අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

නව පිවිසුම් පද්ධතිය තුළ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කිරීමට සබැඳියක් ලබා දුන් පහත දැක්වෙන පණිවුඩය රෙනෝල්ඩ්ට ලැබිණි.

ඒ අනුව ඔහු සබැඳිය ක්ලික් කර පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කළ නමුත්, දෝෂයක් හේතුවෙන් ඔහුට එහි ඉදිරියට යා නොහැකි විය. ඔහුගේ ෆේස්බුක් ගිණුමටවත් පිවිසිය නොහැකි විය.

පසුව ඔහුගේ ෆේස්බුක් ගිණුම අනවසරයෙන් උදුරාගෙන ඇති බවත්, ගිණුම නැවත අවශ්‍ය වේ නම් දී ඇති බැංකු ගිණුමට ඩොලර් 100 ක් බැර කරන ලෙසත් ඔහුට දන්වා ඉ-තැපෑලක් ලැබුණි. එසේ නොමැති වුවහොත් එය ඔහුගේ නමට නරක රූපයක් සහිතව හානි කර විය හැකි බවද එහි සඳහන් විය.

පූර්ව ආරක්ෂක උපදෙස්:
නාඳුනන අය විසින් එවන සබැඳි ක්ලික් නොකරන්න.