අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි සඳහන් නම් හා ස්ථාන මනඃකල්පිත වේ.

ලසිත පාසල් ගුරුවරයෙකු වූ අතර පෞද්ගලික උපකාරක පන්ති වල නිරත විය. පෞද්ගලික පන්තියේ සිටින විට ඔහු සාමාන්‍යයෙන් ජංගම දුරකථනය ක්‍රියා විරහිත කරයි. පන්තිය අවසන් වූ විගස, දුරකථනය ක්‍රියා කළ ලසිත ට දැකගත හැකි වූයේ X‍YZ බැංකුවේ පණිවිඩ කිහිපයක් වන අතර ඔහු පුදුමයට පත් විය. ඔහුගේ සියළු ගිණුම් පැවතියේ මෙම බැංකුවෙහිය.


ලසිත: මම කිසිම ට්‍රාන්ස් ඇක්ෂන් එකක් කරන්නේ නැතුව ඇයි බැංකුවෙන් මැසේජ් එන්නෙ 💭

ඔහුට බැංකුවෙන් එක් පණිවිඩයක් ලැබුනේ OTP(එක් වරක් ලැබෙන මුරපදය) සඳහන් කර ඇති අතර තවත් පණිවිඩයක් වූයේ රුපියල් 25,000ක් ඔහු කිසි දිනෙක අසා නැති නමක් ඇති නාඳුනන ගිණුමකට මාරු කළ බවයි.

ටික වේලාවකට පසු නාඳුනන පුද්ගලයෙකුගෙන් ලසිත්ට මැසෙන්ජර් හරහා පණිවිඩයක් ලැබුණු අතර එම පණිවිඩයේ පැහැදිලි අන්තර්ගතයක් නොමැති විය. මෙම පණිවිඩය එවන ලද පුද්ගලයාගේ සහ ලසිත ගේ ගිණුමෙන් මුදල් හුවමාරු වන ලද නාඳුනන ගිණුම් හිමියාගේ නම එකම විය.

මේ අතරතුර ලසිතට ඔහුගේ මිතුරන්ගෙන් ඇමතුම් ලැබුණි.

1 වෙනි මිතුරා : මචං මට පොඩි වෙලාවක් දෙන්න සල්ලි ටික එවන්නම්

ලසිත:මොකක්ද? මට සල්ලි ඕන නෑ😳

1 වෙනි මිතුරා : එහෙනම් මට මැසෙන්ජර් වල මැසෙජ් එකක් දාලා තිබ්බේ

ලසිත: මැසෙජ් 😵😵😵

ලසිත ඉක්මනින්ම ඔහු යැවූ මැසෙන්ජර් පණිවිඩ පරීක්‍ෂා කළ අතර හදිසි කාරණයක් සඳහා මුදල් ඉල්ලා ඔහුගේ මිතුරන් බොහෝමයකට පණිවිඩ යවා ඇති බව පසක් විය.

2 වෙනි මිතුරා: ලසිත කොහොමද? මම ඔයාගෙ අකවුන්ට් එකට සල්ලි වගයක් දැම්මා

ලසිත: අයියෝ 🤕 මම මේක ගැන දන්නේ නෑ. පස්සේ විස්තරේ කියන්නම්

ලසිත ඉක්මනින්ම ඔහුගේ බැංකු ගිණුම අවහිර කළ අතර, ඔහු මෙම තාක්‍ෂණික කරුණු ගැන මඳක් දැන සිටියේය. ඒ නිසා ඔහු සෙමින් මේ ගැන සිතන්නට පටන් ගත් අතර හිතවතී ආයතනයේ සේවය කරන ඔහුගේ මිතුරෙකුටද කතා කළේය.

ලසිත ට, ඔහුගේ විද්‍යුත් තැපෑල හැක් වී ඇති බවත් හැකර්වරයා ඉතා බුද්ධිමත්ව බ්‍රව්සරය තුළ සුරකින ලද කුකී වලින් ඔහුගේ මාර්‍ගගත බැංකු (online banking) විස්තර ලබා ගෙන ඇති බවත් වැටහුණි. තවද හැකර්වරයා සිය ෆේස්බුක් ගිණුමට සහ මැසෙන්ජර් සමග ද සම්බන්ධ වී තිබේ. ඉන්පසු සිය මිතුරන්ගෙන් මුදල් ඉල්ලා පණිවිඩ යවා ඇත.

XYZ බැංකු වෙබ් අඩ්වියට ප්‍රවේශ වීමෙන් පසු හැකර්වරයාගේ ගිණුමට මුදල් මාරු කර ඇති අතර ලසිතට, සාමාන්‍යයෙන් ඔහුගේ ඊමේල් සහ දුරකථනය යන දෙකටම OTP අංකය ලැබේ. මේ හේතුවෙන් ලසිතගේ ගිණුමේ තිබූ සියළුම මුදල් අහිමි වූ අතර පහත දැක්වෙන පූර්වාරක්ෂාවන් සමඟ අනාගතයේදී ප්‍රවේශම් වන ලෙස හිතවතී ඔහුට උපදෙස් දුන්නා.

පුර්වාරක්ෂක ඉඟි:

  • ඔබ ඔබේ උපාංගය හැර යන විට සියළුම ගිණුම් වලින් ඉවත් වන්න, විශේෂයෙන් එය ඔබේම උපාංගයක් නොවන හවුල් උපාංගයක් නම්.
  • කුකීස්, බ්‍රව්සර් වල සුරකින ලද මුරපද හිස් කරන්න. එසේ නොමැතිව එම විස්තර වෙබ් බ්‍රව්සරයක සුරැකී ඇත්නම් තෙවන පාර්ශවයන්ට ඔබේ පිවිසුම් විස්තර, මුරපද වෙත ප්‍රවේශ වීම පහසු වේ.
  • ඊමේල් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ගිණුම් තුළ සාධක දෙකක සත්‍යාපනය (2 FA) සක්‍රීය කරන්න
  • අදාළ සාක්ෂි සහිතව පැහැදිලිව සඳහන් කර ඇති සයිබර් අපරාධ පැමිණිලි (නිවැරදි සම්බන්ධක / ලින්ක්, තිරපිටපත් ආදිය) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට හෝ ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්‍ෂක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” වෙත යැවීමට පුළුවන. අතිරේකව, ඔබට එයම dir.cid@police.lk හරහා ඊමේල් කිරීමේ විකල්පයක් ඇත