අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/27

2022 අප්‍රේල් 20 වෙළුම 03 කලාපය 04

හිතවතී මාසික සඟරාව

ගැඹුරු (ඩීප්) වෙබ් සහ අඳුරු (ඩාර්ක්) වෙබ්


ඩීප් වෙබ් යනු සම්මත සෙවුම් යන්ත්‍ර (සර්ච් එන්ජින්ස්) මගින් සම්පුර්ණයෙන්ම ප්‍රවේශ විය නොහැකි අන්තර්ජාලයේ කොටසකි.

මෙහි සෙවුම් යන්ත්‍ර මගින් සුචිගත නොකළ පිටු , pay-walled අඩවි, පෞද්ගලික දත්ත සමුදායන් සහ ඩාර්ක් වෙබ් අන්තර්ගත වේ.


ඔබ දැන සිටියාද?

 


සමාජමාධ්‍ය වල අසත්‍ය පුවත් හඳුනා ගන්නේ කෙසේද?

ෆේස්බුක් සහ වෙනත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල ව්‍යාජ පුවත් හඳුනා ගන්නේ කෙසේදැයි ඔබ පුදුම වනවා විය හැක. ව්‍යාජ පුවත් වළක්වා ගන්නේ කෙසේද? එසේත් නැතිනම් අන්තර් ජාලය හරහා අහම්බෙන් වැරදි තොරතුරු හුවමාරු වීම වළක්වා ගන්නේ කෙසේද? වැරදි තොරතුරු හඳුනා ගැනීමට, ව්‍යාජ පුවත් වෙබ් අඩවි හඳුනා ගැනීමට සහ ඒවා බෙදා හැරීමට පෙර මේ ගැනත් සිතන්න:

  1. මූලාශ්‍රය (source) පරීක්ෂා කර බලන්න
  2. කතෘ කවුරුන්දැයි පරීක්ෂා කරන්න
  3. අනෙකුත් මූලාශ්‍ර (source) ගැන ද පරීක්ෂා කර බලන්න. (නීත්‍යානුකූල වෙබ් අඩවි)
  4. විවේචනාත්මකව කරුණු /තොරතුරු කියවන්න
  5. කරුණු හොඳින් පරීක්ෂා කරන්න
  6. අදහස් පරීක්ෂා කරන්න
  7. ඔබේම තීරණය නැවත පරීක්ෂා කර බලන්න
  8. එය විහිළුවක් දැයි බුද්ධිමත්ව සිතන්න
  9. පින්තූර සත්‍ය ඒවා දැයි පරීක්ෂා කරන්න
  10. කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවියක් (fact-checking site) භාවිතා කරන්න

වැඩි විස්තර දැන ගැනීමට


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

ශ්‍රී ලාංකේය වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවීමේ උත්සාහයන් වැඩි වීීීමේ අවදානමක්!

දැනට පවතින විරෝධතාවලට සමගාමීව සමහර ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවලට හැකර්වරුන් අනවසරයෙන් ඇතුළුවීම් සිදු කරන බව TechCERT නිරීක්ෂණය කරතිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි දිනවලදී වෙබ් අඩවි ආක්‍රමණය වැඩි සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව එම ආයතනය නිවේනය කරයි.
https://www.techcert.lk/threat_bulletin/possible-increase-of-intrusion-attempts-on-sri-lankan-websites/

iCalender යෙදවුම හරහා Apple ජංගම දුරකතනයට වෛරස ඇතුළුවීමේ අවදානමක්!

මේ දිනවල iOS මෙහෙයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් එහි ඇති iCalender යෙදවුම හරහා ඔබගේ Apple ජංගම දුරකතනයට වෛරස ඇතුළුවීමේ අවදානමක් ඇති බවට කරුණූ අනාවරණය වී ඇත.
https://www.facebook.com/photo/?fbid=351677136987716&set=pcb.351677530321010

අනතුරු ඇඟවීම (CVE-2022-1040) – ප්‍රහාරකයින් සොෆොස් (Sophos) ෆයර්වෝල් හි මෑතකදී නිවැරදි කර පිළිසකර (patch) කරන ලද RCE (Remote Code Execution) විනාශ කරයි

“දකුණු ආසියාවේ විශේෂිත සංවිධාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් සොෆොස් (Sophos) ෆයර්වෝල්හි සූරාකෑමට ලක්වීමේ දැඩි අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් කර ඇත.
https://www.helpnetsecurity.com/2022/03/29/cve-2022-1040/

අනතුරු ඇඟවීම (AA22-083A) – රාජ්‍ය අනුග්‍රහය ලබමින් කටයුතු කරනන රුසියානු සයිබර් නළුවන්ගේ නවතම උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටි යනාදිය සලකා බලනවිට ඔවුන් බලශක්ති අංශයේ ඉලක්කගත වීමේ අවදානමක් ඇතිබව පැවසේ

ඒකාබද්ධ Cyber Security Advisory (CSA)—Cybersecurity and Infrastructure Security Agency (CISA), Federal Bureau of Investigation (FBI) සහ බලශක්ති දෙපාර්තමේන්තුව (DOE – Department Of Energy) විසින් ලබා දෙන තොරතුරු අනුව— 2011 සිට 2018 දක්වා රුසියානු රාජ්‍ය අනුග්‍රහය ලබන සයිබර් ආක්‍රමණික සයිබර් නළුවන් විසින් සහ එක්සත් ජනපද. සහ ජාත්‍යන්තර බලශක්ති අංශයේ සංවිධාන ඉලක්ක කර ක්‍රියාත්මක කරනු ලැබු සයිබර් ආක්‍රමණික ව්‍යාපාර (campaigns) කිහිපයක් පිළිබඳ තොරතුරු සපයයි. CISA, FBI සහ DOE මෙම ව්‍යාපාරවලට ප්‍රතිචාර දැක්වූයේ ඒවා සිදු වූ කාලය තුළ සහ ඒ අවට සුදුසු ක්‍රියාමාර්ග සමඟිනි.
https://www.cisa.gov/uscert/ncas/alerts/aa22-083a


සයිබර් පුවත්

ජාතික ආරක්ෂාවට තර්ජනයක්! ලෙස සලකා FCC (Federal Communications Commission) විසින් කැස්පස්කී (Kaspersky) තහනම් කරයි

ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව Kaspersky Lab “තහනම් කරන ලද” (banned,) සමාගම් ලැයිස්තුවට එකතු කරන ලදී. එමෙන්ම එම සමාගම එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටද FCC චෝදනා කරයි.
https://securityboulevard.com/2022/03/kaspersky-banned-by-fcc-threat-to-national-security/

2028 වන විට, මුහුණු හඳුනාගැනීමේ (Facial recognition) වෙළඳපොළ ඩොලර් බිලියන 12.67ට ළඟා වනු ඇත

මුහුණු හඳුනාගැනීමේ (Facial recognition) වෙළඳපල ප්‍රමාණය 2021 දී ඩොලර් බිලියන 5.01 සිට 2028 වන විට ඩොලර් බිලියන 12.67 දක්වා ළඟා වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
https://www.helpnetsecurity.com/2022/03/10/facial-recognition-market-2028/

යුක්රේනය තම ටෙලිකොම් ආයතනය වෙත සිදුකල ‘ප්‍රබල සයිබර් ප්‍රහාරයක්’ සම්බන්ධයෙන් රුසියාවට දොස් පවරයි

යුක්රේන රජය සතු විදුලි සංදේශ සමාගමක් වන Ukrtelecom සයිබර් ප්‍රහාරයකට ලක් විය. එය බලවත් සයිබර් ප්‍රහාරයක් යැයි යුක්රේනය රුසියාවට චෝදනා කරයි.
https://cybernews.com/cyber-war/ukraine-blames-russia-for-a-powerful-cyberattack-on-its-telecom/


සත්‍ය කතා

ඇයගේ ජීවිතය අවුල් කල සබැඳිය


හෂිනි ඇගේ සේවා ස්ථානයේ සිටි අතර එදින ඇයට කාර්යබහුල දිනයක් විය. දිවා ආහාර විවේකය ලැබුණු විගස ඇය ෆේස්බුක් වෙත ලොග් වී ඉහළ පහළ ස්ක්‍රෝල් කරමින් සිටියේ දවසේ විඩාව බිඳක් හෝ දුරු කරගැනීමටය. මේ අතරතුර ඇයට මැසෙන්ජර් ඔස්සේ කමල් පෙරේරා යන අයෙකුගෙන් සබැඳියක් (ලින්ක්) සහිත පණිවිඩයක් ලැබුණි.

සම්පූර්ණ කතාව කියවන්න….

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

  • හිතවතී 100 වන සතිඅග පැන සැමරුමහිතවතී 100 වන සතිඅග පැන සැමරුම ෆේස්බුක් සජීවී විකාශය සමඟින් 2022 මාර්තු මස 21 වන දින LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ හා සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වු Axiata ඩිජිටල් ලැබ්ස් ආයතනයේ මානව සම්පත් ප්‍රධානී සීනාත් සතාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ LKDT ආයතනයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්ද, LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේදී, පවත්වන ලදි. මෙහිදී 100 වන පැනය සඳහා ජයග්‍රාහකයින් දස දෙනෙකු සජීවීව -තෝරාගන්නා ලද අතර ෆේස්බුක් ලයිව් සම්බන්ධ වූවන්ට ඉදිරිපත් කරන ලද බෝනස් පැනයට මුලින්ම පිළිතුරු දුන් පනස් දෙනා වෙත සැනසිලි තෑගී ලබා දීමටත් කටයුතු සූදානම් කර තිබුණි.
  • ICTA ආයතනය විසින් සංවිධානය කරන ලද, සුහුරුලිය, අම්පාර දිස්ත්‍රික් සංසදයේ දී හිතවතී දැනුවත් කිරීමේ සැසියක් 2022 මාර්තු 30 සිට අප්‍රේල් 01 දක්වා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙම සැසිය සඳහා කාන්තා ව්‍යවසායිකාවන් සහ කාන්තා සංවර්ධන නිලධාරිනියන් 100ක් පමණ සහභාගී විය.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය
ට්‍රෙන්සන්ඩන්ස් (Transcendence) – 2014

විද්‍යාඥයකුගේ ප්‍රයත්නයකට අනුව ඔහු තමාගේ විඥානය, කෘත්‍රිම බුද්ධිය (AI-Artificial Intelligence) හරහා වැඩසටහනකට උඩුගත (upload) කළ විට ඉතා භයානක තත්වයක් ඇති විය. දැඩි කලබලයට පත් වූ විල්ගේ බිරිඳ තමාගේ ආදරණීය සැමියා බේරා ගැනීමේ දැඩි අපේක්ෂාවෙන් ඔහුගේ විඥානය ක්වොන්ටම් පරිගණකයකට උඩුගත කරයි. එසැනින්ම ඔහු ඉතා දැඩි පෙරළිකාර සොයාගැනීම් ආරම්භ කල අතර එහිදී ඔහු තුල තිබූ දැඩි උද්යෝගයත් සමඟින් ඔහුගේ සැඟවුණු අදහස්ද ඉස්මතු විය.
https://www.youtube.com/watch?v=VCTen3-B8GU

ගැජට්
මෝෂන් සෙන්සිටිව් ලයිට් කැප් (Motion Sensitive Light Cap)

 

හිස එහා මෙහා කරන විට පාට වෙනස් කරන සහ ඔබ චලනය වන විට දීප්තිය වෙනස් කරන ආලෝකමත් දාරයක් සහිත තොප්පියකින් ඔබේ මිතුරන් විශ්මයට පත් කරන්න.
https://www.hackster.io/SweetMaker/motion-sensitive-light-cap-3428cd

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :
මතකද ඉස්සර මිනිස්සු දිනපොත් පාවිච්චි කරපු කාලේ කවුරුහරි ඒවා කියෙව්වහම කේන්ති යනවා. දැන් ඔවුන් ඒ් සියල්ලම අන්තර්ජාලයට මුදාහැරල, කවුරුවත් ඒවා බැලුවේ නැත්නම් තමයි කේන්ති යන්නේ.

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හිදී පමණි. සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.