අවසන් වරට යාවත්කාලීන කලේ 2023/05/20

2023 මැයි 20 සිව්වන වෙළුම – 05 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

මේ දවස් වල කතා බහ වෙන චැට්ජීපීටී (ChatGPT)

 

මොකක්ද මේ ChatGPT කියන්නෙ?
චැට් ජීපීටී යනු ඔන්ලයින් පාරිභෝගික සේවාවන් සඳහා OpenAI විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන චැටබොට් එකකි. මෙය Generative Pre-trained Transformer (GPT / කලින් පුහුණු කරන ලද ජනන ට්‍රාන්ස්ෆෝමර්) නම් භාෂා ආකෘතියක් මත ක්‍රියාත්මක වේ. එය පෙර පුහුණු කර ඇති අතර ස්වභාවික භාෂා සැකසුම් (Natural Language Processing / NLP) භාවිත කරයි. එය පෙළ පොත්, වෙබ් අඩවි සහ ලිපි වැනි විවිධ මූලාශ්‍රවලින් දත්ත රැස් කරයි. මෙම මූලාශ්‍ර සමඟින් එය සන්නිවේදනය සඳහා තමන්ගේම භාෂාවක් සකසා ගන්නා අතර මිනිස් අන්තර්ක්‍රියාවලට ප්‍රතිචාර දක්වන්නේ වෙනත් පුද්ගලයෙකු සමඟ කතාබස් (චැට්) කරන බව මිනිසාට හැඟෙන සංවාදාත්මක ස්වරයකිනි. එම පිළිතුරු සාමාන්‍ය මිනිසෙකුගේ පිළිතුරු මෙන් ස්වභාවික පිළිතුරු වේ.

 

ඔබ දැන සිටියාද?

 

● ලොව පුරා සිටින යෞවනයි න්ගෙන් 57% ක් ඔවුන් දන්නා කෙනෙකු විසින් සයිබර් හිරිහැරයට පත් කර ඇති අතර 45% ක් නාඳුනන අය විසිනි.
https://www.antivirusguide.com

● ආයතනවලින් 75% ක් දිනපතා හෝ සතිපතා ඔවුන්ගේ API වෙනස් කිරීම හෝ යාවත්කාලීන (අප්ඩේට්) කිරීම ඔවුන් ප්‍රහාරයට ලක් වීමේ අවදානම වැඩි කරයි.
https://www.helpnetsecurity.com

● ෆේස්බුක් විසින් 2021 සිව්වන කාර්තුවේ සිට 2022 තෙවන කාර්තුව දක්වා වෛරී ප්‍රකාශ පළ කිරීම් (පෝස්ට්) මිලියන 56.6ක් මකා දමා ඇත.
https://www.antivirusguide.com

 

 

2023 දී අවධානය යොමු කළ යුතු පොදු අවදානම් අට

1) භූ දේශපාලන පරිසරය ක්‍රමයෙන් වෙනස් වීම
2) සයිබර් අවි තරඟය වේගවත් කිරීම
3) ගෝලීය ආර්ථික බලපෑම
4) අතිව්‍යාප්තිය (overlapping) , ගැටුම් සහ විෂය බද්ධ රෙගුලාසි
5) පසුගාමී ආයතනික පාලනය
6) ආයෝජන , සූදානම සහ ඔරොත්තු දීමේ හැකියාව අඩු වීම
7) අවදානම් සහිත යටිතල පහසුකම්
8) නිපුණතා හිඟකම


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

● TP – Link Router හි දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (RCE) අවදානම
TP – Link රවුටරයේ අවදානමක් හඳුනාගෙන ඇත. ඉලක්කගත පද්ධතිය මත දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීම අවුලුවාලීමට දුරස්ථ ප්‍රහාරකයෙකුට මෙම අවදානම ප්‍රයෝජනයට ගත හැක.
www.cert.gov.lk

● Colonial Pipeline මත ප්‍රහාරය
2021 මැයි 7 වන දින, කලොනියල් නල මාර්ගය මත සිදු වූ කප්පම් මෘදුකාංග (රැන්සම්වෙයා) ප්‍රහාරයක් ලොව පුරා අවධානයට ලක් විය .
https://www.cisa.gov

● Fortinet බහු ආරක්ෂක යාවත්කාලීන (අප්‌ඩේට්) නිකුත් කරයි
Fortinet විසින් FortiADC, FortiOS, FortiProxy සහ FortiNAC හි 2 ඉහළ, 4 මධ්‍යම සහ 3 පහළ බරපතල අවදානම් ආමන්ත්‍රණය කිරීමට ආරක්ෂක අප්ඩේට් නිකුත් කර ඇත.
https://digital.nhs.uk


සයිබර් පුවත්

 

යූ ටියුබ් එහි වීඩියෝ පිටුවේ තවත් දෘශ්‍ය පරිවර්තනයකට භාජනය වුවද එය එතරම් ආකර්ෂණීය නොවේ

‘වෙනස සැමවිටම යහපත් වේ’ යන පැරණි කියමන, සැමට අදාළ නොවිය හැකි අතර YouTube හි වීඩියෝ පිටුවේ මෑතකාලීන දෘශ්‍ය පරිවර්තනය ඊට කදිම උදාහරණයක් විය හැකිය.
https://www.digitalinformationworld.com

Google Chrome හට HTTPS ආරක්ෂිත අඩවි සඳහා “lock” (ඉබි යතුරු) අයිකනය අහිමි වනු ඇත

2023 සැප්තැම්බර් මාසයේදී, HTTPS වෙබ් අඩවියක් ලෝඩ් වන විට ගූගල් ක්‍රෝම් ලොක් අයිකනය පෙන්වීම නවත්වනු ඇත. එසේ වන්නේ ප්‍රොටෝකෝලය දැන් සෑම තැනකම භාවිතා වන නිසා ය.
https://www.helpnetsecurity.com

2023 මේ දක්වා ගවේෂණය කිරීමට සයිබර් අපරාධ සහ සයිබර් සංඛ්‍යාලේඛන

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. Cybersecurity Ventures ට අනුව, 2023 දී සයිබර් අපරාධවල පිරිවැය ඩොලර් ට්‍රිලියන 8 ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර 2025 වන විට ඩොලර් ට්‍රිලියන 10.5 දක්වා වර්ධනය වනු ඇත.
https://www.forbes.com

ගෑණියෙක්ද පිරිමියෙක්ද?

 

 

නිරූ අවුරුදු විසි ගණන්වල යුවතියක්. එයා කිසිම රැකියාවක් කරේ නැහැ. නිරූ ජීවත් වුණේ එයාගෙ අම්මා එක්ක. එයාලා ජීවත් වුණේ ගෙදර පොඩි පොඩි කෑම හදන බිස්නස් එකක් කරලා. ඒ කාලේ තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා, එයාලට කෑම බිස්නස් එකෙන් හම්බවෙන සල්ලි මදි වුණා. නිරූත් එයාගෙ අම්මට මේ තත්ත්වයෙන් ටිකක් හරි ගොඩ එන්න පුලුවන් විදිහට උදව් කළා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

Skills Expo (ස්කිල්ස් එක්ස්පො) 2023
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද 2023 Skills Expo ප්‍රදර්ශනයෙහි කුටියක් හිතවතීට වෙන් වී තිබුණි. හිතවතී අත්පත්‍රිකා, ප්‍රවර්ධන කාඩ්පත් බෙදා හැරීම සහ හිතවතී පිළිබඳ දැනුවත් කිරීම ද භාෂා තුනෙන්ම සිදු කෙරුණි. 2023 මැයි මස 12, 13 හා 14 දිනයන්හි මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව දෙහෙසක් පමණ සහභාගී විය.


හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය

සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 20 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 180 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 21 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 110 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය

 

හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
පන්නම්පිටිය ජාතික පාසලේ දී

2023 අප්‍රේල් 25 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පන්නම්පිටිය ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 200 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
තලකිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 26 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් තලකිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 160 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
ඉනාමළුව වීර විජය විමලරත්න ජාතික පාසලේ දී

2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ඉනාමළුව වීර විජය විමලරත්න ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 175 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ උප විදුහල්පති ස්වාමින් වහන්සේ, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 55 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය.

 

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී

2023 මැයි 02 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 125 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතිය
නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී

2023 මැයි 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 90 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී.

 

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

ඩ්‍රෝන, හැකර් සහ කුලී හේවායන් (Drones, hackers and mercenaries) – (2022)
යුද්ධයේ අනාගතය (The future of war) | වාර්තා චිත්‍රපටය

 

සෙවනැලි යුද්ධයක් (shadow war) යනු නිල වශයෙන් නොපවතින යුද්ධයකි. හමුදාව විසින් වරක් ඉටු කළ භූමිකාව කුලී හේවායන්, හැකර්වරුන් සහ ඩ්‍රෝන යානා භාර ගන්නා විට, සෙවනැලි යුද්ධ වැඩිවෙමින් පවතී.

https://youtu.be/MZ60UDys_ZE

ගැජට්

 

 

Arduino සමඟ ඔබටම සදා ගත හැකි මාළුන්ට කෑම සපයන ස්වයංක්‍රීය නළය

 

Arduino සමඟින් ඔබේ මාළුන්ට කෑම සපයන ස්වයංක්‍රීය නළය ඔබටම සාදා ගත හැකි ආකාරය ඉගෙන ගන්න.

https://www.hackster.io

හිතවතී සති අග පැනය

අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.


සිංහල තේරුම :
ඔයා Incognito (ප්‍රයිවට්) බ්‍රව්සරයෙන් ගියත් ඔයා කරන දේ බලන්න පුළුවන්

www.childsafenet.org

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.