අවසන් වරට යාවත්කාලීන කලේ 2021/08/15

බලපෑමට ලක් වූ සංරචක

  • Windows 10 for 32-bit systems & x64-based systems
  • Windows 10 Version 1607 for 32-bit systems & x64-based systems
  • Windows 10 Versions 1809, 1909, 2004, 20H2, 21H1 for 32-bit systems, x64-based systems, and ARM64-based systems
  • Windows 7 and 8.1 for 32-bit systems SP1 & x64-based systems SP1
  • Windows RT 8.1
  • Windows Server 2008 for 32-bit systems SP2 & x64-based systems SP2
  • Windows Server 2008 R2 for x64-based systems SP1
  • Windows Server 2012, 2012 R2, 2016 & 2019
  • Windows Server 2008 for 32-bit systems SP2 (Server Core installation) & x64-based systems SP2 (Server Core installation)
  • Windows Server 2008 R2 for x64 based systems SP1 (Server Core installation)
  • Windows Server 2012, 2012 R2, 2016, 2019, version 2004 & version 20H2 (Server Core installation)

තර්ජන මට්ටම

ඉහල

දළ විශ්ලේෂණය

වින්ඩෝස් මුද්‍රණ ස්පූලර්ට බලපාන “ප්‍රින්ට්නයිට්මේර්” නම් දුරස්ථ කේත ක්‍රියාත්මක කිරීමේ අවදානම ප්‍රහාරකයින් විසින් සක්‍රීයව වැරදි ලෙස මෙභෙයවනවාබව මයික්‍රොසොෆ්ට් නිල වශයෙන් තහවුරු කළේය.

විස්තරය

මයික්‍රොසොෆ්ට් ප්‍රින්ට් ස්පූලර් සේවාවේ “PrintNightmare” අවදානම ඇතිවන්නේ RpcAddPrinterDriverEx () කේතයට ප්‍රවේශ වීම සීමා කිරීමට අපොහොසත් වීම හේතුවෙන්. දුරස්ථ සත්‍යාපනය කළ පරිශීලකයෙකුට හානියට පත් පද්ධතියකට විෙශේෂෙයන් සකසන ලද ඉල්ලීමක් යැවීමෙන් ෙමම අවදානම වැරදි ලෙස භාවිතා කළ හැකිය.

බලපෑම

  • අනවශ්‍ය යෙදුම් ක්‍රියාත්මක කිරීම
  • අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම

විසඳුම / කළයුතු දෑ

කළයුතුදෑ

සටහන – පහත ලැයිස්තුගත කර ඇති වැඩමුළු පවත්නා ව්‍යාපාර කටයුතුවලට බලපෑම් කළ හැකි අතර නිසි තක්සේරුවකින් පසුව ක්‍රියාත්මක කළ යුතුය.

වසම් පරිපාලනය සහ මුද්‍රණය සඳහා භාවිතා නොකරන පද්ධති වල ඇති මුද්‍රණ ස්පූලර් සේවාව (Print Spooler Service )අක්‍රීය කරන්න.

https://msrc.microsoft.com/update-guide/vulnerability/CVE-2021-34527

https://docs.microsoft.com/en-us/defender-for-identity/cas-isp-print-spooler

කණ්ඩායම් ප්‍රතිපත්තිය හරහා අභ්‍යන්තර දුරස්ථ මුද්‍රණය අක්‍රීය කරන්න.

https://msrc.microsoft.com/update-guide/vulnerability/CVE-2021-34527

https://docs.microsoft.com/en-us/troubleshoot/windows-server/printing/use-group-policy-to-control-ad-printer

ඔබ භාවිත කරන ජාලය තුල 445 / TCP සහ 135 / TCP පෝර්ට් වෙත පිවිසීම සීමා කරන ලෙස පරිශීලකයින්ට උපදෙස් දෙනු ලැබේ.

යොමුව

වියාචනය

මෙහි දක්වා ඇති තොරතුරු කිසිදු ආකාරයක වගකීමක් නොමැතිව “පවතින ආකාරයට” වේ.

උපුටා ගැනීම: SLCERT සයිබර් ආරක්ෂණ ඇඟවීම්