අවසන් වරට යාවත්කාලීන කලේ 2022/01/20

පින්තූර විකෘතිකිරීම (Morphing / මෝෆිං) යනු කුමක්ද?

මෝෆිං යන වචනය ග්‍රීක වචනයක් වන මෙටාමෝර්ෆොසීස් යන වචනයෙන් උපුටා ගන්න ලද්දකි, එහි තේරුම වෙනස් කිරීම යන්නයි. මෝෆින් යන්නෙහි තේරුම පින්තූර සියුම් ලෙස වෙනස් කිරීමයි.
උදාහරණයක් වශයෙන් හාවෙක් මකරෙකු ලෙස වෙනස් කිරීම.

මෝෆිං තාක්ෂණයෙක් පින්තූර වෙනස් කිරීම පසුගිය අවුරුදු කිහිපය තුල ඉතා දියුණු වී ඇති අතර වෙනස් කරන ලද පින්තූර සත්‍ය පින්තූර මෙන් දිස් වේ.

කාන්තාවන්ගේ පින්තුර විකෘති කිරීම හා ඔවුන් බ්ලැක්මේල් කිරීම

බොහෝ පුද්ගලයන් සමාජ ජාලා වලට පින්තූර ඇතුළු කරන අතර ඔවුන්ගේ ගිණුම් වල පෞද්ගලිකත්ව සැකසුම් සකස් කර නොමැති නම්, සයිබර් අපරාධකරුවන් එම පින්තූර වලට ප්‍රවේශ වී ඒවා විකෘති කර ලිංගිකත්ව (sexting) සහ ඔන්ලයින් කාමුක දර්ශන ප්‍රවර්ධනය සඳහා යොදා ගනී. බොහෝ විට සයිබර් අපරාධකරුවන් මොර්ෆිං / පින්තූර විකෘති කිරීම් සිදු කරයි, එනම් යම් පුද්ගලයෙකුගේ පින්තූර ඔවුන්ගේ අනුදැනුමෙන් තොරව විකෘති කරනු ලබයි. අද වන විට පින්තූර විකෘති කිරීම කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන ප්‍රධාන මාර්ගගත අපරාධයක් බවට පත්ව ඇත.

මෙය ප්‍රසිද්ධ පුද්ගලයන් පමණක් නොව අන්තර්ජාලයේ සැරිසරන බොහෝ කාන්තාවන්ට හා පුරුෂයින්ට පොදුවේ මුහුණ පෑමට සිදුවන ගැටළුවකි.

කාන්තාවන්ගේ පින්තූර මෙලෙස විකෘති කර වැඩහිටි වෙබ් අඩවි වල පළ කර ඔවුන්ගෙන් මුදල් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධි පවා වාර්තා වී ඇත.

විකෘති කරන ලද පින්තූරයක් හඳුනාගන්නේ කෙසේද?

විකෘති කරන ලද පින්තූර හඳුනා ගැනීම මනුෂ්‍යයන්ට සාමාන්‍යයෙන් අපහසු වේ. එවැනි පින්තූර හඳුනාගැනීම සඳහා භාවිතා කළ හැකි ක්‍රම කීපයක් පහත දැක්වේ.

  1. ඩිජිටල් ෆොරෙන්සික් ක්‍රමවේද
    Fotoforensics.com යනු විශිෂ්ට ව්‍යාජ රූප අනාවරක (හඳුනා ගන්නා) වෙබ් අඩවියකි. එය වෙනස් කරන ලද රූපයේ කොටස් සොයා ගැනීමට Error Level Analysis (ELA) නම් තාක්ෂණය භාවිතා කරයි.
    * මතක තබා ගන්න, මුල් / ඔරිජිනල් රූපයක් නම් – සමාන දාරවල සමාන දීප්තියක් තිබිය යුතු අතර, ELA ප්‍රතිඵලයේ සමාන වයනයෙහි සමාන වර්ණ ගැන්වීම් තිබිය යුතුය.
  2. රූපයක් ඩිජිටල් කැමරාවක් හරහා ග්‍රහණය කර ගත් විට, එය දිනය, වේලාව, කැමරා ආකෘතිය, භූ පිහිටීම යනාදී තොරතුරු සමූහයක් රූප ගොනුවට එකතු කරයි. මෙය මෙටාඩේටා ලෙස හැඳින්වේ.
    * Imageedited.comසංස්කරණය (එඩිට්) කර තිබේද නැද්ද යන්න පැවසීමට මෙම මෙටාඩේටා භාවිතා කරයි.
  3. ප්‍රතිලෝම රූප සෙවීම – Reverse image search
    Google reverse image search(ගූගල් ප්‍රතිලෝම රූප සෙවීම) රූපයේ මුල් මූලාශ්‍රය සොයා ගැනීමට හොඳ ක්‍රමයකි. මෙහි දී, Google පිංතූර සෙවුම් තීරුවට ඡායාරූපය ඇද දමන්න නැත්නම් උඩුගත (අප්ලෝඩ්) කරන්න, එවිට එය එම රූපයේ සියලුම මූලාශ්‍ර ගෙන එනු ඇත.
  4. ආලෝකය සහ සෙවනැලි – ආලෝකයේ සහ සෙවනැලිවල අක්‍රමිකතා සහ විෂමතා පහසු ඉඟි වේ.
  5. සුපරීක්ෂාකාරී නිරීක්ෂණය සහ සාමාන්‍ය බුද්ධිය

රූපය දෙස හොඳින් බැලීමෙන් එහි සත්‍යතාවය හඳුනා ගැනීමට හැකි වේ.

මූලාශ්‍රය: https://www.techopedia.com/definition/31453/morph