අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/12

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

මල්ලිකා යනු දියණියන් දෙදෙනෙකු සිටින 40 හැවිරිදි මවකි. ඇගේ සැමියා පිටරට රැකියාවක නිරත වී සිටී. ඇය ගෘහනියක් වන අතර ගෙවතු වගාවට ද බෙහෙවින් ආදරය කරයි. ඈට දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන්ගේ වයස අවුරුදු 16 සහ 10 වේ. ඔවුහු ඉතා ප්‍රීතිමත් ජීවිත ගත කරති. මල්ලිකාගේ වැඩිමහල් දියණිය (නිලුකා) මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර ඇය නව තාක්ෂණික දේ ගැන අත්හදා බැලීමට කැමත්තක් දක්වන්නී ය. ගැහැණු දරුවන්ට නිවසේ පරිගණකයක් නොතිබුණ ද, ඔවුන්ගේ විවිධ අධ්‍යාපන කටයුතු හා ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාලය භාවිත කරති.

අන්තර්ජාලයේ යම් යම් දේ ගැන සෙවීමට නිලූකා සිය මවගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිත කරයි. බොහෝ විට ඔවුන් තම පියා සමඟ කතාබස් කිරීමට පුරුදු වී සිටියේ ස්කයිප් සහ වට්ස්ඇප් භාවිත කිරීමෙනි. වැඩිහිටි දියණිය සමාජ මාධ්‍ය යනු කුමක්ද යන්න පිළිබඳව දැඩි කුතුහලයකින් සිටින අතර ඇය සමාජ මාධ්‍ය භාවිතා කිරීමට උත්සාහ කළාය. නිලූකා ඇගේ මව වෙනුවෙන් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කළේ මල්ලිකාගේ නම සහ ඇගේ පින්තූරය භාවිතා කරමිනි. ෆේස්බුක් යෙදුමේ පුද්ගලිකත්වය සැකසීම් පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති වීම මල්ලිකාගේ ෆේස්බුක් ගිණුමෙහි පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ වීමට හේතුවක් විය.

දිනක් මල්ලිකාට නොදන්නා නොම්බර වලින් ඇමතුම් ගණනාවක් ලැබුණු අතර ඔවුන් අසභ්‍ය ලෙස කතා කළහ. ඇය මෙම සිද්ධියෙන් මහත් කම්පනයට හා පුදුමයට පත් වූවාය. නිලුකා ඇමතුම දුන් තැනැත්තකු හට ඇමතුමක් ලබා ගෙන කතා කිරීමට හේතුව පිළිබඳ කරුණු විමසා සිටියාය. එවිට ඇයට ලැබුණු පිළිතුර වූයේ “මට මේ අංකය ලැබුනේ ෆේස්බුක් පෝස්ට් එකකින්. ඕනෑම කෙනෙකුට එය දැකගත හැකියි.” එවිට නිලූකා බියට පත් වූ අතර කිසියම් වැරැද්දක් සිදු වී ඇති බව ඈට වැටහුණි. පසුව ඇය මේ ගැන තම පියාට පැවසුවාය. එවැනි සිදුවීම් සඳහා උපකාර කිරීම සඳහා “හිතවතී” නමින් සේවාවක් ඇති බව ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ මිතුරෙකු සඳහන් කළ බව ඔහු ඔවුන්ට පැවසීය.

එබැවින් හිතවතී හා සම්බන්ධ වී කුමක් කළ යුතු දැයි විමසූ විට “හිතවතී” ඇයට නිසි උපදෙස් ලබා දුන්නාය. ෆේස්බුක් රහස්‍යතා සැකසුම් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටීම සඳහා ඉඟි රාශියක් පිළිබඳවත් හිතවතී වෙබ් අඩවිය හරහා ඇය ඉගෙන ගත්තාය.

පූර්වාරක්ෂාව ඉඟි: