අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/10

මෙහි සඳහන් නම් සහ ස්ථාන උපකල්පිත ය.

වෛද්‍ය ශාන්තා රත්නායක ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක ලෙස සේවය කරන අතර ඇය 38 හැවිරිදි අවිවාහක කාන්තාවකි. ඇගේ දෙමව්පියන් විසින් ඇයට විවාහ යෝජනාවක් සොයා ගන්නා ලදී. දෙපාර්ශවය අතර සාකච්ඡා කටයුතු සිදු කොට අවසානයේදී මේ දෙපළ විවාහ වීමට එකඟ වූහ. ඔවුන් මේ වන විටත් විවාහය සඳහා දිනයන් නියම කර ඇති අතර කෝවිඩ් -19 හේතුවෙන් මෙය කල් දමා තිබුණි. කෝවිඩ් -19 නිසාවෙන් සංචරණ සීමාකොට විවිධ ප්‍රදේශයන්හි හදිසි නීති තත්ත්ව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඔවුනට එකිනෙකා මුණගැසීමට නොහැකි වූ නිසා ඔවුන් එකිනෙකා සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ චැට් හරහා කතාබස් කිරීමට පුරුදු වී සිටියහ. අන්තර්ජාලය හරහා ඔවුනොවුන් අතර ඔවුන්ගේ පින්තූර හුවමාරු කරගත් අතර ඔවුන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද කතාබස් කළහ. වීඩියෝ කතාබස් කරමින් සිටියදී මෙම පුද්ගලයා, ඇයගේ තිරපිටපත් කිහිපයක් ගන්නා ලදී.  නමුත් ඇය මේ ගැන කිසිවක් දැන සිටියේ නැත.

දිනක්, එම ප්‍රදේශයේම ජීවත්වන වෛද්‍යවරියක වන ඇගේ මිතුරියකගෙන් මෙම පුද්ගලයා ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට තරම් ඇය ඉතා වාසනාවන්ත වූවාය. ඇගේ මිතුරිය සඳහන් කළ පරිදි ඔහු කාන්තාවන් දෙදෙනෙකුගෙන් දික්කසාද වූ පුද්ගලයෙක්.  මේ තොරතුරු අසා කම්පනයට පත් වී මෙම පුද්ගලයා සමඟ විවාහ නොවීමට තීරණයක් ගත් අතර ඇය ඔහුට එම හේතුව පැවසුවාය. ඔහු එය පිළිගෙන සමාව ඉල්ලා සිටියේය.

සති කිහිපයකට පසු ඔහු ඇගේ පින්තූර සමඟ පෝස්ට් කිහිපයක් සාදා  ඉතා අසභ්‍ය වදන් වලින් නරක ආකාරයෙන් ලියන ලදී. කෙසේ හෝ ඒ වන විට ඇය මේ පිළිබඳව දැනගෙන තිබූ අතර එම තොරතුරු ඉවත් කර දෙන ලෙස හිතවතීට කතා කර උදව් ඉල්ලා සිටි අතර නීතිමය ක්‍රියා පටිපාටිය ගැන ද අසා සිටියාය. හිතවතී අවශ්‍ය උපදෙස් ලබා දී ඈට උදව් කිරීමට සමත් විය.

පූර්වාරක්ෂාව ඉඟි:

  • ඔබ සමඟ සයිබර් අවකාශයේ කතාබස් කරන නාඳුනන පුද්ගලයින් විශ්වාස නොකරන්න.
  • ඔබ වීඩියෝ ඇමතුම් ලබා ගන්නා විට පරෙස්සම් වන්න.