Bandara Jayarathne

Bandara Jayarathne

අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/06

” මගේ පෞද්ගලික තොරතුරු ඡායාරූප යොදා මගේ සැබෑ ෆේස්බුක් ගිණුමට සමාන ලෙසින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර සමජයේ විවිධ පුද්ගලයන්ට නිළධාරින් ස්වාමින්වන්සේලාට තර්ජනය කිරිම් අපහාස කිරිම නිසා මා දැඩි පිඩාවට පත්ව සිටි අවස්ථාවේ හිතවති ආයතය වෙත ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගනිමින් දින හතක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාජ ෆේස්බුක් ගිණුම අවලංගු කිරිමට කටයුතු කල ආයතනයටත් කාර්‍ය් මණ්ඩලයේ සියළු දෙනාටත් හදපිරි ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා .
විශේෂයෙන් සඳහන් කලයුතුයි ව්‍යාජ ෆේස්බුක් ගිණුම ඔස්සේ විවිධ පුද්ගලයන්ට අපහාස කිරිම් තර්ජනය කිරිම් කරන අවස්ථාවේ , විවිධ පුද්ගලන්ගෙන් දුරකථන ඇමතුම් ගලා එන අවස්ථාවලදි, හිතවති ආයතනයට දුරකථන ඇමතුම් ලබාගෙන ඒ නිළධාරින් සමග ආවේගශිලිව අදහස් දැක්වූවත් , එම නිළධාරින් හරියට මනෝ වෛද්‍ය වරුන් මෙන් අප පත්ව ඇති පිඩාව අවබෝධ කරගෙන පිහිවුවා, එය අගය කලයුතු සුවිශේෂී මානුෂික ගුණධර්ම තාවකි.
මෙවෙනි පිඩාවට පත්ව සිටින පුද්ගලයින් සිටිනම් නිතීය අත ගැනිමට හෝ බාහුවේ බල පෙන්විමට නොගොස් ආරවුල් ඇතිනොකර මෙමෙ ආයතනය වෙත තමන්ගේ ගැටලුව ඉදිරිපත් කර සාධනිය විසදුමක් ලබාගැනිමට ඉදිරිපත් වන්නයි මං ඉල්ලා කාරුණිකව සිටිනවා , හිතවති,ආයතනය දිනෙන් දින දියුණු වේවා, නැවත නැවතත් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමි.”