අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/03

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයත්(ICTA) ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයත් සංවිධානය කළ සුහුරුලිය දිස්ත්‍රික් සමුළුව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනවාරි 28 සහ 29 යන දෙදින පැවැත්විණි.

දිස්ත්‍රික්කය පුරා විසිරි සිටින කාන්තා සංවිධාන වල සාමාජිකාවන් මෙම වැඩසටහනට සහභාගී වී සිටි අතර රාජ්‍ය අමාත්‍ය විජිත මෙරුගොඩ මහතා, මොණරාගල දිස්ත්‍රික් ලේකම්තුම සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමින්ය මෙම වැඩසටහනේ ආරාධිතයන් ලෙසට සහභාගී වුහ.

නව තාක්ෂණික ලෝකය ජය ගැනීමට අවශ්‍ය කරන දැනුම සහ අවබෝධය මෙම දෙදින වැඩමුලුවෙහිදී කාන්තා ප්‍රජාව වෙත ICTA ආයතනය, LK Domain Registry ආයතනය සහ Facebook ආයතනය විසින් ලබාදෙනු ලැබිණි. අන්තර්ජාලය සහ සමාජ ජාල මාධ්‍ය ආශ්‍රිතව තිබෙන ව්‍යාපාර සහ ව්‍යවසාය අවස්ථා මෙන්ම ඒවායේ ඇති විවිධ යෙදවුම් සහ ක්‍රම ශිල්ප ගැන ICTA ආයතනය සහ Facebook ආයතනය මඟින් වැඩමුළු පැවැත්විය.

LK Domain Registry ආයතනය විසින් සයිබර් අපරාධ පිළිබඳවත් ඒවායින් වැලකි සිටීම පිළිබඳවත් දැනුවත් කිරීමක් සිදු කෙරිණි. හිතවතී වෙබ් අඩවිය සහ ඇමතුම් අංකය පිළිබඳව ඔවුන් දැනුවත් කළ අතර හිතවතී අත් පත්‍රිකා හරහා ඔවුන්ට තවදුරටත් අවශ්‍ය දැනුවත් කිරීම් කරනු ලැබිණි.