අවසන් වරට යාවත්කාලීන කලේ 2026/11/11
2026 නොවැම්බර් 06 සිට 08 දක්වා කොළඹ BMICH හි පැවැත්වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (Federation of Information Technology Industry Sri Lanka – FITIS) විසින් සංවිධානය කරන ලද ලංකාවේ විශාලතම ICT ප්‍රදර්ශනය වන 2026 Infotel හි FOUNDATION.LK > හිතවතී සඳහා කුටියක් වෙන්කර තිබුණි. මෙහිදී හිතවතී අත්පත්‍රිකා සහ ප්‍රවර්ධන කාඩ්පත් සමඟින් භාෂා තුනෙන්ම සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරිම් සිදු කරන ලදි. මේ සඳහා දිවයිනේ නන්දෙසින් සිසුන් සහ සාමාන්‍ය ජනතාව දෙදහසක් පමණ සහභාගී විය.
මෙහි පැමිණි අයට හිතවතී යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කර හෝ හිතවතී ඉන්ස්ටග්‍රෑම් පිටුව ෆොලො කර හිතවතී සන්නාමය සහිත කීටැග් / පෑන් දිනා ගැනීමට අවස්ථාව හිමි විය. මීට අමතරව, හිතවතී Infotel පෝස්ට් එක ෆේස්බුක්හි Share කර හෝ ටික්ටොක්හි Repost කර වටිනා “සයිබර් සුරැකුම” (සිංහල/දෙමළ) පොත ලබා ගැනීමට ද ඔවුන්ට හැකි විය.
Infotel 2026 ප්‍රදර්ශනයේ FOUNDATION.LK > හිතවතී කුටියට පැමිණි ඔබට ස්තූතියි!








