මෙහි එන නම් ගම් මනංකල්පිතයි.

එක් උදෑසනක හිතවතීට ලලිතා නමැති කාන්තාවගෙන් ඇමතුමක් ලැබුණා. හිතවතී ඇමතුමට පිළිතුරු දෙමින් ;
“සුබ උදෑසනක්. කෙසේද අපි ඔබට උදව් කරන්නේ? ”

ඉන්පසු ඇය කිසිවක් නොකියා තත්පර 20 ක් පමණ හඬන්නට වූවාය. ඉන්පසු ඇය ඇගේ විස්තරය පැවසුවාය.

“මම ලලිතා, මට වයස අවුරුදු 46 යි. මම විවාහකයි, දරුවන් තිදෙනෙක් ඉන්නවා . මගේ සැමියා රජයේ කාර්යාලයක සේවය කරනවා. මම උසස් පෙළ පන්තිවල සිටියදී මගේ පාසලේම පිරිමි ළමයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. අපි පන්තිවල දී එකිනෙකා මුණගැසී කතාබහ කලා එකට ඡායාරූපත් ගත්තා. ඔහොම ටික දවසක් යනකොට ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනා කියල මට දැනගන්න ලැබුණා. ඉතින් මම ඒ සම්බන්ධය නැවැත්වුවා. කොහොමහරි මේ මෑතකදී මගේ යාළුවන් කීපදෙනෙක් මට කිවුවා, මගේ නමින් හා ෆොටෝ එකක් ඇති ෆේස්බුක් ඔවුනට මිතුරු ඉල්ලීම් ලැබුණු බව. ඒ වුනාට මිස් ඒ කියන ෆේස්බුක් ගිණුමේ ප්‍රොෆයිල් ෆොටෝ එකට තිබුණෙ මීට අවුරුදු 20 කට කලින් මම පාසල් යන කාලෙ ගත්ත ෆොටෝ එකක්. ඉතින් මට හිතුනා මේක කවුරු හරි මගේ තොරතුරු පාවිච්චි කරල හදපු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් කියල. අනේ මිස්, කරුණාකරල මට මේ ව්‍යාජ ගිණුම වාර්තා කරල ඉවත් කරගන්න , මට උදව් කරන්න. ”

ඇය ලබාදුන් තොරතුරුවලට අනුව, හිතවතී තවදුරටත් එම තොරතුරු පරීක්ෂා කරල එම ව්‍යාජ ගිණුම ඉවත් කර ගැනීමට උදව් කළා. නීතිමය කටයුතු පිළිබඳවද උපදෙස් හා නිසි මගපෙන්වමින් ඇයට උදව් කළා. එපමණක් නොව, මෙම කාර්යය සිදුකල පුද්ගලයා පිළිබඳව නිතීමය පිහිට ලබා ගැනීමට – 1938 දුරකථන අංකය ඔස්සේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ – කාන්තා උපකාරක අංශයට කතා කරන ලෙස – හිතවතී ඇයට උපදෙස් දුන්නා. මීට අමතරව, මේ අනපේක්ෂිත සිදුවීම් නිසා ඇය අධෛර්යයට පත්වෙලා ඉන්නවා නම්, 1926 දුරකතන අංකය ඔස්සේ – විශේෂ මානසික සෞඛ්‍ය හොට්ලයින් එක හෝ 0112 674 436 දුරකතන අංකය ඔස්සේ – සුමිත්‍රයෝ අමතන ලෙසත් ඇයට උපදෙස් දුන්නා. ලලිතාගෙ ඇඬීම නතරවුණේ මේ හැම දෙයක්ම හොඳින් සිදුවේය යන හැඟීමෙන්. අවසානයේ ඇයගේ ගැටළුවට හරි පිළතුරු ලැබුණා. ඈ හිතවතීට බෙහෙවින් ස්තූති කළා.

පූර්වාරක්ෂාව ඉඟි: