අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/13

සමූහය ආරම්භ කරන පුද්ගලයා “Admin”හෙවත් පාලකයා වන අතර “Admin” හට වෙනත් පුද්ගලයන් “Admin/පාලකවරුන් ” තවත් ලෙස හෝ “member/සාමජිකයන් “ ලෙස සමූහයට එකතු කළ හැක.

  1. ඔබ “Admin” වන viber සමුහය වෙත ගොස්
  2. “Add Admins” වෙත යන්න
  3. ඔබට “Admin” ලෙස අවශ්‍ය පුද්ගලයන්/ දුරකථන අංක තෝරාගන්න
  4. එම පුද්ගලයන්/දුරකථන අංක “Add as Admin” ලෙස තෝරන්න
  5. සමූහයේ නව “Admin” මෙලෙස සාදා ගත හැක

** Viber group තුල Admin ඉවත් කිරීමට අවශ්‍ය නම් පුද්ගලයාගේ නම හෝ දුරකථන අංකය තෝරා “Remove as Admin” තෝරන්න.

සමූහය තුලට ඔබව ඇතුල් කළ හැකි වන්නේ කාටද යන්න පාලනය කිරීම (controlling who can add you to groups)

  1. ඔබගේ දුරකථනයේ viber app විවෘත කරන්න ( මෙය desktop හෝ tab වල දක්නට නැත )
  2. More අයිකනය වෙත යන්න (on Android) (on iPhone)
  3. Settings වෙත යන්න
  4. Privacy වෙත යන්න
  5. Control වෙත යන්න
  6. “Anyone” හෝ “My contacts” තෝරන්න

ඔබට බිලියනයක් පමණ සාමාජිකයන් සමග සමූහයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නම් Viber community නිර්මාණය කරන්න.

Viber community යනු පොදු උනන්දුවක් ඇති විශාල පිරිසක් එකතු වන සමූහයකි. මෙය Viber group එකෙන් වෙනස් වන්නේ group තුල එකිනෙකා හඳුනන පිරිසක් පමණක් සිටින නිසාය.

Viber community තුලින් ලෝකය වටා සිටින පුද්ගලයින් බිලියනයකට පමණ සම්බන්ධ විය හැක.

එසේම Viber community තුල Viber group වලට සාපේක්ෂව විශේෂාංග රැසක් ඇත.

Viber community තුල Super Admin (සුපිරි පාලකයා) යනු කවුද ?

Viber community තුල විශාල වශයෙන් පාලන අයිතිය ඇත්තේ මොවුන්ටය. මොවුන්ට සමාජිකයන්ගේ භූමීකාවන් වෙනස් කළ හැක එසේම ආරාධිත සැබැඳිය (invitation link) ජනනය කිරීමට/ වෙනස් කිරීමට මෙන්ම විවිධ භූමිකාවන්ට ඇති පාලන ක්‍රියාත්මක කිරීමට හා නැවැත්වීමට හැක.

Superadmin හට සමූහය තුලට පණිවිඩ එවිය හැක්කේ කාටද යන්න පාලනය කල හැකිය. ඒ සඳහා:

  • Viber ඇප් එක විවෘත කරන්න
  • Chats වෙත යන්න
  •  ඔබ super admin වන සමූහය තෝරාගන්න
  • (Android) හෝ සමූහයේ නම (iOS) වෙත යන්න
  • Android – community info වෙත යන්න
  • සමූහය තුල පණිවිඩ එවිය හැක්කේ කුමන admins හට ද යන්න තේරීම
  • Admin හෝ Super Admin නොවන අනෙක් සාමාජිකයන්ට පණිවිඩ යැවීමට අවශ්‍ය නම් ඔවුන් ව තේරීම