අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

ජැක්සන් අන්තර්ජාලය ඔස්සේ රැකියා සඳහා අයදුම් කරයි. ඔහු ඔහුගේ ජීව දත්ත පත්‍රිකාව ආයතන කිහිපයක් වෙත යවයි. දිනක් උදෑසනක ඔහු ඉමේල් පරීක්ෂා කරමින් සිටියදී, හදිසියේම කිසියම් විදේශීය සමාගමකින් ඉමේල් පණිවිඩයක් ලැබී තිබෙනු දුටුවේය.

ඉතා ආකර්ශණීය වැටුපක් සහිතව එම ආයතනයේ කිසියම් තනතුරක් සඳහා ඔහු තෝරා ගෙන තිබේ. කිසිඳු දුරකථන ඇමතුමක් හෝ සම්මුඛ සාකච්ඡාවකින් තොරතව ජැක්සන් එම ආයතනයේ රැකියාවක් සඳහා තෝරා ගැනීම ඔහුට සැක සහගත විය.

ජැක්සන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාල කෙනෙකු නිසා ඔහු මෙම ආයතනය පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමට සිතුවේය. ඒ අනුව ඔහු එම සමාගමේ නම සහ රැකියා අවස්ථාව පිළිබඳව ඔහුට ලැබුණු ඉමේල් එකින් එක ගූගල් කරන ලදී. ඒ අනුව ඔහුට ලැබුණු ඉමේල් සහ රැකියාව ගැන දන්වා එවූ සියළු දේ වංචාවක් බව තහවුරු කර ගත් අතර එම වංචාව මගින් සිදු කරනු ලැබුවේ අදාල ඉ-තැපැල් ලිපිනය භාවිතා කර බොරු රැකියා අවස්ථා ලබා දෙන ලෙස පවසා, එම පුද්ගලයන්ගෙන් ලියාපදිංචි ගාස්තුවක් අයකරගැනීමයි.

පූර්ව ආරක්ෂක උපදෙස්:
ඔබට මෙවැනි ඉමේල් පණිවිඩ ලැබෙන්නේ නම්, සමාගම/ ආයතනය පිළිබඳව දැනගැනීමකින් තොරව ඔබගේ පෞද්ගලික තොරතුරු හුවමාරු කිරීමෙන් වලකින්න.