අවසන් වරට යාවත්කාලීන කලේ 2021/10/25

2021 ඔක්තෝබර් 20 වෙළුම 02 කලාපය 10

හිතවතී මාසික සඟරාව

ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) වංචා

ක්‍රිප්ටෝ මුදල් වංචනිකයින් සෑම විටම ඔබේ මුදල් සොරකම් කිරීමට නව ක්‍රම සොයමින් සිටිති. ක්‍රිප්ටෝ වංචාවක එක් ප්‍රධාන හඳුනාගතහැකි  සලකුණක් වන්නේ  ඔබට ක්‍රිප්ටෝ මුදල් වලින් ගෙවිය යුතු බවට ඉල්ලීමක් කිරීමයි . ඇත්ත වශයෙන්ම, බැංකුවක් හරහා හෝ වෙනයම් මූල්‍ය ආයතනයක් හරහා මුදල් මාරුකිරීම (wire transfer), තෑගි කාඩ්පත් (gift card)  හෝ ක්‍රිප්ටෝ මුදල් වලින් ගෙවන ලෙස ඔබට පවසන ඕනෑම අයෙක් වංචා කරන්නෙක් විය හැකිය. මෙවැනි අවස්ථාවක ඔබ වෙනතු කෙනකුට ඔබ  අදාල මුදල ගෙවන්නේ නම්, එම මුදල් ආපසු ලබා ගැනීමට ක්‍රමයක් නැති තරම් ය. වංචාකරුවන් ප්‍රයෝජනයට ගන්නේ එයයි. ඔබ දැනගත යුතුම ක්‍රිප්ටෝ මුදල් වංචා 16 ක් මේ ලිපියෙන් දැනගන්න.

මෙම තොරතුරු cryptocurrency හෝ කිසියම් නිශ්චිත සැපයුම්කරුවෙකු, සේවාවක් හෝ පිරිනැමීමක් අනුමත කිරීමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුය. මෙම තොරතුරු වෙළඳාම් කිරීම සඳහා නිර්දේශයක් නොවේ. මෙම ලිපිය සපයා ඇත්තේ දැනගැනීම සහ අධ්‍යාපන අරමුණු සඳහා පමණි.

did-you-know-si

ඔබ දැන සිටියාද?

    • 2020 වසරේදි වැඩිම වැඩිහිටි වීඩියෝ ක්‍රීඩා කරන්නන් (video gamers )සංඛ්‍යාවක් සිටි රට වියට්නාමය යි
    • ෆේස්බුක් ගිණුම් බිලියනය ඉක්මවා ලියාපදිංචි වූ ප්‍රථම සමාජ ජාලය වන අතර දැනට මාසික සක්‍රීය පරිශීලකයින් බිලියන 2.85 කට වඩා සිටී.
      https://www.statista.com
    • මිලේනියල්ස් (millennials/සහශ්‍රකයන්) යන් ගෙන් 25% ක් සහ Zපරම්පරාවෙන් (Gen Zers) 24% ක් කියා සිටියේ තම අනන්‍යතාවය එක් වරක් හෝ සොරකම් කළ බවයි, අනෙක් අතට බේබී බූමර් ( baby boomer) අයගෙන් එම අගය 14% ක් පමණකි! බේබී බූමර් යනු කුමක්දැයි දැන ගැනීමට, මෙතැන ක්ලික් කරන්න)
    • සියලුම පුද්ගලයින්ගෙන් 34% ක්ම සයිබර් උල්ලංඝනය කිරීම වලට ගොදුරු වී ඇත
      https://venturebeat.com/
tip-of-the-month-si

මාසයේ ඉඟිය

වට්ස්ඇප් (WhatsApp) හි දෙපියවර සත්‍යාපන සැකසුම් සිදුකර ගන්නේ (Configure Two-Step Verification Settings) කෙසේද?

  1. ඔබ WhatsApp වෙත ගොස්, දකුණු කෙළවරේ උඩ සෙවුම් තීරුව ආසන්නයේ ඇති මෙනු බොත්තම ක්ලික් කර, පහල ඇති අයිකනය තෝරන්න.
  2. ඉන්පසු , සැකසීම් –> ගිණුම් –> දෙපියවර සත්‍යාපන –> -සක්‍රීය කරන්න
    Settings –> Account -> Two-step verification -> Enable
  3. ඔබ එය කළ පසු, Whatsapp මෘදුකාංගය මගින් ඔබට ඉ-තැපැල් ලිපිනයක් සපයන ලෙසත් අක්ෂර (අකුරු/ඉලක්කම්/සංකේත) හයක මුරවචනයක් (passcode) සකසන ලෙසත් ඉල්ලයි.
  4. ඊළඟ තිරයෙහි, ඉ-තැපෑල හරහා අමතක වූ මුරවචනයක් නැවත ලබා ගැනීම සඳහා ඔබගේ ඉ-තැපැල් හැඳුනුම්පත (අත්‍යාවශ්‍ය නොවේ) ඇතුලත් කරන්න. (ඔබට මුරවචන අමතක වී ඇති විටක, ඔබගේ ගිණුමට අගුලු නොවැටීමට නම්, ඉ-තැපෑල භාවිතා කරන ලෙස නිර්දේශ කෙරේ.) ඉන්පසු “Done” ක්ලික් කරන්න.
  5. ඊළඟට, ඔබට නව දුරකථනයකින් ඔබගේ WhatsApp ගිණුම යලි සැකසීමට හෝ ඔබගේ ගිණුමට නව දුරකථන අංකයක් එක් කිරීමට අවශ්‍ය වන විට, Whatsapp මෘදුකාංගය මගින් ඔබපෙර ලබා දුන් අංක හයේ රහස් සංකේතය ඇතුළත් කර තහවුරු කරන ලෙස ඉල්ලයි.
    Whatsapp මෘදුකාංගය තුළ මුරවචනය නොමැතිව දෙපියවර සත්‍යාපන අක්‍රිය කළ හැකි අතර ඔබගේ දුරකථනය වැරදි කෙනෙකුට ‌ගියහොත් ඔබේ දුරකතනයේ ඇති Whatsapp මෘදුකාංගයට ප්‍රවේශ වීමට හැකියාව ඇත.


සයිබර් ආරක්‍ෂක ඇඟවීම්!

 

ගූගල් ක්‍රෝම් හි නව ‘ඉහළ’ මට්ටමේ ආරක්‍ෂිත දෝෂ 5 ක් තහවුරු වෙයි. ඔබගේ ක්‍රෝම් බ්‍රව්සරය යාවත්කාලීන කරන්න!

ලොව පුරා බිලියන දෙකකට අධික පරිශීලකයින් සිටින ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය ඉත‌ා ඉහලින්ම වැජඹෙන අතර එහි නිදහස් කේතයන් සහ බ්‍රව්සර් විකල්ප ගණනාවක් ක්‍රියාත්මක කරයි. මේ සියල්ලන්ම ක්‍රෝම් හැකර්කරුවන්ගේ පළමු ඉලක්කය බවට පත් කරන අතර ඉදිරියේදී ගූගල් සිය පස්වන හදිසි වැඩි දියුණු කිරීමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
https://www.forbes.com/sites/gordonkelly/2021/09/02/google-chrome-warning-high-security-hacks-threats-upgrade-chrome-now/?fbclid=IwAR08kHMePEvm4_fuM8SBrjE3NFxHJwwGjYyfrqZ-o7vPpEC9Jlht4PU9YAU&sh=573497ee45f8

ඇපල් සමාගම විසින් ආරක්ෂක පද්ධති යාවත්කාලීන කිරීම් නිකුත් කරයි

බහුවිධ නිෂ්පාදන වල ඇති අවදානම් දුරු කිරීම සඳහා ඇපල් සමාගම විසින් ආරක්ෂක යාවත්කාලීන කිරීම් නිකුත් කර ඇත. බලපෑමට ලක් වූ පද්ධතියක් පාලනය කිරීම සඳහා ප්‍රහාරකයෙකුට මෙම අවදානම් භාවිතා කළ හැකිය. නොහොඹිනා ලෙසසිදු කෙරෙන සූරාකෑම් වලදී මෙම අවදානම් හඳුනාගෙන ඇත.
https://us-cert.cisa.gov/ncas/current-activity/2021/09/23/apple-releases-security-updates

Apache HTTP සර්වරය දැඩි අවදානමක

Apache HTTP සේවාදායකයේ – 2.4.49 සහ 2.4.50 (CVE-2021-41773) අනුවාදයන් ඉතා බරපතල අවදානමක ඇති බව සොයා ගෙන ඇත. එමඟින් ප්‍රහාරකයාට ඉලක්කගත පද්ධතියට මාරුවෙන් මාරුවට පහර දීමට ඉඩ සැලසයි. මෙම අවදානම සාර්ථකව උපයෝගී කර ගැනීමෙන් ප්‍රහාරකයන්ට ප්‍රහාරයට ගත් වූ සර්වරය වෙත ගොස් සංවේදී ලිපිගොනු වෙත ප්‍රවේශ වී ලබා ගැනීමට ඉඩ සලසයි.
https://www.cert.gov.lk/view?lang=en&articleID=262

හඳුනා ගැනීමට අපහසු නව අනිෂ්ට මෘදුකාංග (මැල්වෙයාර්) ලිනක්ස් සඳහා වින්ඩෝස් උප පද්ධතිය ඉලක්ක කරයි.

වින්ඩෝස් යන්ත්‍ර වලට හානි කිරීමේ අරමුණින් Linux (WSL) සඳහා වින්ඩෝස් උප පද්ධතියට ද්වේශසහගත සාම්පල ගණනාවක් නිර්මාණය කර ඇති අතර එමඟින් මෙහෙයුම්කරුවන්ට රේඩාර් යට රැඳී සිටිමින් ජනප්‍රිය අනිෂ්ට මෘදුකාංග විරෝධී යන්ත්‍ර මඟින් හඳුනා ගැනීමට බාධා කරන රහසිගත ක්‍රමයක් ඉස්මතු කර දක්වන ලදී.
https://thehackernews.com/2021/09/new-0-day-attack-targeting-windows.html

සයිබර් පුවත්

සියලුම පරිශීලකයින් සඳහා ගූගල් විසින් විශාල ආරක්‍ෂක වෙනසක් සිදු කරයි – ඔබේ සැකසුම් පරීක්‍ෂා කරන්න

ඔබේ ගිණුම්, උපාංග සහ දත්ත ආරක්‍ෂා කිරීමේදී ශක්තිමත් මුරපද ලබා දී ඇතත් ඒවා ප්‍රමාණවත් නොවේ. සයිබර් අපරාධකරුවන් නිරන්තරයෙන් ඔවුන්ගේ ඉලක්කයන් කෙරෙහි දැඩි අවධානයෙන් කටයුත් කරන අතර ඔබට කිසි විටෙකත් වැඩි ආරක්ෂාවක් ලබා නොදෙනු ඇත. ද්වී සාධක සත්‍යාපනය (2FA) මතුවන්නේ එතැනිනි. ඔබ ගිණුමකට ඇතුළු වීමේදී හෝ යම් ඩිජිටල් උපාංගයක් වෙත ඇතුළු වීමේදී 2FA අමතර ආරක්‍ෂාවක් ලබා දෙයි.
https://www.komando.com/security-privacy/enable-google-2fa/810928/

Crypto jacking Malware භාවිතයෙන් හැකර්වරුන් විසින් බලපත්‍ර රහිත ක්‍රීඩා (Pirated Games) බිඳ දමයි

මෙම සයිබර් මංකොල්ලකරුවන් විසින් මේ වන විට Crackonosh වෙතින් ඩොලර් මිලියන 2 ක් පමණ උපයා ඇති අතර එමඟින් බලපෑමට ලක් වූ උපාංග වලින් රහසිගත ලෙස Monero cryptocurrency කැනීම් (mine) සිදු කරයි.
https://threatpost.com/hackers-crack-pirated-games-malware/167263/

මයික්‍රොසොෆ්ට් විසින් ලිනක්ස් සඳහා වූ වින්ඩෝස් උප පද්ධතිය(subsystem) වින්ඩෝස් 11 යෙදුමක් (app) බවට පරිවර්තනය කරයි

මයික්‍රොසොෆ්ට් විසින් ලිනක්ස් සඳහා වින්ඩෝස් උප පද්ධතිය (Windows Subsystem for Linux -WSL) ඔබට වින්ඩෝස් 11න් සරලවම බාගත කර ස්ථාපනය කළ හැකි යෙදුමක් බවට පරිවර්තනය කර ඇත. යෙදුමේ අනුවාදයක් පමණක් දැනට ලබා ගත හැකි අතර, එමගින් වින්ඩෝස්11 භාවිතා කරන්නන්ට ලිනක්ස් සඳහා වින්ඩෝස් උප පද්ධතිය ස්ථාපනය කිරීමට ඉඩ සලසයි. නමුත් වැඩසටහන් එකතු කිරීමට / ඉවත් කිරීමට හෝ වින්ඩෝස් සඳහා විකල්ප ලෙස එන ලිපි අංගයක් ලෙස WSL තෝරා ගැනීමට ඉඩ ලබා නොදේ.
https://www.theverge.com/2021/10/12/22722146/microsoft-windows-subsystem-for-linux-app-windows-11-microsoft-store

මයික්‍රොසොෆ්ට් 365 ඉවත් කිරීමට ගූගල් සමාගම උපායශීලී සැලැස්මක

ඵලදායිතා මෘදුකාංග සහ සහයෝගිතා මෙවලම් වලින් පාරිභෝගිකයින්ට ඉතා වැඩි වටිනාකම් ලබා ගැනීමට ගූගල් වෙතින් නව සැලැස්මක් හෙළි කර තිබේ. ගූගල් විසින් ප්‍රකාශයට පත් කරන ලද නව සංඛ්යාලේඛන වලින් පෙන්නුම් කෙරෙන්නේ වර්ක්පේස් කට්ටලයේ (Workspace suite) දැන් බිලියන තුනකට අධික පරිශීලකයින් සංඛ්‍යාවක් සිටින බවයි (එය පෘථිවියේ තුනෙන් එකකට වඩා වැඩි ය).
https://www.techradar.com/news/google-has-a-cunning-plan-to-dethrone-microsoft-365


සත්‍ය කතා

දුර සිට ආතල් දුන් මායාකාරිය

සීතල ඉරිදා උදෑසනක රෙහාන් ඇඳ මත සිටියේ අනිත් අයගේ ෆේස්බුක් කතා (ස්ටෝරීස්) බලමින්. පාළුවෙන් හිටිය ඔහුට හදිසියේම එෆ්බී මැසෙන්ජර් හරහා නොදන්නා, ඒත් චැට් කර බැලීමට කැමත්තක් හිතෙන සුරූපී තරුණියකගෙන් වීඩියෝ ඇමතුමක් ලැබුණා.
ඇගේ හඬ ඔහුගේ කනට මී පැණි සේය. ඈ සිහින් සිරුරකින් යුතු වූ අතර චූටී කර පටි සහිත ඇඟට හිරවූ කොට බ්ලවුස් එකක් ඇඳ සිටියා. මුලින්ම ඇය තමන්ව අසල්වැසි රටක වාසය කරන අම්රිතා ලෙස හඳුන්වා දුන්නා.

 

සම්පූර්ණ කතාව


හිතවතී විසින් සංවිධානය කරනු ලබන මාසික වෙබිනාර් වැඩසටහනේ ඔක්තෝ බර් මස පැවැත්වීමට නියමිත සැසිය :

මාතෘකාව : “දත්ත වල පෞද්ගලිකත්වය හා ඩිජිටල් පා සටහන”
දිනය : 2021 ඔක්තෝබර් මස 30 වන සෙනසුරාදා
වෙලාව : ප.ව 4:00 – ප.ව 5:00

සම්පත් දායකත්වය – ගයාන් අබේගුණවර්ධන මහතා -ආරක්ෂණ ක්‍රමෝපාය සේවා ජ්‍යේෂ්ඨ උපදේශක –
ටෙක් වන් ග්ලෝබල් සමාගම

මෙහෙයවනු ලබන්නේ: සම්පත් ශ්‍රී (හිතවතී)

ලියාපදිංචි වීම සඳහා https://forms.gle/sCcSeGaZb93Gg9to7

ඔබ දන්නා අයට මේ තොරතුරු ගැන දැනුවත් කිරීමට මෙම ලින්ක් එක ශෙයා කරන්න :  https://www.hithawathi.lk/si/news-and-events-si/

දැනුවත් කිරීමේ වැඩසටහන්

පසුගිය වැඩසටහන්:

“සයිබර් සුරැකුම පොත එළිදැක්වීම”

හිතවතී ව්‍යාපෘතිය මඟින් සම්පාදනය කළ “සයිබර් සුරැකුම” පොත් පිංච එළිදැක්වීමේ අවස්ථාව පසුගිය ඔක්තෝබර් 08 වැනිදා Zoom ඔස්සේ පැවැත්විණි. මෙම පොත සයිබර් අවකාශයේදී නිතර අසන්නට දකින්නට සිදුවන සයිබර් අපරාධ සහ හිරිහැර කිරීම් පිළිබඳව දරුවන්ට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා නිර්මාණය කර ඇත.

www.hithawathi.lk වෙත පිවිසීමෙන් , මෙම පොත සිංහල සහ දමිළ භාෂා වලින් අන්තර්ජාලය ඔස්සේ කියවීමට හැකියාව තිබේ. එසේම සිංහල සහ දමිළ භාෂා වලින් මෘද්‍රිත පොත් ‌ොනමිලේ ලබා ගැනීමේ හැකියාව ඇත. එසේම මෙම ලින්ක් එක හරහා ඔබට අවශ්‍ය පොත් ඉල්ලුම් කිරීමට හැකියාව තිබේ. https://bit.ly/3BDZ1MA

  • 2021 සැප්තැම්බර් 25 වන දින හිතවතී ව්‍යාපෘතිය විසින් “දරුවන්ට නොදැනෙන්න දරුවන්ව නිවැරදිව සීමාකරන්න!” මැයෙන් සූම් තාක්ෂණය ඔස්සේ වෙබිනාර් වැඩසටහනක් පවත්වන ලද අතර මෙය හිතවතී ෆේස්බුක් හරහා සහ යූටියුබ් නාලිකාව හරහා සජීවී ලෙසද විකාශනය කරන ලදී. මේ සඳහා 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර මෙය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. පහත ලින්ක් එක හරහා ඔබට වෙබින් සැසියේ වීඩියෝ වෙත පිවිසිය හැක.
    https://www.youtube.com/playlist?list=PLqZ1JpaIpm9iehN9CCaYV2PtRqVUBFuqR
  • අග්නිදිග විශ්ව විද්‍යාලයේ, කළා අංශයේ 2, 3 සහ අවසාන වසර සිසුන් සඳහා 2021 ඔක්තෝබර් 02 වන දින “ඉ -මාධ්‍ය තුළින් -අනාගත මාධ්‍ය සඳහා නිර්‍මාණාත්මක මනසක් ගවේෂණය කිරීම” මැයෙන් පැවැත්වූ මාර්ගගත වැඩසටහනේදී, හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් දෙමළ භාෂාවෙන් පැවැත්විණි.

අනාගත වෙබ්නාර් සැසි වලට සම්බන්ධ වී සයිබර් ආරක්‍ෂාව ගැන දැන ගැනීමට කරුණාකර පහත ඇති වයිබර් හෝ වට්ස්ඇප් කණ්ඩායමට සම්බන්ධ වන්න

චිත්‍රපට ඉඟිය
කැට්ෆිෂ් (Catfish)

කැට්ෆිෂ්(Catfish) යනු හෙන්රි ජූස්ට්(Henry Joost )සහ ඒරියල් ෂුල්මන්(Ariel Schulman) විසින් අධ්‍යක්ෂණය කරන ලද 2010 ඇමරිකානු වාර්තා චිත්‍රපටයකි. Nev ඔහුගේ සහෝදරයා සහ මිතුරන් වන සම අධ්‍යක්ෂවරුන් වන Ariel සහ Henry විසින් මෙම චිත්‍රපටය නිර්මාණය කරීමට පාදක කර ගන්නා ලද්දේ, ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ තරුණියක් සමඟ ආදර සබඳතාවක් ගොඩනඟා ගැනීමක් සම්බන්ධවයි.

නිව් යෝර්ක්හි ඡායාරූප ශිල්පියෙකු වන Nev Shulman ට Abby නම් දරුවෙකුගෙන් ෆේස්බුක් ඉල්ලීමක් ලැබුණු විට ඔහුට නුදුරේදීම අත්විඳීමට සිදුවන අසාමාන්‍ය චාරිකාවක් පිලිබඳන කිසිවක් අනුමාන කරගත නොහැකි වුණා. Abby විසින් ඉතා දක්ෂ ලෙස සිතුවම් කරන ලද පින්තූරයක් Nevට එවන ලදී. කුතුහලය ඇතිවන ආකාරයට ඔහු Abby ගේ වැඩිමහල් සහෝදරිය වන Megan ඇතුළු පවුලේ අනෙක් අය සමඟ මාර්ගගත සබඳතා(online relationships) ආරම්භ කරයි.
https://www.youtube.com/watch?v=BuE98oeL-e0

ගැජට්
AI smarts – මෙම‌ මුහුණු ආවරණය මගින් ඔබ අවට වාතයේ දූෂණ මට්ටම මෙන්ම ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය (ව්‍යායාම) ආදී තවත් බොහෝ කරුණු පදනනම්ව පෙරනූ ලබන වාතය ඔබට ලැබීමට සලස්වයි


අවට පරිසරයේ ඇති දූෂණ තත්වයන් සහ පැළඳ සිටින අයගේ ශ්වසන රටාව මත පදනම්ව එහි සිදුරු විවෘත කිරීම සහ වැසීම සිදු වෙමින් මෙම ස්මාර්ට් මුව ආවරණය සුවපහසුව සහ ආරක්ෂාව යන කරුණු දෙකම සමබර කරයි. ජාත්‍යන්තර පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම මුහුණු ආවරණයක් සකස් කර ඇති අතර එමඟින් ලබා දෙන ප්‍රේරණයේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා විවිධ කරුණු අවධානයට යොමු කරයි. එම කරුණු අතර අවට වායු දූෂණයේ ප්‍රමාණයේස සිට ඔබ කොපමණ ව්‍යායාම කරනවාද යන කරුණු හේතු වේ. මෙම තීරණ ගැනීම සඳහා යන්ත්‍ර- ඉගෙනුම් (machine learning) ඇල්ගොරිදම් තාක්ෂණය පාදක කරගෙන ඇත..
https://www.hackster.io/news/ai-smarts-let-this-face-mask-adapt-its-filtration-to-exercise-pollution-levels-and-more-7b75519caab5

cartoon-oct

(සිංහල තේරුම : ඔබේ ගෙදර යනු ඉබේම වයි-ෆයි එකට සම්බන්ධවෙන තැනයි )

Hithawathi WhatsApp & Viber Number
+94 77 771 1199
(during our business hours)

Comment the correct answer and win a data card from Hithawathi by visiting our Facebook page every Friday, Saturday & Sunday.