අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/15

සයිබර් අවකාශයේ කාන්තාවන් සහ ළමුන් මුහුණ දී සිටින ප්‍රධාන ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීම සඳහා 2019 ඔක්තෝබර් 07 වන දින කොළඹදී හිතවතී සිය පාර්ශවකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

මෙහිදී වැඩි අවධානයක් යොමු වූ කරුණු අතර සබඳතා බිඳී ගිය විට තම සහකරු/සහකාරියගේ ඡායාරූප / වීඩියෝ අනිසි ලෙස භාවිතා කිරීම සහ අන් අයගේ පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම, සයිබර් හිරිහැර කිරීම සහ අඳුරු වෙබ්(dark web) යන ගැටළු ඇතුලත් විය. මීට අමතරව, හිතවතීගේ සංඛ්‍යාලේඛනවලට අනුව කාන්තාවන් පමණක් නොව පිරිමින් ද සයිබර් සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ගැටලු වලට ලක් වන බව හඳුනාගෙන තිබේ. කාන්තාවන් සහ ළමුන් ඉලක්ක කර ගනිමින් ව්‍යාපෘතිය ආරම්භ කළද හිතවතී කිසි විටෙකත් පිරිමි වින්දිතයින්ට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප නොකරන බවද අවධාරණයට ලක්විය.

සයිබර් හිරිහැර සිදුවීම අවම කිරීම සඳහා පිලියමක් ලෙස පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් විවිධ මාර්ග සහ මාර්ග ඔස්සේ අන්තර්ජාලය හරහා ආරක්‍ෂිත විය යුතු ආකාරය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සාකච්ජා කෙරිණ.. එපමණක් නොව, අනවසර හානිකර අන්තර්ගතයන් අදාළ නාලිකා හරහා වාර්තා කිරීමද සුදුසු පිළියමක් ලෙස ඉදිරිපත් කරන ලදී.

ලක් වසම් ලේඛකාධිකාරියහි ප්‍රධාන විධායක  නිලධාරි – මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ මඟ පෙන්වීම යටතේ හිතවතී කණ්ඩායම විසින් සංවිධානය කරන ලද මෙම සැසියට, ෆේස්බුක් ආයතනය, 1938 – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ කාන්තා උපකාරක අංශය, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සහ ඩයලොග් සමූහයේ යෙහෙලි ව්‍යාපෘතිය නියෝජනය කරමින්  නියෝජිතයන් සහභාගී විය.