අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/10

මෙහි සඳහන් නම් සහ ස්ථාන උපකල්පිත ය.

ශිවා අම්පාර ප්‍රදේශයේ ජීවත් වන දමිල පිරිමි ළමයෙකි. සොබාදහමට ප්‍රිය කරන ඔහුගේ විනෝදාංශය ඡායාරූපකරණයයි. 2012 දී ඔහු උසස් පෙළ විභාගය සමත් වූ විට ඔහුගේ මව විසින් නවතම මාදිලියේ ජංගම දුරකථනයක් තෑගි කළාය. මෙය ඔහුට ලද පලමු ජංගම දුරකථනයයි. ඔහු ඉතා සතුටට පත් විය. කෙසේ වුවත් ශිවාට මෙම දුරකථනයේ ක්‍රියාකාරීත්වය සහ එය පාවිච්චි කරන ආකාරය ගැන කිසිදු අවබෝධයක් තිබුනේ නැහැ. -.ඒනිසා ඔහු මෙය රැගෙන තම මිතුරන් හමුවීමට ගියේය. ඉන්පසු ඔවුන් ඔහුට ක්‍රියා කරන ආකාරය ඉගැන්වූ අතර අදාල ඇප්ස් ආදිය ස්ථාපනය කලහ. ඔහු වෙනුවෙන් ෆේස්බුක් ගිණුමක් ද සාදාදී ෆේස්බුක් භාවිතා කරන ආකාරය ඔහුට කියා දුන්නේය. මෙවැනි අලුත් දේ ගැන ගවේෂණය කිරීම ඔහු ඉතා ප්‍රිය කළ අතර අන්තර්ජාලය හරහා අත්දැකීම්, තොරතුරු සහ සිතුවිලි බෙදාහදා ගන්නා ඔහුගේ මිතුරන් සමඟ සම්බන්ධ වීමට ඔහු පුරුදුව සිටියේය. ඔහු ජංගම දුරකථනය භාවිතයෙන් ඡායාරූප ගැනීම වඩාත් කැමතී වුනා. – ශිවා කාලයත් සමඟ තම දුරකථනයේ සියළු වැඩ දැමීමට හොඳින් හුරුපුරුදු වූ අතර ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමට සම්බන්ධ වී සම්බන්ධතා පවත්වාගෙන තිබුනා. ඒ අතර සමහර ෆේස්බුක් මිතුරන් ඔහු හරියට හඳුනන්නේ ද නැත.

දිනක් ඔහුට ඉන්දියානුවෙකු ලෙස පෙනී සිටින පුද්ගලයෙකුගෙන් ෆේස්බුක් මිතුරු ඉල්ලීමක් ලැබුණි. ශිවා එම ඉල්ලීම පිළිගෙන නව ඉන්දියානු මිතුරා සමඟ කතාබස් කිරීමට පුරුදුව සිටි අතර පසුව ඔහුගේ නව මිතුරා කාන්තාවක් බව දැන ගත්තේය. ඇය කාන්තාවක් නිසා ශිවාට චැට් කරන එක නතර කිරීමට අවශ්‍ය වූ නමුත් “නව මිතුරා” ඔහුගේ ඡායාරූප අගය කරමින් ඔහුගේ ඡායාරූපකරණ ඔහුගේ දිරිමත් කරන අවංක මිතුරෙකු බවට පත්විය.
ශිවා ඡායාරූප ශිල්පියෙකු ලෙස වැඩ ආරම්භ කිරීමේදී නව ඉන්දියානු මිතුරාගේ සහාය ඇතිව නවතම මාදිලියේ කැමරාවක් ද මිලදී ගත්තේ ය. මේ වන විට මේ දෙදෙනාගේ මිත්‍රත්වය ඉතා ශක්තිමත් වී තිබුණා. . ඒ නිසාවෙන්, ශිවා තම පෞද්ගලික තොරතුරු, පවුලේ සහ ඔහුගේ ඡායාරූප ආදියද ඉන්දියානු නව මිතුරා සමඟ හුවමාරු කර ගත්තේය.

දිනක් ශිවාට ඉන්දියානු මිතුරාගෙන් ලැබුණු වීඩියෝ ඇමතුමකදී ඔහුගේ ශරීරයේ අංග (නිරුවත්) පෙන්වන ලෙස පණිවිඩයක් ලැබුණු අතර මෙයට එකඟ නොවුනොත් ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඡායාරූප ලැජ්ජා සහගත ලෙස අන්තර්ජාලය පුරා මුදා හරින බවට ඔහුට තර්ජනය කරන ලදී. මේ අවස්ථාවේ දී කළයුතු දෙයක් නොදැන අසරණ වූ ශිවා, අකමැත්තෙන් වූවත්, ඉන්දියානු මිතුරාගේ ඉල්ලීමට එකඟ විය.

මෙම සිද්ධිය කිසිවෙකුට පැවසීමට නොහැකිව ඔහු ඉතා දැඩි ලෙස පීඩාවට පත් විය. මේ ආකාරයට නිතර නිතර ඔහුගේ නව ඉන්දියානු මිතුරා විසින් ශිවාව අන්තර්ජාලය හරහා ලිංගික අතවර කරමින් බ්ලැක්මේල් කිරීම සිදු කලඅතර, මෙය ශිවාට දැඩි මානසික ආතතියක් ඇති කළේය. මේ අවස්ථාවේ ශිවාට තම පවුල ආරක්ෂා කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.  මේ වන විට ශිවා තමාට සිදු වී ඇති දැඩි මානසික කම්පාව දරා ගැනීමට නොහැකිව අසාමාන්‍ය පුද්ගයකු බවට පත් වී, ඔහු ඔහුගේ සමීප මිතුරන් සමඟද සම්බන්ධතා නැති මට්ටමකට පත්ව සිටියා .
දිනක් උදෑසන ඔහුට සියදිවි නසා ගැනීමට සිතිවිල්ලක් ඇති විය.

එසේ වූයේ නම් ඔහු දැන්… නෑ..
ඔහුගේ ඉරණම එතරම් නරක වූයේ නැත!

හදිසියේම යම් සිතුවිල්ලක් ඔහුගේ මතකයට පැමිණි අතර ඔහු තමන්ගේ ගැටලුවට උදව් සෙවීම සඳහා අන්තර්ජාලය හරහාම සෙවීම සිදු කලා. එහිදී ඔහුට හිතවතී ගැන සොයාගන්නට පුලුවන් වුණා.ඔව්- ඔහු වැරදි ක්‍රියාවක් සිදු කිරීමට පෙර අවසාන වශයෙන් උත්සාහයක් ගත්තා….
ශිවා හිතවතීට ඇමතුමක් ලබාදුන්නා… ඔහු ඔහුගේ කතාව – හිතවතීට කිව්වා. ඒකට විනාඩි 45 කට වඩා ගත වුණා. හිතවතී හොට්ලයින් හි නියෝජිතවරිය ඔහුට ඉතා ඉවසිලිවන්තව ඇහුම්කන් දී ඉතා පැහැදිලිව ඉදිරියට කළයුතු දෑ පිළිබඳව උපදෙස් දුන්නා. වාසනාවකට මෙන්, ශිවා ලබා දුන් උපදෙස් තේරුම්ගත හැකි බුද්ධිමත් පිරිමි ළමයෙක් වූ අතර ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ කතාව යමෙකුට පැවසීමට සහ ඔහු කළ දේවල් හරිද වැරදිද යන්න තහවුරු කර ගැනීමටයි. හිතවතීගේ උපදෙස් හා සහාය ඇතිව වඩාත් ධනාත්මක වූ ශිවා, ඔහුගේ මනස ශක්තිමත් කර ගත් අතර ක්‍රමයෙන් ඔහු යයථා තත්ත්වයට පත්වී නැවතත් සුපුරුදු ශිවා ලෙස වෙනස් වීමට හැකි වුණා.

සතියකට පසු, හිතවතී හොට්ලයින් වෙත ඇමතුමක් ලැබුණි – ““ හෙලෝ හිතවතී! , මම ශිවා, සියලු උපදෙස් වලට බොහොම ස්තූතියි ගොඩාක් පින් ඔබලාට, ඔයාලා මාව නැවතත් මා බවට පත් කරා… ස්තූතියි…!

Precaution tips:

  • නොදන්නා මිතුරු ඉල්ලීම් (ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්) පිළිගැනීමෙන් වැළකී සිටීම වඩා හොඳය.‍‍
  • ඔබ ඔන්ලයින් චැට් කරන්නේ කා සමඟද යන්න ගැන සැලකිලිමත් වන්න, හේතුව ඔවුන්ගේ අරමුණ කුමක්ද (කාලය ගෙවීමටද, වංචාවටද යනාදී) පිළිබඳව අපි නොදැනුවත් විය හැකියි.