අවසන් වරට යාවත්කාලීන කලේ 2023/09/20

2023 සැප්තැම්බර් 20 සිව්වන වෙළුම – 09 වෙනි කලාපය

හිතවතී මාසික සඟරාව

නිරුවතින් පලිගැනීම

අසභ්‍ය දර්ශනවල පෙනී සිටින පුද්ගලයාගේ / පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව ඒවා හුවමාරු කර ගැනීම “රිවෙන්ජ් පෝන්” (කාමුක දර්ශන භාවිතයෙන් පලිගැනීම) ලෙස හැඳින්වේ. පුද්ගලිකව තබා ගැනීම අරමුණු කරගෙන එකිනෙකා සමීපව හැසිරීමේදී ගන්නා ලද ඡායාරූප, සඟවා කරන ලද පටිගත කිරීම්, ඉලෙක්ට්‍රොනික උපාංගවලින් සොරකම් කරන ලද පින්තූර සහ ලිංගික අතවර පටිගත කිරීම් මෙම දර්ශන ගණයට ඇතුළත් වේ.

 

ඔබ දැන සිටියාද?

 

ලෝක ජනගහනයෙන් 60% ක් සමාජ මාධ්‍ය භාවිතා කරයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය දෛනික කාලය පැය 2 යි මිනිත්තු 24 කි.
https://www.smartinsights.com

කුප්‍රකට ‘phishing-as-a-service’ (PaaS) ප්ලැට්ෆෝම් එකක් මඟින් රටවල් 43 ක 70,000 කට අධික පරිශීලකයින්ගේ තොරතුරු සොරකම් කිරීම සඳහා අනවසරයෙන් ඇතුළුවීමේ මෙවලම් (hacking tools) විකුණා ඇත.
https://www.interpol.int

විනාශකාරී මැල්වෙයා පිවිසුම්: මේ වසරේ මෙතෙක් සිදු වූ ප්‍රහාරවලින් 80% කට වගකිව යුතු විශාලම අනිෂ්ඨ මෘදුකාංග ප්‍රවේශ 3.
https://www.theregister.com

2028 වන විට ගෝලීය රෝමිං වංචා නිසා සිදුවන පාඩුව ඩොලර් බිලියන 8ක් ඉක්මවනු ඇත.
https://www.helpnetsecurity.com

 

 

පෞද්ගලික පරිගණක ආරක්ෂණ ඉඟි

• ඔබ සහ ඔබේ පවුල දැනුවත් වෙන්න.
• මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (MFA) සක්‍රීය කර ගන්න.
• වැදගත් දත්ත බැකප් (Back up) කරන්න.
• සියලුම උපාංගවල පෞද්ගලික සැකසීම් (ප්‍රයිවසි සෙටිංස්) සකසන්න.
• සමාජ ජාල වල ආරක්ෂිතව සිටින්න.
• VPN එකක් පාවිච්චි කරන්න.
• ඔබගේ රවුටරයේ ආරක්ෂාව ශක්තිමත් කර ගන්න.
• නවීන මෙහෙයුම් පද්ධතියක් (ඔපරේටිං සිස්ටම්) භාවිතා කරන්න.
• ප්‍රති-වයිරස මෘදුකාංග භාවිත කර ආරක්ෂා වන්න.
• ඔබගේ පාස්වර්ඩ් සුරක්ෂිත කර ගන්න.
• පෞද්ගලික විනෝදාස්වාද උපාංග (entertainment devices) ආරක්‍ෂා කර ගන්න.
• ඔබගේ කාර්යාලීය උපාංග ආරක්ෂා කර ගන්න.
• ෆිෂිං වංචාවලට හසු නොවන්න.
• ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසරන්න.
• ආරක්ෂිත සම්බන්ධතාවයක් (connection) භාවිතා කරන්න.
• සැක සහිත USB හෝ වෙනත් බාහිර උපාංග භාවිතා නොකරන්න.
• Windows සහ Mac හි ඇඩ්මින් නොවන ගිණුම් භාවිතා කරන්න.
• ජංගම උපාංග (මොබයිල් ඩිවයිස්) ආරක්ෂිතව භාවිතා කරන්න.
• ඔන්ලයින් ගෙවීමට ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමෙන් වළකින්න.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

පේපර්කට් MF/NG සර්වස්වල බරපතල අවදානම්
පේපර්කට්විසින් PaperCut MF/NG සර්වර් වල ඇති බරපතල දුර්වලතා තුනක් විසඳීම සඳහා ආරක්ෂක යාවත්කාලීනයක් (අප්ඩේට්) නිකුත් කර ඇත.
https://digital.nhs.uk

ඇපල් නිෂ්පාදනවල බරපතල දෝෂ ගැන පරෙස්සම් වන්න!
ඇපල් නිෂ්පාදනවල බරපතල දුර්වලතා හඳුනාගෙන ඇත. Denial of Service (DoS) තත්ත්වයක් ඇති කිරීම සඳහා දුරස්ථ (රිමෝට්) ප්‍රහාරකයෙකු විසින් ඇතැම් දුර්වලතා ප්‍රයෝජනයට ගත හැකිය.
https://cert.gov.lk

මයික්‍රොසොෆ්ට් විසින් CODESYS වෙත සහය දක්වන PLC වලට එරෙහිව දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ (RCE) අවදානම පෙන්නුම් කරයි.
CODESYS විසින් ප්‍රොටෝකෝලයේ නවතම අනුවාද පැලැස්තර දැමුවද කාර්මික උපකරණ නිෂ්පාදකයින් තවමත් ඒවා යොදවා නොතිබිය හැකිය.
https://www.csoonline.com


සයිබර් පුවත්

 

 

ගෝලීයව පළමු වතාවට, කෘත්‍රිම බුද්ධිය (AI) විසින් බාහිර ක්‍රීඩාවක දී මිනිසුන් පරදවයි.
කෘත්‍රිම බුද්ධි සංවර්ධකයින්ට අනුව, “නව සන්ධිස්ථානයක්” සනිටුහන් කරමින් කෘත්‍රිම බුද්ධි (AI) මෘදුකාංගයක් ඩ්‍රෝන් ධාවන තරඟවල ලෝක ශූරයන් තිදෙනෙකු පරාජය කර ඇත.
https://cybernews.com

සයිබර් ළමා හිංසන පැමිණිලි 110ක්.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව සයිබර් ළමා අපචාර සම්බන්ධ සිද්ධීන් 110ක් වාර්තා වී ඇත.
https://divaina.lk

නුසුදුසු අන්තර්ගතයන් සහිතව විකෘති කරන ලද වීඩියෝවක් සංසරණය කිරීම සම්බන්ධයෙන් 15 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ළමා නිළියකගේ ඡායාරූප විකෘති කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන 15 හැවිරිදි තරුණයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
https://www.hirunews.lk

ChatGPT ජංගම යෙදුමේ අගෝස්තු මස ආදායම ක්‍ෂණික ලෙස ඉහළ ගොස් ඇත.
මෑත කාලයේ ජංගම දුරකථන යෙදුම් (ඇප්) වල වැදගත්කම ඉහළ යෑමටත් වඩා කෘත්‍රිම බුද්ධියේ නිරන්තරයෙන් වර්ධනය වන භූමිකාව තුළ චැට්GPT මොබයිල් ඇප් එක තාක්‍ෂණික ලෝකය තුළ විශාල පෙරළියක් ඇති කරමින් පවතී.
https://www.digitalinformationworld.com

සයිබර් අපරාධකරුවන් නව ප්‍රහාරක ක්‍රම නිර්මාණය කිරීම සඳහා පර්යේෂණ තරඟ ආරම්භ කර ඇත.
මෙම තරඟ මඟින් ‘කෝල් ෆෝ පේපර්ස්’ නීත්‍යානුකූල ආරක්ෂක සම්මන්ත්‍රණය පිළිබිඹු කරන අතර ජයග්‍රාහකයින්ට සැලකිය යුතු මූල්‍ය ත්‍යාග සහ නරඹන්නන්ගේ පිළිගැනීමක් සමඟ ඉහළ රැකියා අවස්ථා ලබා දෙයි.
https://www.helpnetsecurity.com

මාසික වීඩියෝව


සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

සෙල්ලම ලෙල්ලම වූ හැටි


සුරේෂ් අවුරුදු විසි ගණන් වල තරුණයෙක්. එයා රැකියාවක් හොයමින් හිටියේ. ගොඩක් වෙලාවට එයා කළේ ගෙදර ඉඳන් පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරපු එක. ඊට අමතරව එයා ගෙදර පිටිපස්ස වත්තේ යාළුවෝ එක්ක හවසට ක්‍රිකට් ගැහුවා.

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

“සයිබර් හිංසනය” ගැන වෙබ්නා වැඩසටහන

හිතවතී විසින් 2023 සැප්තැම්බර් 18 වැනි දින උදේ 10 ට “සයිබර් හිංසනය” සම්බන්ධයෙන් වෙබිනා සැසියක් සංවිධානය කරන ලද අතර එය සූම් ඔස්සේ සහ හිතවතී ෆේස්බුක් පිටුව හරහා සජීවීව විකාශනය කරන ලදී. මෙය සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන ලද අතර 85 දෙනෙකු පමණ පිරිස ඔන්ලයින් සම්බන්ධ විය.

සම්පත් දායකත්වය: මේනකා පතිරණ මහත්මිය – නියෝජ්‍ය අධ්‍යක්ෂිකා – විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

Hide and Seek (හයිඩ් ඇන්ඩ් සීක්) – 1984


තරුණ පරිගණක ලෝලියෙක් “Gregory P1” නම් කෘත්‍රිම බුද්ධි වැනි වැඩසටහනක් සංවර්ධනය කරයි. එහි පැවැත්ම සහතික කිරීම සඳහා පරිගණකය වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වී මිනිසුන් සමඟ සටන් කිරීමට පටන් ගනී. එය න්‍යෂ්ටික බලාගාරයක ප්‍රධාන පරිගණකයට ද සම්බන්ධ වේ.

https://youtu.be/xjQnucHby8Y?si=3WNMybvhBC_8dy1C

ගැජට්

 

 

ස්වයංක්‍රීය මිනිසුන් රහිත දිය මතුපිට වාහනය


ස්වයංක්‍රීය මිනිසුන් රහිත දිය මතුපිට වාහනයෙන් නිරීක්ෂණ පැවැත්වීම, නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීම සහ අන්තරායකර තෙල් හඳුනා ගැනීම, සමුද්‍ර ජීවීන් ආරක්ෂා කිරීම ආදිය සිදුවේ.

https://www.hackster.io

සිංහල තේරුම :
ඔය වැඩේ ඉවර වුනාම මේ මැල්වෙයා (අනිෂ්ට මෘදුකාංග) අයින් කරලා දෙන්න ඔයාට පුළුවන්ද?

https://cybersecurityventures.com/

 

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.