අවසන් වරට යාවත්කාලීන කලේ 2022/09/05

 

පහත දැක්වෙන උපදෙස් මගින් තෝරාගත් උපාංග කිහිපයක් ෆැක්ට්‍රි රිසෙට් (Factory Reset) කරන ආකාරය පිළිබඳ ඔබට දැන ගත හැක.

ඇන්ඩ්‍රොයිඩ් ස්මා(ර්)ට්  දුරකථන

  • පියවර 1 – Settings > General Management වෙත යන්න
    පියවර 2 – පහළට ගොස් Reset > Factory data reset තෝරන්න
    පියවර 3 – Reset බොත්තම ක්ලික් කරන්න

සටහන – ඉහත උපදෙස් නිෂ්පාදකයා සහ ස්ථාපනය (ඉන්ස්ටෝල්) කර ඇති ඇන්ඩ්‍රොයිඩ් වර්ගය අනුව තරමක් වෙනස් විය හැක. එවැනි අවස්ථාවන්හිදී “factory reset <device> <Android version>”  ලෙස සොයන්න (ස(ර්)ච් කරන්න).

අයි ෆෝන්/ අයි පෑඩ්

  • පියවර 1 – Settings > General > Transfer හෝ Reset වෙත යන්න
    පියවර 2 – passcode හෝ Apple ID පාස්වර්ඩ් ඉල්ලූ විට ලබා දෙන්න
    පියවර 3 – “erasure” යන්න (මකා දැමීමේ ක්‍රියාව) තහවුරු කර විනාඩි කීපයක් බලා සිටින්න

වින්ඩෝස් 10 පරිගණකය

  • පියවර 1 – Settings වෙත යන්න > Update and Security > Recovery තෝරන්න
    පියවර 2 – Reset this PC > Get started තෝරන්න
    පියවර 3 – Remove everything තෝරන්න
    පියවර 4 – සියළුම drives තුලින් සි‍යළු පෞද්ගලික දත්ත මැකීමට තහවුරු (confirm) කරන්න
    පියවර 5 – වින්ඩෝස් නැවත ඉන්ස්ටෝල් කරන්න
    පියවර 6 – අවසානයේ Restore ඔබන්න

වින්ඩෝස් 11 පරිගණකය

  • පියවර 1 – Settings වෙත යන්න
  • පියවර 2 – ඉන්පසු Windows update > Advanced Options වෙත යන්න
  • පියවර 3 – Recovery ක්ලික් කරන්න
  • පියවර 4 – Recovery කොටසේ “Reset this PC” විකල්පය තෝරන්න
  • පියවර 5 – ඔබට ඔබේ ගොනු (files) පරිගණකයේ තබා ගැනීම හෝ සියල්ල මකා දැමීම අතුරින් ඔබ කැමති විකල්පය තෝරා ගත හැක.
  • පියවර 6 – ඊළඟට, ඔබ වින්ඩෝස් නැවත ස්ථාපනය (ඉන්ස්ටෝල්) කිරීමට කැමති ආකාරය තෝරන්න (Cloud download හෝ Local reinstall)
  • පියවර 7 – ක්‍රියාවලිය ආරම්භ කිරීමට අවසාන වශයෙන් Reset මත ක්ලික් කරන්න

වින්ඩෝස් හි වෙනත් අනුවාද (වර්ෂන්)

Windows XP, Windows Vista, Windows 7 and Windows 8 යන උපාංග වල ෆැක්ට්‍රි රිසෙටිං කරන ආකාරය පිළිබඳ දැන ගැනීමට මෙම සබැඳිය (ලින්ක්) මත ක්ලික් කරන්න.

මූලාශ්‍ර:
https://www.forbes.com/sites/daveywinder/2022/03/19/why-you-should-factory-reset-everything-a-privacy-101-for-2022/?ss=cybersecurity&sh=1e09b49d111f
https://neosmart.net/wiki/restore-to-factory-settings/
https://fossbytes.com/how-to-reset-windows-11