අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

පසුගිය වසරේදී චාමි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් භාවිතා කිරීමට ගිය විටදී, XYZ බැංකු ටී ෂර්ට් පැළඳ සිටින සමහරක් අය ATM අසල යමක් කරමින් සිටියහ. ඔවුන්ගෙන් එක් අයෙක් ඇයව දැක මෙසේ පැවසීය,

කණගාටුයි, අපි නඩත්තු අංශයෙන්, එන්න.
ඔබේ කාඩ්පත ඇතුළු කරන්න.
මම බලන්නම් ඒක ඔයාට හරියට වැඩ කරනවද කියලා 

පසුදා ඇයට බැංකුවෙන් දුරකතන ඇමතුමක් ලැබුණු අතර අවසන් වරට ඇය ATM භාවිතයෙන් ලබා ගත් මුදල් ප්‍රමාණය තහවුරු කර ගත්තා. පෙර දින ATM යන්ත්‍රය අසලදී ඇය ලැබූ අත්දැකීම පිළිබඳවත් ඔවුන් විමසන ලදී. සිදු වූ සෑම දෙයක්ම පැහැදිලි කළ ඇය, බැංකුව එම තොරතුරු ඉල්ලා සිටින්නේ ඇයි දැයි පෙරළා ඇසුවා. ව්‍යාජ කාඩ්පත් සකසා මුදල් ලබා ගැනීමේ අරමුණින් සොරු කල්ලියක් පෙර දින එහි ස්කිමිං ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (Skimming ATM) උපාංගයන් සවි කිරීමට උත්සහයක් දරා ඇති බැව් ඇයට දැන ගන්නට ලැබුණා.

පූර්ව ආරක්ෂක උපදෙස්:බැංකු හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස ඉල්ලන්න. එම පුද්ගලයා බැංකු හැඳුනුම්පත ලබා දීමට අපොහොසත් වුවහොත්, අදාළ නඩත්තු කටයුත්තක් සිදු වේ දැයි යන්න පිළිබඳව බැංකුව අමතා තහවුරු කර ගන්න.
ඔබ ඇතුළු කරන රහස්‍ය අංකය කිසිවෙකුටත් පෙන්වන්න එපා. වැඩිදුර විස්තර සඳහා බලන්න.