mailprofile

Ayesh Sachinthaka

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/30

I got a proper solution to the problem in just one call.

Hithawathi is the best place to get solution for any of your social media issues.

b9f54d89

A. G. H. Apsara Dilrukshi

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/02/09

Aththatama thank you so much. 🙏 e wagem oy godk hod kenek. Me prashnedi udau klt godk thanks. Oy godak karunikai ☺️

Me wage issrhatath oylge ham karyakm sarthak wenn kiyl prarthna karnwa

femailprofile

H.G.S. Ishani

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/05

මගේ නමින් fake account එකක් හදලා තිබුනා..මං විස්තර හොයන් හිතවතී දුරකථන අංකයට කතා කලා.
ඒ වෙලාවේ ඉදන් හරීම සහනයක් මගේ හිතට දැනුනා කතා කරපූ වෙලාවේ ඉදන්..මගේ ගිණුම සතියක් යන්න කලින් අයින් කරලා..හැමදේම හොයලා බලලා අදාල විස්තර මං දුන්න්ම අදාල තැන් ඉක්මණටම දැනුවත් කරලා මේක අයින් කරන්න ඔයාලා ලොකු උදව්වක් උනා මට…ඇත්තටම ඒක මට ලොකූ සහනයක්..🙏🙏ඇත්තටම ඔයාලගේ සේවය මට නම් මහමෙරක් වගේ…ස්තූතියී හැමෝටම.🙏🙏🙏🙏
මම ඉෂානී.

femailprofile

Sandu Sandu

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/02

” හිතවතී ” ගැන මම මෙහෙම කියන්නම්. කෙනෙක් මාත් එක්ක ඉන්න ෆොටෝ එයාගෙ ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඇත්තටම ඒක මට කාලෙක ඉදලා තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. මට ඕන උනේ ඒවා අයින් කර ගන්න. ඒත් එහෙම කරන්න ඕන විදියක් ගැන මට අදහසක් තිබ්බෙ නෑ. සමහර අය කිව්වා රිපෝට් කරමු කියලා. ඒත් ඒකෙන් මේ ෆොටෝ ඇයින් වෙයි කියලා මට හිතුනෙ නෑ. ඉතින් මන් මේ ෆොටෝ අයින් කර ගන්න විදි හොයද්දි නිකමට වගේ දැක්කෙ මේ “හිතවතී” පේජ් එක.

ඉතින් නිකමට වගේ මැසේජ් එකක් දාලා බැලුවා. මට රිප්ලයි එකක් ආවා. ඉතින් මන් කිව්වා මගේ ප්‍රශ්නෙ. ඉතින් මට උදව් කලා ගොඩක්. ඉතින් මැසේජ් එකක් ආවා මට ෆොටෝ ඔක්කොම අයින් කලා කියලා. ඒක දැක්කාම මගේ ඔලුවට මාර නිදහසක් දැනුනා. ඇත්තටම මන් ඒ ෆොටෝ ප්‍රශ්නෙ නිසා ගොඩක් මානසිකව වද උනා. ඒ ටික අයින් කලා කිව්වාම මාර ම සතුටක් දැනුනෙ මට.
ඉතින් මන් හිතුවෙ නෑ මේ ප්‍රශ්නෙ මට විසද ගන්න පුළුවන් වෙයි කියලා . මට ” හිතවතී” කලේ ගොඩක් ලොකු උදව්වක්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට. ගොඩක් ස්තූතී. ගොඩාක් පින් ” හිතවතී” ඔයාලාට මට මේ කරපු උදව්වට. 🙏

3ff83f5b

Hiruni Dewindi

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/02

අධ්‍යනය කටයුතු පීඩනයත් එක්ක මට තිබුණු කරදරකාරි පීඩනයක් මගෙ හිතේ තිබුණෙ. එයින් මගෙ හිත නිදහස් කරලා , එම ප්‍රශ්නය විසදා දුන්නට ගොඩක් ස්තූතියි….!!! 🙏🥺 ගොඩක් පින්

Picture-Sajith

Sajith Gunathilaka

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/09/06

I am Sajith Gunathilaka and I live in Bandarawela. With the advent of new technology in the world, many social media networks have emerged. It is simply a successful means of communication created for the well-being of human beings. But there are many people or groups in our society who use it in a wrong way or for inappropriate things.

A big problem for me was the fake Facebook account that someone maintained using my personal details and photos. My problem was completely solved in three days from the time I presented the problem to the social care agency. hitavati Institute is an excellent social care institution of the era that I have seen from my experience.
You are a perfect haven to solve the social and material problems of the age. Undoubtedly, there are many people around us who are uncomfortable like me. May your organization and staff get the strength to provide your services to such people promptly and heal their hearts. Thanks a lot …!!!

277788425_740854586905131_1056359444600234620_n

Kanthi Liyanage

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/08/01

කාන්තාවන් අප සැමටත් ,අන්තර් ජාලයේ සැරිසරන අපහට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවනවා. එම බියට නොබියව මුහුණ දීමට හිතවති පිටුව දක්වන සහයෝගය ස්තුති පූර්වකව අගය කරනවා.Excellent.ඉතාමත් හොඳ සේවයක්.

අන්තර්ජාලය භාවිතා කරන කාන්තාවක් හැටියට අපට මගපෙන්වන හිතවතියක් ,වගේම රක්ෂණාවරණයක් කීවොත් මා නිවැරදියි. ස්තුතියි ! ❤❤😍

 

femailprofile

Hirusha

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/06

Godak pin miss obalata ..katawath kiya gana beri pashneka man hitiyee obalage hithawathi sawa aththatama api wage asarana unu kanthawanta godak watinwaa,, ,🙏🙏🙏🙏🙏

46412784

Suvineetha Mahasooriya

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/27

Hithawathi ඇත්තටම මේ page එක කාන්තාවකට ගොඩක් වටිනව. මොකද අන්තර්ජාල භාවිතයේදී නොදන්නා ගොඩක් දේ ගැන දැනුවත් උනා. ගොඩක් ස්තුතියි #hithawathiteam ♥️

c08a1edc

Geetha Sandamali

අවසන් වරට යාවත්කාලීන කලේ 2022/02/07

” මම වගේ සිටියෙ යුතු මම පමනි.ඒත් ජීවිතේ පලවෙනි වතාවට මගෙ නමින් මගෙ රූපෙන්ම ෆේක් account එකක් ෆ්බි සමාජ ජාලයේ තිබෙන බව දැනගත්තා.මා නොවන මා ගැන මට දැනුන බය මාස තුනක් පුරාවට මානසික පීඩනයක් බවට පත් උනා.සෑහෙන්න කෙට්ටු උනා කන්නෙ අඩුවෙන් මොකද මම වගේ ඉන්න ඕන මම විතරයි.මගෙ රූපෙන් මගේම නමින් මානසික අසහන කාරයො මොන නින්දිත වැඩ කරනවද කියල දැඩි බියක් දැනුනා.දවසක් මට දරා ගන්නම බැරි උනා සණස සංවර්ධන බැංකුවෙ වැඩ කරේ මම මට ඒ වැඩ කරගන්න පවා බැරි උනා.ඒ වෙද්දි මම පොලිසි ගියා කිසිම හව්හරනක් ලැබුනෙ නෑ ” හිතවතී ” ගැන දැනගෙන දයාබර මිස්ලට විස්තරේ කියල තොරතුරු සියල්ල යවා තිබුනව කොරෝනා උවදුර නිසා කල් ගත උනා ෆේක් එක delete කරන්න. එදා අමුතු දවසක් මට දැනුනෙම මට මේ පස්නෙන් බේරෙන්න බෑ කියල fake එක හදල මාස හතකට වැඩියි මාස හතේම එක වගේ කල්පනා කරා.අපි අහිංසක යි වගේම මම අදහනවා බුදු දහම තදින්ම කාටවත් රිද්දලා සැනසීමක් නෑ කියල අපි දන්නවා උනාට මානසික ලෙඩ්ඩුන්ට තේරෙන්නෑ.මම එදා තීරනය කරා ජීවිතෙන් සමු ගන්න ගෙදර හැමෝම බය වෙලා දුකින් හිටියෙ ඒත් එයාලට පේන්න මම දුක පෙන්නුවෙ නෑ.වැඩ ට ගියාට වැඩ කරගන්න බෑ.බැංකුවෙන් අහනවා පස්නයක්ද කියල.එහෙන් ෆේක් එකෙන් මට පස්න ආවා.මම වැටුනා තීරනය කරත් මැරෙන්න එක පාරක් ආයි ” හිතවතී “ආයතනයේ මිස්ට කතාකරා.එදා කතා නොකරනම් අද මට මාවත් මගෙ දෙමවුපියන්ට සහෝදරයොන්ට මාව නෑ.මිස් ට කිව්වා මම මැරෙනවා මිස් කිව්වම මට අද වගේ මතකයි මිස් මට කෝල් ගත්ත තරම් මට හිතවතී ආයතනයේම ඩොක්ටර් කෙනෙක් හරියටම පැය තුනක් කතා කරා.මිස් හැමවෙලේම කෝල අරන් එදා දවසෙම හිත හැදුවා මම ඉන්නෙම වෙනම ලෝකෙක.ඒක හැමෝටම තේරුනා පස්සෙ එදා ම මිස් පැය පහකින් fake account එක delete කරලා දුන්නා.ඒ තමයි මම ජීවිතේ විදපු නරකම ආරංචිය නැති කරල අහපු සතුටුම ආරංචිය.මට ආයි ජීවිතේ ලැබුනා වගේ දැනුනා.ජීවිතේට ගොඩක් දේවල් එදා මිස්ල මට කියල දුන්නා.කවදාවත් මට ඒ කරපු උදව්ව අමතක වෙන්නෑ.තවත් මේ වගේ අසරන උනු අසරන ජීවිත වලට වැඩි වැඩියෙන් පිහිට වෙන්න.ආලෝකයක් දෙන්න දයාබර මිස් ඇතුලු කාර්ය මන්ඩයය ශක්තිය ලැබේවා !!!!!!!.🙏💐 අද මම කසාද බැදලා ගොඩාක් සතුටින් ඉන්නවා ඒ මාව ජීවත් වෙන නිසා.” හිතවතී” ආයතනයට ගොඩක් පින් !.