අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/10

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

එක්තරා නිවාඩු දින උදෑසනක ජැසන් වෙත ඔහුගේ ඉතා කිට්ටු මිතුරකුගෙන් ඉමේල් පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වී ඇත්තේ;

“ හිතවත් සහෝදරයා, මේ මොහොතේ ඔබට කරදර කිරීම ගැන කණගාටුයි. නමුත් මට දැන් ඔබගෙන් ලොකු උදව්වක් අවශ්‍යයි. මට පොඩි කරදරයක් වුණා. මගේ බෑගය ගුවන්තොටුපලේ වැසිකිළියේ අමතක වී දමා ඇවිත් ඇති අතර මාගේ දුරකථන අංකය, මුදල්, කාඩ්පත් ආදිය සියල්ලක්ම ඇත්තේ ද ඒ තුලයි. තව පැය කිහිපයකින් මගේ ව්‍යාපාර වැඩ වලට මම ඉන්දියාවට යනවා ආයෙ එන්නේ අනිද්දා. ඔයාට පුළුවන්ද රුපියල් ලක්ෂ දෙකක් පහත සඳහන් ගිණුමට දාන්න. මගේ ලඟ ඉන්න කෙනාගේ ගිණුම් විස්තර පහත සඳහන් වෙනවා ඔයා සල්ලි දාපු ගමන් මම එයාගෙන් ගන්නම්.”

Name: Claudiax Fernandez
Bank: PQRS Bank
Account Number: 1111 2222 3333 4444

මට මේ මුදල් ඉතා හදිසියි. මා නැවත පැමිණි වහාම ඔබට මෙම මුදල් ලබා දෙන්නම්. මේ අවස්ථාවේදී ඔබ මාවෙනුවෙන් කරන මේ උදව්ව මම කවදාවත් අමතක කරන්නේ නැහැ. ස්තූතියි.

පූර්ව ආරක්ෂක උපදෙස්: 
ඔබට මෙවැනි ඉමේල් පණිවිඩයක් ලැබුණහොත්;
අදාල පුද්ගලයාට හෝ ඔහුගේ ඥාතියකුට කතා කර මේ පිළිබඳව තහවුරු කර ගන්න.