අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/14

මෙහි සඳහන් නම් සහ ස්ථාන උපකල්පිත ය.

මාධවී මහත්මිය රජයේ පාසැල් ගුරුවරියකි. වත්මන් COVID-19 වසංගතය නිසා අධ්‍යාපන ක්‍රමය ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කිරීමට සිද්ධ විය. පාසැල් දේශන බොහොමයක්, ස්කයිප්, ටීම්ස් (Teams), වට්ස්ඇප් වැනි විවිධ ඔන්ලයින් තාක්ෂණ ක්‍රම හරහා ඉදිරිපත් කරන ලදී. මෙය සිසුන්ට සහ ගුරුවරුන්ට නව අත්දැකීමක් විය. සිසුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන්ටද මෙම නව තාක්ෂණයන් පිළිබඳ හොඳින් දැන ගැනීමට සිදු විය.

එම නව ඉගැන්වීම් ක්‍රියාපටිපාටියේදී, ගුරුවරයා තම පන්තියට සහභාගි වන සිසුන්ගේ පිවිසුම / ඉල්ලීම පිළිගැනීමෙන් පසුව පමණක් ඇතුළුවීමට ඉඩ දෙයි. මෙම විශේෂිත දිනයේදී මාධවි මහත්මිය තමාට එතරම් හුරු නැති ඉල්ලීමක් පිළිගත්තාය. ඇය ඒ තම සිසුවෙකු/සිසුවියකු යැයි උපකල්පනය කරමින් සැසිවාරයට එක්කර ගත්තාය. පාඩමක් පැවැත්වීමේ පොදු පුරුද්ද වන්නේ කටහඬ ( Voice) සහ රූපය (Video) යන දෙකම භාවිතාවයි. එබැවින් ගුරුවරයාට ඇගේ/ඔහුගේ ශිෂ්‍යයන් දැක ගත හැකිය. නමුත් එදින, අලුතින් සම්බන්ධ වූ ශිෂය්‍යා / ශිෂ්‍යාව දෘශ්‍යමාන වී හෝ ඔහු / ඇය හඳුන්වා දීමට ඇය කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර හෝ නොදැක්වීය. මාධවී මහත්මියට සිසුවාව/සිසුවියව හඳුනා ගැනීමට හෝ දැකීමට හැකියාවක් නොතිබුණි. ටික වේලාවකට පසු “නව ශිෂ්‍යයා/ශිෂ්‍යයාව” එහි සිටියේ ද නැත.

මේ අතර අනෙක් කෙළවරේ කුමක් සිදුවීද?

මාධවිගේ පාඩම අතරතුර “නොදන්නා ශිෂ්‍යයාට/ශිෂ්‍යයාවට” ස්නැප්ෂොට් සහ වීඩියෝ දර්ශන කිහිපයක් ක්ලික් කර ගැනීමට හැකි විය. “නාඳුනන සිසුවා/සිසුවිය” විසින් මාධවී මහත්මිය හිරිහැර කිරීමට සහ ඇයට එරෙහිව “වෛරී කථාවක්” කිරීමට යොදා ගත හැකි ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපයක් සංස්කරණය කර සාදා ඇත. මෙම පුද්ගලයා විවිධ ආකාරයේ පොදු සමාජ මාධ්‍ය යෙදුම් හරහා එම සටහන් සහ වීඩියෝ දර්ශන මහජනයා අතර පතුරුවා හැර තිබේ.

මාධවි වෙත නැවත අවධානය යොමු කළහොත්. – මෙම අවස්ථාවේ දී කුමක් කල යුතු දැයි ඈට වැටහීමක් නොවීය. ඇයට සමාජ මාධ්‍ය ගැන එතරම් අවබෝධයක්ද නැත. ඇය ගැන පැතිර ගිය මෙම අසත්‍ය පුවත ඇසූ ඇගේ මිතුරියන්ගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් ඇමතුම් ලැබෙන්නට වත්ම, මාධවී කම්පනයට පත් විය. එවැනි තත්ත්වයක් තුළ කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඇයට කිසිදු හෝඩුවාවක් නොතිබුණි, එපමණක් නොව ඇය භීතියට පත්වූයේ එය ඇයට සිතාගත නොහැකි දෙයක් සිදු වී ඇති නිසාය.

ඇගේ මිතුරියක් ඇයට හිතවතී ගැන උපදෙස් දුන්නාය. ඇය වහාම තමාට ලැබුණු අංකය අමතා හිතවතී වෙත ළඟා වූවාය. ඇය එහි සිටි කාන්තා නිලධාරිනියට කතාව පැහැදිලි කළා. නිලධාරිනිය ඇයට උපදෙස් දී ඉතා සන්සුන්ව කතා කළාය. එවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ මේ ආකාරයේ නඩු හැසිරවීමට ක්‍රම ඇති බව ඇය දැන ගත්තාය. මාධවි ඉතා සතුටු වූ අතර හිතවතීගේ සේවය ගැන බෙහෙවින් ස්තූතිවන්ත විය.

පූර්වාරක්ෂාව ඉඟි :