අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/25

2023 මාර්තු 20 සිව්වන වෙළුම – 03 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

මෘදුකාංග (සොෆ්ට්වෙයා) ෆයර්වෝල්

 

සොෆ්ට්වෙයා ෆයර්වෝල් (software firewall) කියන්නේ මොනවද?

පරිගණකයක් හෝ සර්වරයක් (server) මත ක්‍රියාත්මක වන විශේෂ පරිගණක මෘදුකාංගයක් ලෙස සොෆ්ට්වෙයා ෆයර්වෝල් හැඳින්විය හැක. එහි ප්‍රධාන අරමුණ වන්නේ, ගින්නෙන් ආරක්ෂා වීමට ඇති පවුරක් මෙන් ප්‍රවේශය (access) සහ පාලනය (control) ලබා ගැනීමේ බාහිර උත්සාහයන්ගෙන් පරිගණකය හෝ සර්වරය ආරක්ෂා කිරීමයි. තවද සැක සහිත පිටතට යන ඉල්ලීම් පරීක්ෂා කිරීම සඳහා මෘදුකාංග ෆයර්වෝල් හැඩගැස්වීම (configure) කළ හැක.

 

ඔබ දැන සිටියාද?

 

• පුද්ගලයන්ගෙන් 72% ක් ඔවුන්ගේ ගිණුම් සඳහා එකම මුරපදය නැවත භාවිතා කරයි.
https://www.enzoic.com

• ලොව පුරා මිලියන 55 කට අධික සංඛ්‍යාවක් ඩවුන්ලෝඩ් කිරීමත් සමඟ 2022 වසරේදී ජනප්‍රියම ඔන්ලයින් ආහාර බෙදා හැරීමේ යෙදුම (ඇප්) ලෙස Zomato පත් විය.
https://www.statista.com

• 2025 වන විට ගෝලීය සයිබර් ආරක්ෂණ ශ්‍රම බලකායෙන් සියයට 30 ක් කාන්තාවන් නියෝජනය කෙරෙනු ඇත.
https://cybersecurityventures.com

• 2025 වන විට ලෝක ප්‍රජාව ක්ලවුඩ් (cloud) හි සෙටාබයිට් 200 ක් (ටෙරාබයිට් බිලියන 2 ක්) ගබඩා කරනු ඇතැයි ගණන් බලා ඇත.
https://aag-it.com

 

ඔන්ලයින් ක්‍රීඩා (ගේම්) සඳහා ආරක්‍ෂණ ඉඟි 10 ක්

 

1. ජයග්‍රහණය සඳහා ශක්තිමත් මුරපද භාවිත කරන්න.

2. ගේම් ඩවුන්ලෝඩ් කිරීමට පෙර සෙවුම් යන්ත්‍රයක් ආධාරයෙන් ඒවායේ නීත්‍යානුකූල බව තහවුරු කර ගන්න..

3. බහු සාධක සත්‍යාපනය (මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / MFA) සක්‍රීය කරන්න.

4. අප්ඩේට්ස් ස්වයංක්‍රීයව (ඕටමැටික්) සිදුවීමට සකසන්න.

5. ඇමක් / ගොදුරක් වීමෙන් වළකින්න.

6. ඩෙබිට් (Debit) කාඩ්පත් වලට වඩා සැමවිටම ක්‍රෙඩිට් (Credit) කාඩ්පත් භාවිත කරන්න.

7. පුද්ගලික තොරතුරු බෙදා ගැනීමේදී (ශෙයා කිරීමේදී) ප්‍රවේශම් වන්න.

8. ඔබව හඳුනා ගැනීමට නොහැකි අයුරින් පෙනී සිටින්න (සත්‍ය නම / පින්තූර භාවිතය අවශ්‍ය නැත)

9. ක්‍රීඩාවේදී හිරිහැර සිදු කරන අය අවහිර (බ්ලොක්) කිරීමට ලැජ්ජා නොවන්න.

10. ක්‍රීඩාවක් පටන් ගැනීමට පෙර එහි පුද්ගලික හා ආරක්ෂණ සැකසුම් (සෙටිංස්) පිළිබඳ සොයා බලන්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

• FortiNAC සහ FortiWeb හි දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (Remote code execution / RCE) බරපතල දෝෂ Fortinet විසින් නිවැරදි කරයි.
හඳුනාගත නොහැකි (අනවසරයෙන්) ප්‍රහාරකයින් හට අත්තනෝමතික කේත හෝ විධාන ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩ දිය හැකි තීරණාත්මක දැඩි අවදානම් දෙකක් සඳහා පිළියම් ලෙස Fortinet විසින් එහි FortiNAC සහ FortiWeb නිෂ්පාදන සඳහා ආරක්ෂාව යාවත්කාලීන (අප්ඩේට්) කරයි.
https://www.techcert.lk

• මයික්‍රොසොෆ්ට් (Microsoft) නිෂ්පාදනවල පවතින බරපතල අවදානම්
බොහෝ Microsoft නිෂ්පාදනවල දුර්වලතා සොයා ගෙන ඇත.
https://www.cert.gov.lk

• ක්ලවුඩ් ආශ්‍රිත (Cloud-native) විශාලතම සයිබර් ආරක්‍ෂණ තර්ජන Palo Alto Networks මගින් හෙළි කරයි.
සමීක්ෂණය සැලසුම් කර ඇත්තේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ක්ෂේත්‍ර ඉස්මතු කරමින්, ක්ලවුඩ් හා බැඳි ව්‍යවසාය (enterprise cloud) සහ ක්ලවුඩ් ආශ්‍රිත (cloud-native) තෝරා ගැනීම් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උදවු වන පරිදිය.
https://www.forbes.com


සයිබර් පුවත්

 

ජාත්‍යන්තර කාන්තා දිනය 2023: ඉතිහාසය, පෙළපාලි සහ සැමරුම්

“DigitALL: නවෝත්පාදන සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා තාක්‍ෂණය” යන තේමාවේ අරමුණ වන්නේ තාක්‍ෂණය සහ ඔන්ලයින් අධ්‍යාපනය සඳහා කාන්තාවන් සහ ගැහැණු ළමයින් දක්වන දායකත්වය හඳුනාගෙන සැමරීමයි.
https://www.bbc.com

ටික්ටොක් යෙදුම රජයේ උපාංගවලින් ඉවත් කිරීම සඳහා ආයතනවලට දින 30 ක කාලයක් ලබා දෙන බව ධවල මන්දිරය පවසයි.

සියලු එක්සත් ජනපද ප්‍රාන්තවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ByteDance චීන සමාගමට අයත් TikTok අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
https://edition.cnn.com

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ පරිශීලකයන් වෙත මෙටා වෙරිෆයිඩ් ලාංඡනය (නිල් පැහැති හරි ලකුණ) නව මුහුණුවරකින් හඳුන්වා දෙයි.

ග්‍රාහක මිල (subscription) යටතේ verified ලේබලයක්, වැඩිදියුණු කළ පැතිරීමක් (reach), ව්‍යාජ ලෙස පෙනී සිටින්නන්ගෙන් වඩා හොඳ ආරක්ෂාවක්, පාරිභෝගික සහය වෙත ප්‍රවේශය මෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සඳහා සුවිශේෂී ස්ටිකර් ආදිය පිරිනමයි.
https://techcrunch.com

බාසිලෝනා රෝහල් සායනයට Ransom House (රැන්සම් හවුස්) කප්පම් මෘදුකාංග ප්‍රහාරයක් එල්ල විය.

ස්පාඤ්ඤ නගරයේ ප්‍රධාන රෝහල්වලින් එකක් වන Hospital Clinic de Barcelona වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර එහි පරිගණක පද්ධතිය අඩපණ විය.
https://securityaffairs.com

WhatsApp මඟින් හඳුනා නොගත් අංක වලින් ලැබෙන ඇමතුම් අවහිර (බ්ලොක්) කිරීමේ කාර්යය සංවර්ධනය කරයි.

ඔබට අනවශ්‍ය බාධා කිරීම් අවම කර ගැනීමට උපකාර කිරීම සඳහා වට්ස්ඇප් මඟින් ‘Silence Unknown Callers’ (නොදන්නා අමතන්නන් නිශ්ශබ්ද කරන්න) යනුවෙන් නව අංගයක් හඳුන්වා දෙයි.
https://www.digitalinformationworld.com


සත්‍ය කතා

ඔන්ලයින් මුලාව

 

සුරේකා එක් දියණියක් සිටි ගෘහණියක්. ඇයගේ ස්වාමි පුරුෂයා හමුදා සේවයේ නිරත වූවෙක්. ගෙදර අලුත්වැඩියා කටයුතු නිසා ඔවුන්ට ආර්ථික වශයෙන් ගොඩාක් අපහසුතා වලට මුහුණ දීමට සිදු වුණා. දවසක් සුරේකා ෆේස්බුක් එකේ උඩට පහළට යනකොට නියම ඇඩ් එකක් දැක්කා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

• හිතවතී කාන්තා දින සැමරුම – සයිබර් අවකාශයේ කාන්තාවන් සවිබල ගැන්වීම
කොළඹ 10, එක්සෙල් ව(ර්)ල්ඩ් හිදී

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා “සයිබර් අවකාශයේ කාන්තාවන් සවිබල ගැන්වීම” යන තේමාව ඔස්සේ හිතවතී පාර්ශවකරුවන් ඇගයීමේ හමුවක් උත්සවාකාරයෙන් 2023 මාර්තු 14 දින කොළඹ එක්සෙල් ව(ර්)ල්ඩ් – මාකොපෝලෝ ලෝන්ජ් හිදී පවත්වන ලදී. එම ස්ථානයට පාර්ශවකරුවන් 30 දෙනෙකු පමණ සහභාගී වූ අතර අනෙක් සියලුම දෙනාට හිතවතී ෆේස්බුක් පිටුව හරහා සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව උදා විය.

• කාන්තාවන්ගේ ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ඔන්ලයින් – MS TEAMS (ටීම්ස්)

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, Axiata Digital Labs (ADL) ආයතනයේ සහයෝගීත්වයෙන් කාන්තාවන්ගේ ඔන්ලයින් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ ඔන්ලයින් වැඩසටහනක්, 2023 මාර්තු 08 දින, MS Teams (ටීම්ස්) හරහා පවත්වන ලදී.

 

  • තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ විශේෂ වැඩසටහනක්
    ෆේස්බුක් සජීවී විකාශය

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, තාක්ෂණය සුරක්ෂිතව සහ ඵලදායි ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව කාන්තාවන් සඳහා වූ විශේෂ වැඩසටහනක් 2023 මාර්තු 07 වන දින ඩයලොග් – යෙහෙළි සහ හිතවතී එක්ව ෆේස්බුක් හි සජීවීව පවත්වන ලදී.

 

• හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (FM 91.7 / 91.9)

2023 පෙබරවාරි 24 වැනි සිකුරාදා පෙ.ව. 11.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයේ ජනරාවය වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

හැක(ර්)ස් – Hackers (1995)

 

මෙයින් කියවෙන්නේ පරිගණක වයිරසයක් ලිවීම නිසා ඇමෙරිකානු රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගෙන ඔහුගේ 18 වැනි උපන්දිනය වෙන තුරු පරිගණකයක් භාවිත කිරීම තහනම් කළ තරුණ පිරිමි ළමයෙකු පිළිබඳවයි.

https://youtu.be/wlMvYx11V-Y

ගැජට්

 

 

පහසු LED බෝ ටයි (LED Bow Tie)

 

පහසු, ලාභ, ප්‍රාණවත් (animated) LED බෝ ටයි පටිය සිත් ඇද ගන්නා බව සහතිකයි!

https://www.hackster.io

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.

සිංහල තේරුම :
මිනිසාගේ මෝඩකම මේ පින්තූරයට වඩා හොඳින් පැහැදිලි කළ නොහැක.

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 07.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.