අවසන් වරට යාවත්කාලීන කලේ 2026/11/02

CyberCare

2026 ඔක්තෝබර් කලාපය

නවතම

APrIGF 2026 - In Kathmandu, Nepal
APrIGF 2026 - In Kathmandu, Nepal APrIGF 2026 - In Kathmandu, Nepal APrIGF 2026 - In Kathmandu, Nepal

නවතම: APrIGF 2026 - නේපාලයේ කත්මණ්ඩු නුවර

2026 ඔක්තෝබර් 4 සිට 7 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර‍ “අර්බුදකාරී අවස්ථාවලදී සුරක්ෂිත අන්තර්ජාලයක්” යන තේමාව යටතේ පැවති 2026 ආසියා පැසිෆික් කලාපීය අන්තර්ජාල පාලනය පිළිබඳ සංසදයට (APrIGF) හිතවතී සහභාගී විය. මෙම සංසදය මඟින් කලාපීය සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සහ අන්තර්ජාල පාලනය, කෘතිම බුද්ධිය (AI), සාවද්‍ය තොරතුරු, ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ සැමට ලබා දීම සහ ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධ ගැටළු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන ලදී. අන්තර්ක්‍රියාකාරී සැසි සහ සාකච්ඡා හරහා, සහභාගිවන්නන් ඉදිරියේදි මුහුණ පැමට සිදුවන ඩිජිටල් අභියෝග සහ ආරක්ෂිතව ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ සැමට ලබාදීමේ ක්‍රම පිළිබඳ වටිනා අදහස් හුවමාරු කර ගන්නා ලදී. ආසියා-පැසිෆික් කලාපීය පාර්ශවකරුවන් 200 ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ලිපිය

ඔන්ලයින් නොදකින පැත්ත

බොහෝ රටවල් ඔක්තෝබර් මාසය සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස සමරනවා. ඒ නිසා අන්තර්ජාලය භාවිත කරන විට අපි කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා මොහොතක් නැවතී හිතලා බලන්න මේක හොඳ අවස්ථාවක්. අපේ එදිනෙදා වැඩ කටයුතු වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකයට යොමු වෙන නිසා අන්තර්ජාලය තුළ ආරක්ෂිතව සිටීම දැන් වඩාත් වැදගත්.…….

සත්‍ය කතාව

තාත්තාගේ ඉස්පිරිතාල බිල

රෑ දොළහට කිට්ටු වෙද්දී මායාගේ ෆෝන් එකට එක දිගට නොටිෆිකේෂන් එන්න පටන් ගත්තා. එකක් ඉවර වෙන්නත් කලින් තවත් මැසේජ් එකක් එනවා.

ඒ අතරේ මායාගේ හොඳම යාළුවාත් මැසේජ් එකක් එවලා තිබුණා.

“මායා, ඔයාගේ තාත්තට මොකද වුණේ? එයා හොඳින් නේද?”

එකපාරටම මායාට මුකුත් හිතාගන්න බැරි වුණා.

“ඇයි? ඔයා මොකක් ගැනද කියන්නේ?”…..

නවතම එළිදැක්වීම්

පසුගිය වැඩසටහන්

දැනුවත් කිරීමේ වැඩසටහන්

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම – ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයේදී

Cyber Safety awareness session at Gothami Kanishta Vidyalaya, Gampaha
Students participating in the Cyber Safety awareness session

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 ඔක්තෝබර් 16 වැනි දින ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයේදී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය (Rotaract Club) මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 150 දෙනෙකු පමණ සහභාගී විය.

Students and teachers at the Gothami Kanishta Vidyalaya session

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය – පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී

2026 ඔක්තෝබර් 16 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, එම දිස්ත්‍රික්කයේ මාධ්‍ය ගුරුවරුන් සඳහා පැවති පුහුණු වැඩසටහනක් අතරතුර ‘හිතවතී’ සේවාවන් හා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රවෘත්ති අංශය විසින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා මාධ්‍ය ගුරුවරුන් 35 දෙනෙකු පමණ සහභාගී වූහ.

Awareness on Cyber Safety – At Polonnaruwa District Secretariat
PAwareness on Cyber Safety – At Polonnaruwa District Secretariat Awareness on Cyber Safety – At Polonnaruwa District Secretariat

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම පන්නිපිටිය – ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයේදී

Hithawathi presenter at the awareness session in Polonnaruwa
Presenter speaking to participants Participants at the training tables Participants reading handouts

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 ඔක්තෝබර් 21 වැනි දින පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයේදී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රොටරැක්ට් සමාජය (Rotaract Club) මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 140 දෙනෙකු පමණ සහභාගී විය.

සයිබර් ආරක්ෂාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම - කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී

Hithawathi cyber safety and parental controls awareness session for parents at Shanthi Margam Center, Kolonnawa
Parents participating in the cyber safety awareness session Cyber safety and parental controls awareness activities

2026 ඔක්තෝබර් 29 වන දින කොලොන්නාව ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව සහ දෙමාපියන් විසින් සිදු කළ යුතු පාලන පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. මේ සැසිය සඳහා දෙමාපියන් 15 දෙනෙකු පමණ සහභාගී වූහ.

වෙනත් සිදුවීම්

StopNCII.org රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ හමුව - සූම් තාක්ෂණය ඔස්සේ

StopNCII.org NGO Alliance Meeting – Online via Zoom
StopNCII.org NGO Alliance Meeting – Online via Zoom

StopNCII.org හි ආරාධනය මත, 2026 ඔක්තෝබර් මාසයේ පැවති StopNCII.org රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ හමුවට හිතවතී සහභාගී විය. මෙම හමුවේදී, හවුල්කරුවන් සම්බන්ධ නවතම තොරතුරු, නීති සම්පාදනයේ ප්‍රගතිය, ගෝලීය මධ්‍යගත සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Global Clearing Centre) සංවර්ධන කටයුතු සහ ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ විය හැකි ආකාර පිළිබඳව සාකච්ඡා කෙරිණි. එසේම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පස්වන සංවත්සර ප්‍රචාරණ ව්‍යාපාරය (Fifth Anniversary Campaign) පිළිබඳ නවතම තොරතුරු ද මෙහිදී සාකච්ඡා කරන ලදී.

StopNCII.org NGO Alliance Meeting – Online via Zoom

හිතවතී උපකාරක සේවාව

800+

2026 ඔක්තෝබර් මාසයේදී උපකාරක සේවාව හරහා සහාය ලබාගත් පුද්ගලයින්

Reviews

සැමට වඩාත් ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් අඛණ්ඩව නිර්මාණය කිරීම සඳහා හිතවතීට සහාය වන්න.