන්තුකයන් සමඟ කතා කිරීම.
  • සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා පරිගණක තිරය දෙස බලා සිටින කාලය (screen time) සීමා කළ හැකිය.
  • දත්ත පෙරනයන් (filter) භාවිතා කිරීම මඟින් සෙවුම් යන්ත්‍ර (search engines) හරහා විවිධ කරුණු සෙවීමේදී ළමයින්ට නුසුදුසු කාමුක දේ දිස්වීම බ්ලොක් කල හැක. උදාහරණ ලෙස,
    ගූගල් හි ආරක්ෂිත සෙවීම (Google’s SafeSearch),

යූටියුබ් හි සීමිත පිවිසුම (Restricted Mode on YouTube)


  • සයිබර් ආරක්ෂණ පුරුදු සහ සයිබර් ආචාර ධර්ම වල වැදගත්කම පේරන්ටල් කන්ට්‍රෝල්ස් මඟින් සහතික කරයි. එම සැකසුම් සාදා ඇත්තේ අවදානම් සහිත ඔන්ලයින් හැසිරීම, අනන්‍යතා සොරකම (identity theft) සහ සයිබර් ආශ්‍රිත නීති වැනි කරුණු ගැන අවධානය යොමු කරමිනි.
  • බඳවා ගැනීම් පටිපාටියේදී සමහර සංවිධාන විසින් සලකා බලන ළමයින්ගේ ඔන්ලයින් කීර්තිය (online reputation) ආරක්ෂිතව තබා ගැනීමට මෙය මහත් පිටුවහලක් වේ. (ළමයින් ට තමන්ගේ “අන්තර්ජාලයේ කීර්තිනාමය” (online reputation) රැකගැනීම වැදගත් වනු ඇත, මන්ද අනාගතයේ රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ දී ඇතැම් ආයතන විසින් මෙය සලකා බලනු ඇත)
  • ප්‍රයෝජනවත් දත්ත ආරක්ෂිතව තැන්පත් (data back-up) කර තබා ගත හැක. (උදා: ව්‍යාපෘති, ඩිජිටල් මතකයන්)
  • දරුවන්ගේ වයස අනුව ගැලපෙන පේරන්ටල් කන්ට්‍රෝල්ස් තෝරා ගත හැක.
  • ඔබට වෙනත් තැනක සිට ළමයින් සිටින ස්ථානය නිරීක්ෂණය කල හැක.

කිසිම දෙමාපියෙකුට ඉහත සඳහන් ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය. එබැවින්, නිසි තොරතුරු අධ්‍යනය කර ඒවා අදාළ කර ගනිමින් ඔබේ දරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය වේ.

පේරන්ටල් කන්ට්‍රෝල්ස් සඳහා මාර්ගෝපදේශයක්

සයිබර් අපරාධවලට නිරන්තරයෙන් ගොදුරු විය හැකි ලෝකයක, ඇප්ස්ටෝර් (Appstore) / ප්ලේස්ටෝර් (Playstore) වෙතින් පවා ඩවුන්ලෝඩ් කර ගත හැකි අදාළ යෙදුම් (apps) භාවිතා කරමින් පේරන්ටල් කන්ට්‍රෝල්ස් සකස් කර ගැනීම ඉතා වැදගත් වේ. එමෙන්ම, ඔබේ දරුවන් සමඟ මුල් අවධියේදීම හා නිරතුරුව කථා කිරීම, පරිගණක භාවිතා කිරීම සඳහා සුදුසු වේලාවන් තෝරා ගැනීම සහ ඔබේ අත්දැකීම් ඔවුන් සමඟ බෙදා ගනිමින් විවෘත වීම, දරුවන්ට සයිබර් අවකාශයේ ආරක්ෂිත ඉඩක් නිර්මාණය සඳහා ධනාත්මකව බලපායි. එය තීරණය කිරීමට ඔබට උපකාරී වන උපදෙස් කිහිපයක් මෙන්න.

අන්තර්ජාල සයිබර් ආරක්ෂණ උපදෙස්

  • මෘදුකාංග සහ යෙදුම් යාවත්කාලීන කිරීම් (Software & Application Updates) : ඒවා අප්ඩේට් කර තබා ගැනීම ඉතා වැදගත්ය.
  • මුරපද (Passwords) ආරක්ෂා කිරීම : පාස්වර්ඩ් මැනේජ්මන්ට් (password management) මෘදුකාංග විසඳුම් භාවිතයෙන් මෙය කල හැකිය.
  • ප්‍රති-වයිරස මෘදුකාංග (Anti-Virus Software) : ප්‍රවේශ පාලන (Access Controls), පුළුල් ප්‍රති-වයිරස (Comprehensive Anti-Virus), ඊමේල් පරීක්ෂාව (E-mail Screening), ෆයර්වෝල් (Firewall), ඇන්ටි-මැල්වෙයා (Anti-Malware), ඇන්ටි-ස්පයිවෙයා (Anti-Spyware), ඇන්ටි-කීලොගර්ස් (Anti-Keyloggers), ඇන්ටි-ටැම්පර් (Anti-Tamper) විශේෂාංග, ආක්‍රමණ හඳුනාගැනීමේ / වැළැක්වීමේ ක්‍රමවේද (Intrusion Detection / Prevention), ආරක්ෂක තොරතුරු කළමණාකරණය (Security Information Management), රැන්සම්වෙයා වැළැක්වීම (Ransomeware Prevention) සහ ඇන්ටි-සබ්වර්ෂන් (Anti-Subversion) සහිත මෘදුකාංග නිර්දේශ කල හැක.
  • සැක සහිත ලින්ක්, ඇමුණුම් (attachments) සහ බාගැනීම් (downloads) : අනිෂ්ට මෘදුකාංග ආසාදනය (malware infection) හෝ අනවසර උදුරා ගැනීම් (hacking) මේ හරහා සිදු වේ.
  • ෆිෂිං වංචා (Phishing Scams) : ඒවා සමඟ කටයුතු කිරීමේ අවදානම පිළිබඳව ළමයින්ට අනතුරු ඇඟවිය යුතුය.
  • දත්ත සහ ස්ථාන නිරීක්ෂණය (Data & Location Tracking) : GPS නිරීක්ෂණය (tracking) හෝ ස්ථාන විශේෂාංගය (location feature) සක්‍රීය කර ගත හැක.

ඔන්ලයින් ගනුදෙනු සඳහා ජාල ආරක්ෂාව (Network Security for Online Transactions)

  • බහු-සාධක සත්‍යාපනය (Multi-Factor Authentication) : මෙය සක්‍රීය කර ගැනීමෙන් ඔබේ ගිණුමට ලොග් වෙන්නේ ඔබම පමණක් බව තහවුරු කර ගත හැක.
  • ක්‍රෙඩිට් කාඩ් විස්තර ගබඩා කිරීම (Save) : ඒවා අන්තර්ජාලය තුළ ගබඩා කර තිබීම අවදානම් සහගත ක්‍රියාවකි.
  • ආරක්ෂිත වෙබ් අඩවි (Secure IP Addresses) : විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික වානිජ්‍යය (ඔන්ලයින් ගනුදෙනු සිදු කරන) වෙබ් අඩවිවල URL (ලින්ක්), https: // සහිත නම් පමණක් ඉදිරියට යන්න.

ඔන්ලයින් විනෝදාස්වාදය (Streaming Online Entertainment) සඳහා ආරක්ෂාව: ක්‍රීඩා (Games), වීඩියෝ, සංගීතය (Music)

  • ඔන්ලයින් වීඩියෝ සහ මියුසික් සජීවීව අත්විඳීම (streaming) : ක්‍රෙඩිට් කාඩ් හෝ පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින පොප්-අප් දැන්වීම් ගැන විමසිල්ලෙන් සිටින්න.
  • ප්ලග්-ඉන් සහ යෙදුම තුළ මිලදී ගැනීම් (Plug-Ins & In-App Purchases) : ඉන්ස්ටෝල් කිරීමට පෙර ඒවායේ නීත්‍යානුකූල බව පරීක්ෂා කරන්න.
  • සමාජ මාධ්‍ය (Social Media) : හිරිහැර සිදුවන මෙම වේදිකා (platforms) පිළිබඳව අවධියෙන් සිටින්න.
  • වීඩියෝ චැට් සහ පුද්ගලික වීඩියෝ ප්‍රවාහය (Personal Video Streaming) : ඔබට සමහර සේවාවන් සීමා කළ හැකි අතර දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් ඔන්ලයින් හැසිරෙන ආකාරයද අවබෝධ කර ගත හැකිය. (උදා: ඔවුන්ගේ ගිණුම් සැකසීම් පුද්ගලික (account settings to Private) බවට පත් කරන්න, ඔවුන් චැට් කරන්නේ කා සමඟද සහ පෝස්ට් කරන්නේ මොනවාදැයි නිරීක්ෂණය කරන්න, තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම / අනන්‍යතා සොරකම (identity theft) හරහා සිදුවිය හැකි හානිය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන්න)

පණිවුඩ යැවීම (Messaging): ඊමේල්, පණිවුඩ (Texts) සහ ක්ෂණික පණිවුඩ (Instant Messages)

  • ඊමේල් : ස්පෑම් ඊමේල් තුළ ඔබව අමාරුවේ දැමීමට ෆිෂිං ස්කෑම් ද අන්තර්ගත වේ.
  • ටෙක්ස්ට් පණිවුඩ යැවීම (Texting), කාමුක පණිවුඩ යැවීම නොහොත් සෙක්ස්ටිං (Sexting) සහ පණිවුඩ සේවා (Messenger Services) : මේවා හිරිහැර කිරීම්, කාමුක අන්තර්ගතයන් කාන්දු වීම් (leaking) සහ අවදානමට ලක්විය හැකි උපාංග හැක් කිරීම් සඳහා පාර කපයි. සෙක්ස්ටිං ඇතැම් විට ළමා කාමුක දර්ශන සැකසීමට යොදා ගන්නා අතර මේ සම්බන්ධයෙන් ඇති පේරන්ටල් කන්ට්‍රෝල්ස් සඳහා ඔබේ ජංගම දුරකථන සේවාදායකයා අමතන්න.

සයිබර් හිරිහැර කිරීම් / බුලීං (Cyber Bullying)

  • ඔබේ දරුවා ගොදුරක් (victim) විය හැකි ලකුණු හඳුනා ගන්න : දෙමව්පියන්ට / අධ්‍යාපනඥයින්ට / දරුවන් බලා ගන්නා ඕනෑම කෙනෙකුට දරුවෙකු උපාංග (devices) ප්‍රතික්ෂේප කරන විට, නිදා ගැනීමේ / ආහාර ගැනීමේදී ආබාධ ඇති වූ විට හෝ මානසික පීඩනයෙන් පෙළෙන විට එම සලකුණු වටහා ගත හැක.
  • හිංසනවලින් ඔවුන්ව ආරක්ෂා කරන්න : කණ්ඩායම් සාකච්ඡාවලට (group discussions) හොම්බ නොදා සිටියට කම් නැති බවත් අන්තර්ජාලය තුළ හෝ පන්තියේදී තර්ක විතර්ක කර ගැටුම් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවත් ඔවුන්ට කියා දෙන්න. එපමණක් නොව, පාස්වර්ඩ් අන් අයට දීම හෝ උපාංග (devices) ගැන සැලකිලිමත් නොවීම ඔවුන්ගේ ගිණුම් හැක් කර අනිසි ලෙස භාවිතයට ඉඩ සලසයි. ඕනෑම දෙයක් ගැන ඔබව දැනුවත් කරන ලෙස හෝ පාසලේ ගුරුවරුන් / අදාළ නිලධාරීන් අමතන ලෙස ඔවුන්ට කාරුණිකව උපදෙස් දෙන්න. එමෙන්ම ඔබේ දරුවාට මෙම කාරණය බරපතල ලෙස බලපාන්නේ නම් ඔබට නීති උපදේශන සහයද පැතිය හැක.

මූලාශ්‍ර:

https://us.norton.com/internetsecurity-kids-safety-top-reasons-to-use-parental-controls.html
https://www.internetmatters.org/parental-controls/
https://www.security.org/resources/protecting-kids-online/
https://www.theguardian.com/technology/2014/aug/11/how-to-keep-kids-safe-online-children-advice