අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/27

2023 ඔක්තෝම්බර් 20

2023 ඔක්තෝම්බර් 20 වන දින ගාල්ලේ දී පැවැත්වූ DigiGo.lk හි මූලාරම්භක උත්සවයේ දී හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි. මෙය LK ඩොමේන් රෙජිස්ට්‍රි ආයතනයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS -Federation of Information Technology Industry Sri Lanka) සමඟ එක්ව පවත්වන ලදී. මෙම අවස්ථාවට කලාපයේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකයින් (SMEs) පිරිසක් සහභාගී විය.