අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/21

2023 නොවැම්බර් 20 සිව්වන වෙළුම – 11 වෙනි කලාපය

මාසික සඟරාව

ෆේස්බුක් ගිණුම ලොක් කිරීමේ විකල්පය

 

ෆේස්බුක් හි ඔබේ ගිණුම අගුළු දැමීමේ (ලොක් ප්‍රොෆයිල්) තීරණය සම්පූර්ණයෙන්ම ඔබ සතු වේ. ඔබේ ඉලක්කය ඔබ වටා සිටින පිරිස නැත්නම් ඔබේ ජාලය පුළුල් කර ඉන් ගොඩනැ‌ඟෙන සබඳතා හරහා රංගන / දේශපාලන ක්ෂේත්‍රයේ වැනි වෘත්තියක නියැළීම නම්, අගුළු හරින ලද (unlocked) ගිණුමක් තෝරා ගැනීම උපකාරී වේ. කෙසේ වෙතත්, ප්‍රසිද්ධියේ (පබ්ලික්) පළ වන අන්තර්ගතයන් (උදා: ඡායාරූප, වීඩියෝ සහ වෙනත් පුද්ගලික තොරතුරු) අනිසි ලෙස භාවිතා විය හැකි බව ඔබට නොසලකා හැරිය නොහැක.

 

   ඔබ දැන සිටියාද?

පසුගිය මාස 9 තුළ ෆේස්බුක් පැමිණිලි 23,534ක්.
https://divaina.lk

ගෙවීම් යෙදුම් (payment apps) වලින් 77%ක අනවසරයෙන් දත්ත ලබා ගන්නා මැල්වෙයා තිබීමට ඉඩ ඇත.
https://www.digitalinformationworld.com

සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් දත්ත කඩ කිරීමකට ලක්වී පාරිභෝගිකයින් 665,000කගේ දත්ත නිරාවරණය වී ඇත.
https://cybersecurityventures.com

2023 ආරම්භයේ දී ශ්‍රී ලංකාව තුළ ජංගම දුරකථන සම්බන්ධතා මිලියන 36.18 ක් තිබූ බව GSMA බුද්ධි අංශයේ දත්ත පෙන්වා දෙයි.
https://datareportal.com

ඕස්ට්‍රේලියාවේ දෙවන විශාලතම Telco සැපයුම්කරු වන Optus හි පාරිභෝගිකයින් මිලියන ගණනකට සේවා සැපයීම අඩාල වේ.
https://cybernews.com

 

සයිබර් ආරක්ෂණ සිදුවීම්වලට ප්‍රතිචාර වේගවත් කිරීමට පියවර 6 ක්

සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාවලට එරෙහිව ආයතනවල ජාල (networks) සහ අවසන් ස්ථාන (endpoints) ආරක්ෂා කිරීමට නවීන ආරක්ෂක මෙවලම්වල ඇති හැකියාව අඛණ්ඩව වැඩි දියුණු කරයි. නමුත් අයහපත් අපරාධකරුවන් තවමත් ඉඳහිට ඇතුල් වීමට මාර්ගයක් සොයා ගනී.

• සූදානම.
• හඳුනා ගැනීම.
• සීමා කිරීම.
• සම්පූර්ණයෙන්ම නැති කිරීම.
• නැවත අයිති (රිකවර්) කර ගැනීම.
• උගත් පාඩම්.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

Atlassian ආයතනය Confluence දත්ත මධ්‍යස්ථානයේ සහ Confluence සර්වර් හි ඇති බරපතල දුර්වලතා සඳහා ආරක්ෂක යාවත්කාලීන (අප්ඩේට්) නිකුත් කරයි.
ආරක්‍ෂක යාවත්කාලීනය මඟින් Confluence Data Center සහ Confluence Server හි එක් නුසුදුසු අවසර දීමේ අවදානමක් සහ එක් බිඳුණු ප්‍රවේශ පාලන අවදානමක් සම්බන්ධයෙන් කටයුතු කරයි.
https://digital.nhs.uk

තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම සඳහා DHS නව “පලිහ සූදානම්” (Shields Ready) ව්‍යාපාරය එළිදක්වයි.
ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS), Cybersecurity and Infrastructure Security Agency (CISA) සහ Federal Emergency Management Agency (FEMA) එකතුව නව “පලිහ සූදානම්” ව්‍යාපාරය දියත් කළේ තීරණාත්මක යටිතල පහසුකම් ප්‍රජාවට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට දිරිගැන්වීම සඳහා ය.
https://www.cisa.gov

NuGet හි අනිෂ්ට පැකේජ ව්‍යාපාරය MSBuild ඒකාබද්ධ කිරීම් අවභාවිත කරයි.
ප්‍රහාරකයන් ප්‍රථම වරට ජනප්‍රිය MSBuild විශේෂාංගයක දන්නා ආරක්‍ෂක අවදානමක් ප්‍රයෝජනයට ගෙන .NET ගබඩාව තුළ හඳුනා ගැනීමට අපහසු අනිෂ්ට ගොනු (malicious files) තබයි.
https://www.csoonline.com


සයිබර් පුවත්


ඔන්ලයින් පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
https://www.dinamina.lk

American Airlines Pilot Union රැන්සම්වෙයා ප්‍රහාරයකට ලක්ව ඇත.
ඇමෙරිකානු ගුවන් නියමු සංගමය කප්පම් මෘදුකාංග ප්‍රහාරයකින් පසු එහි පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින අතර එය ගුවන් සේවා කර්මාන්තයට මෑතකදී බලපෑ අයහපත් සයිබර් සිදුවීමයි.
https://cybersecurityventures.com

මීළඟ එක්සත් ජනපද මැතිවරණයට පෙර දේශපාලන ප්‍රවර්ධකයින්ට මෙටා (Meta) සිය AI මෙවලම් වෙත ප්‍රවේශය ලබා දීම ප්‍රතික්ෂේප කරයි.
තාක්‍ෂණ දැවැන්තයා වන මෙටා එළැඹෙන එක්සත් ජනපද මැතිවරණය සඳහා තම දේශපාලන අලෙවිකරණ මෙවලම් වෙත ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන බවට වූ පොරොන්දුව සැබෑවක් කරයි.
https://www.digitalinformationworld.com

ආරක්ෂාව සම්බන්ධයෙන් ටික්ටොක් යෙදුම ෆේස්බුක් වැනි ප්‍රතිවාදීන්ට වඩා පසුගාමීය.
නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ ෆේස්බුක් සහ යූටියුබ් යෙදුම් (ඇප්) ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින අතර ටික්ටොක් එම ප්‍රතිවාදී යෙදුම්වලට වඩා පසුපසින් සිටින බවයි.
https://cybernews.com

ExpressVPN දැන් පහසු මුරපද කළමනාකරුවෙකු සමඟ පැමිණේ.
ExpressVPN වෙත ප්‍රවේශය ඇති ඕනෑම කෙනෙකුට දැන් ExpressVPN හි නව මුරපද කළමනාකරු (පාස්වර්ඩ් මැනෙජර්) වන Keys භාවිතා කළ හැක.
https://www.xda-developers.com

මාසික වීඩියෝව

සෑම මසකම 10 වෙනි දින හිතවතී ෆේස්බුක් පිටුවේ පළ කරනු ලබන වීඩියෝව නරඹා ඉන් ඔබට තේරුණ / ඔබේ දැනුමට එකතු වූ දෙයක් කෙටියෙන් කමෙන්ට් කරන්න!
අහඹු ලෙස තෝරා ගන්නා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට තෑගි ලෙස රු.2,000/- බැගින් වූ MD ගුණසේන පොත්හලේ වවුචර්පත්!!
ත්‍යාග සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන LK ‌ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයට අපගේ ප්‍රණාමය!

උපාධියට මඟ හැරුණ පාඩම

දවසක් උදේ වරුවේ හිතවතීට සිල්වා කියලා තාත්තා කෙනෙකුගෙන් ඇමතුමක් ආවා. ඔහුගේ කටහඬ කනස්සල්ලෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් වගේ වෙව්ලන්න වුණා. ඒ තාත්තා තම පවුලට මුහුණ දීමට සිදු වූ ගැටළුව හිතවතීට කියන්න තීරණය කරා.

සිල්වා මහතා: මිස්, මගේ දුව කැම්පස් එකේ. එයා හරිම දක්ෂයි. එයා කැම්පස් තේරුණ වෙලාවේ අපි හරියට සතුටු වුණා. හැබැයි, ඊයේ වෙච්ච මොකක් හරි අවුලක් නිසා එයා දැන් කැම්පස් යන්න බෑ කියනවා. කාමරේ අස්සටම වෙලා ඉන්නෙ. හැම තිස්සෙම දුකෙන් අඬ අඬා ඉන්නෙ. අපිට තේරෙන විදියට මේ ළමයා කම්ප්‍යුටරේ මොකකට හරි බය වෙලා ඉන්නෙ. අනේ අපිට මේකට උදව් කරන්න පුළුවන්ද?

ඊළඟට වෙන දේ මෙතැනින් බලන්න…..

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

ඉන්ෆොටෙල් (INFOTEL) 2023
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka – FITIS) විසින් සංවිධානය කරන ලද 2023 Infotel ප්‍රදර්ශනයෙහි කුටියක් හිතවතීට වෙන් වී තිබුණි. හිතවතී අත්පත්‍රිකා, ප්‍රවර්ධන කාඩ්පත් මෙන්ම සුහුරුසර අත්පත්‍රිකා බෙදා හැරීම සහ හිතවතී පිළිබඳ දැනුවත් කිරීම ද භාෂා තුනෙන්ම සිදු කෙරුණි. 2023 නොවැම්බර් මස 03, 04, 05 දිනයන්හි මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව තුන් දහසක් පමණ සහභාගී විය.

හිතවතී ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසිය
NSBM හරිත විශ්ව විද්‍යාලය – හෝමාගම දී

2023 නොවැම්බර් මස 02 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් හෝමාගම NSBM හරිත විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. මේ සඳහා කථිකාචාර්යවරුන් සහ සිසුන් 80 ක් පමණ සහභාගී වූහ.

හිතවතී ටීන්ස් හබ්’ ව්‍යාපෘතිය – අන්තර්ජාල සුරක්ෂිතභාවය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමේ සැසිය
මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී

LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “හිතවතී ටීන්ස් හබ්” උප ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2023 ඔක්තෝම්බර් 23 වැනි දින මකුළුගස්වැව විද්‍යාලයේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා 80ක් පමණ දෙමාපියන්, ගුරුවරුන් සහ විදුහල්පතිතුමන් සහභාගි වූහ.

හිතවතී දැනුවත් කිරීමේ සැසිය – DigiGo.lk උත්සවය
ගාල්ල – හෝල් ද ගෝල් හීදී

2023 ඔක්තෝම්බර් 20 වන දින ගාල්ලේ දී පැවැත්වූ DigiGo.lk හි මූලාරම්භක උත්සවයේ දී හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි. මෙය LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka – FITIS) සමඟ එක්ව පවත්වන ලදී. මෙම අවස්ථාවට කලාපයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (SME) පිරිසක් සහභාගී විය.

ඉදිරි වෙබ්නා සැසිවලට සම්බන්ධ වීමට හා සයිබර් ආරක්‍ෂාව ගැන නිරතුරුව දැනුවත් වීමට කරුණාකර පහත අයිකන් ක්ලික් කර අපගේ වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න.

චිත්‍රපට ඉඟිය

 

සිල්ක් රෝඩ් – 2021

 

Tiller Russell විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය 2011 මුල් භාගයේදී Ross Ulbricht විසින් දියත් කරන ලද නිර්නාමික අඳුරු වෙබ් (dark web) වෙළඳපොළේ කතාවයි. FBI මෙහෙයුමකින් Silk Road වසා දැමීමෙන් පසු Ulbricht ට ජීවිතාන්තය දක්වා සිරගත වීමට සිදු විය.

https://youtu.be/LBOBuqBzn7w?si=buLm8mycJrqvfO16

ගැජට්

 

 

ස්මාර්ට් ගොවිතැන් පද්ධතිය (Smart Farming System)

 

ස්මාර්ට් ගොවිතැන් පද්ධතිය: බෝග වර්ධනය සහ ඵලදායිතාවය ප්‍රශස්ත කිරීමට සංවේදක දත්ත මත පදනම්ව ස්වයංක්‍රීය ජලසම්පාදන සහ වාතාශ්‍ර පද්ධති ක්‍රියාත්මක කරයි.

https://www.hackster.io

සිංහල තේරුම :

ඒයි! ඔයා මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හැක් කරලා!

https://cybersecurityventures.com/

 

හිතවතී වට්ස්ඇප් / වයිබර් අංකය
+94 77 771 1199
(කාර්යාල වේලාවන්හි දී තුළ – සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 12.30 දක්වා)


අපගේ ෆේස්බුක් පිටුව Like කර මෙම තරඟයට ඔබත් ඇතුළු වී සෑම සිකුරාදා දිනකම අසන සරල පැනයට නිවැරදි පිළිතුර comment කර වටිනා ඩේටා කාඩ්පතක් දිනා ගන්න.