mailprofile

Anonymous

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/03/06

Sir, Madam, thank you very much. Please, there are so many fake Facebook accounts like this. Only you can provide a permanent solution to this problem. Many families are losing their dignity and committing suicide. Thank you very much for your help.🙏🏻

femailprofile

A victim (who is not willing to reveal her name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/19

ඔබ සිදු කරන මෙම සේවාව ඉතාමත් අගය කොට සලකනවා. මට සිදු වූ අන්තර්ජාල ගැටලුව මීට පෙර වෙනත් ආයතන වලට දැන් වුවත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. නමුත් hithawathi හරහා ඉතා සුළු කාලෙකින් මාගෙ ගැටලුව විසඳාගැනීමට මට හැකි උනා.
ඉතාම ස්තූතියි ඔබ කරන මෙම සේවාව වෙනුවෙන්.

femailprofile

Madu

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/28

බොහොම ස්තූතියි මිස්… ඔබගේ ආ‍යතනය නිසා කොච්චර නම් පවුල් ජීවිත පරිස්සම් වෙලා ඇද්ද? මං කියන කතාව කිසිම කිසිම කලබලයකින් තොරව අහගෙන ඉතාමත් කාරුණිකව පිලිතුරු ලබා දී, මාගේ ගැටලුවට පිලිතුරක් ලබා දෙන ඔබ ආයතනයද ඔබ තුමියන්ලාටද තෙරුවන් සරණයි…!!! මේ වගේ සේවා තවත් අයවලුන් හට සිදු කිරීමට ශක්තිය ලැබේවා…!!

femailprofile

A victim (who is not willing to reveal her name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/02/19

Of course we appreciate your services. I am happy that you are removing my fake ID.

femailprofile

Senuri

අවසන් වරට යාවත්කාලීන කලේ 2025/01/02

Thank you for helping me You ladies are doing a very good job Thank you ❤

mailprofile

A commenter (who is not willing to reveal his name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/09/11

සමාජයේ අඩුපාඩු තියන තැන් සොයා බලා ඒවාට පිලියම් ලෙස පුන්චි vedio මාර්ගයෙන් හෝ අදහසක් සමාජය තුලට ගෙනයාමට දරන උත්සාහය අගය කොට සලකමි.

රුවන් ඉලේසිංහ

රුවන් ඉලේසිංහ

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/22

ඔයාලාගේ ආයතනය ගොඩාක් හොඳ ආයතනයක් මම ගොඩාක් ගරු කරනව ඔයාල මගේ ප්‍රශ්නය ගැන ගොඩාක් හොයල බැලුව ඒ එකව්න්ට් එක මේ වෙද්දි අයින් වෙලා තියෙන ඔයාලාට ගොඩාක් ස්තුති ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏

femailprofile

ලක්ෂි මියැසිකා ඒකනායක

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/05/28

පහුගිය කාල වකවානුව තුල fake facebook Account හේතුවෙන් ඉතා තදබල ලෙස මානසික පීඩනයකින් පෙලුනෙමි. නීතිමය ආදාර පතමින් පරිගනක අපරාද විමර්ශන ඒකකය වෙත ගොස් පැමිනිල්ලක්ද ඉදිරිපත් කලෙමි. නමුත් එම ගිණුම ඉවත් නොවූ අතර ඒ හේතුවෙන් මගේ පවුද්ගලික ජීවිතය හා රැකියා ජීවිතය තුලද යම් යම් ගැටලු මතුවිය. පසුව මම පොලිස් ළමා හා කාන්තා කර්‍යන්ෂයට දුරකතන ඇමතුමකින් සම්බන්ධ වූ අතර ඔව්න් ඔබ ආයතනයේ සේවාව පිලිබදව මා දැනුවත් කරන ලදි. ඔබ ආයතනය තුලින් අවස්තා තුනකදී එලෙසින් මගේ නමින් ආරම්බව තිබූ ගිනුම් තුනක් ඉවත් කර දීමට කටයුතු කරන ලදී. මාගෙන් කිසිදු මුදල් අය කිරීමක් හෝ නොමැතිව ලබා දුන් කාරුණික සහයෝයට හදවතින්ම ස්තූතිය පුද කරමි. මානසික පීඩනයකින් මා නිදහස් කිරීම පිලිබදව ඔබට මගේ ආගම අනුවද හදවතින්ම පින් දීමට කැමැත්තෙමි. මා හා මගේ හිතවතුන් විසින් මේ පිලිබදව විමසීම් කිරීමට ඔබ ආයතනයට ලබාගත් සියලු දුරකතන ඇමතුම් වලට ඔබ දැක්වූ කාරුණික ප්‍රතිචාර පිලිබදවද මා ඔබේ සියලු කාර්ය මන්ඩලයට ස්තූතිය පුදමි. මා මෙන් මේ රට තුල මෙලෙසින් අපහසුවෙන් පෙලෙන සියලුම කාන්තාවන් වෙනුවෙන් ඔබට තව දුරටත් පෙනී සිටීමට ශක්‍තිය ලැබේවා කියාද පතමි. තවද වෘත්තියෙන් මා අනුරාධපුර ශික්ෂන රෝහලේ පවුල් සවුක්‍ය සේවා නිලදාරිනියක් වෙමි. ඔබ ආයතනයේ ඇති වටිනා සේවාව පිලිබදව අන් අයව දැනුවත් කිරීම් මා සිදු කරමි. සමාජ මෙහෙවරක් ලෙස මා හට කිසිදු වැටුපක් හෝ දීමනාවක අපේක්ෂාවකින් තොරව ඔබේ අයතනය හා එක්ව කටයුතු කිරීමටද මා කැමැත්තෙන් පසුවෙමි. මා පත්වූ අපහසුතාවට කිසිදු ගැහැනු දරුවෙක් පත් නොවිය යුතුයි යන්න මගේ මතයයි. මේ ආයතනය පවත්වාගෙන යන සියලුම දෙනාටත් සුහදශීලී කාර්‍ය මන්ඩලයේ ඔබ සියලුම දෙනාටත් නැවත නැවතත් මා හදවතින්ම ස්තූතිය පුදමි.

femailprofile

දිපානි උයන්ගොඩ

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/04

🙏 මුලින්ම බොහොම ස්තුතියි හිතවතී’ ආයතනයට 🙏 ඔබෙන් මාහට ලැබුනු සේවාව ට මට ස්තුති කරන්න වචන නැතිතරම් මම ගොඩාක් මානසිකව වැටිලා හිටිය වෙලාවේ මට පිහිටවූ හිතවතී ආයතනයේ සේවය කරන සියලුම දෙනාට මාගෙ හිස නමා වැද නමස්කාර කරමි බොහොම පිං🙏

mailprofile

A victim (who is not willing to reveal his name)

අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/04

හිතවතී අප අසරණ වුන අවස්ථාවක පිහිටවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර මෙම සේවාව අගය කොට සලකමි.ස්තූතියි