අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

ව්‍යාපාරිකයකු වන මොහොමඩ් වෙත ඉමේල් පණිවුඩයක් ලැබුණු අතර එහි සඳහන් වී තිබුණේ; කිසියම් සමාගමක් විසින් ඔහුගේ විස්තර සඳහන් කර ඇති ලිපියක් සමඟ එවන ලද පාර්සල් කිහිපයක් රේගුව වෙත ලැබී ඇති අතර හැකි ඉක්මනින් ගොස් ඒවා ලබා ගන්නා ලෙසත්, සැකසීමේ ගාස්තු වන ඩොලර් 3000ක මුදලක් භාණ්ඩ ලබා ගැනීමට ප්‍රථම ගෙවිය යුතු බවත් ය.

පූර්ව ආරක්ෂක උපදෙස්: ඔබ අන්තර්ජාලය හරහා කිසියම් භාණ්ඩයක්/භාණ්ඩ මිලදී ගත්තේ නම්, අනිවාර්යයෙන්ම ඔබ ඒ ගැන දැනුවත් අතර කිසිම ආකාරයකින් ඔබට අදාල භාණ්ඩ පාර්සල් රේගුවට යන්නේ නැත.