අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/10

මෙහි සඳහන් නම් හා ස්ථාන මනඃකල්පිත වේ.

ඉරේෂා ජීවත් වූයේ කුඩා ගමක ය . ඇය එහි සමාගමක ලිපිකාරිනියක ලෙස සේවය කලාය. ඇයට ඇගේ දෙවන මාසයේ වැටුපෙන් නව මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමට හැකි වූ අතර, ඈ ඒ හරහා Facebook, Instagram, Whatsapp/Viber වැනි සමාජ මාධ්‍ය යෙදුම් කිහිපයකට සම්බන්ධ වීමට ඉතා උනන්දුවෙන් සිටියා ය. ඒ අනුව ඈ සමාජ මාධ්‍ය ජාල භාවිතයට පෙළඹුනාය. මෙසේ මාස දෙක තුනක් ඈ ඉතා හොඳින් සමාජ මාධ්‍ය ජාල භාවිත කලාය. හදිසියේම ඉරේෂාට ඇගේ ෆේස්බුක් ගිණුම අක්‍රිය කිරීමට සිදු විය. ඒ ඇයට මුහුණ දීමට සිදු වූ නරක අත්දැකීමක් නිසා.

ඇයගේ Facebook Profile එකෙන් ඇයගේ ඡායාරූප ලබාගෙන ඇයගේ නම සහ ඡායාරූප යොදා ඇගේ නමින් ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර තිබෙනවා. ඇයගේ ඥාතියෙකු මෙම ව්‍යාජ ගිණූම දැක තිබේ. ඔහු එය ඉරේෂාට පවසා ඇත්තේ ඉරේෂා ගැන වැරදි ප්‍රතිරූපයක් මවා පාමිනි. මෙය සත්‍යයක් නොවන බවට ප්‍රකාශ කිරීමට ඈ කොතෙකුත් උත්සාහ කලත් ඔවුන් එය පිලිගැනීමට තරම් බුද්ධිමත් නොවූහ. සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධයෙන් එතරම් දැනුමක් නොතිබූ ඉරේෂාට මෙම සමාජ මාධ්‍ය හැසිරීම් ගැන එතරම් හුරුපුරුදු නැත. මෙම සිදුවීම ඇයට දැඩි පීඩාකාරී සහ වරදකාරී හැඟීමක් ඇති කළේ ය. ඇයගේ සේවා ස්ථානයේ මිතුරන් පවා ඇය දෙස බලා සිටියේ ඈ යම් වරදක් කල ආකාරයටයි. මේ නිසාවෙන් ඇගේ මනසට දැඩි අපහසුතාවයක් දැනුනි.

මෙසේ වූයේ ඇයි? ෆේස්බුක් ගිණුමේ ආරක්‍ෂාව නිසියාකාරව සකසා නොතිබූ නිසාවෙන් සහ එවැනි සිදුවීම් පිළිබඳව ඇය දැන නොසිටි නිසාවෙනි.

මේ සියලු සිදුවීම් හේතුවෙන් ඈ මහත් මානසික පීඩාවට පත් වූවාය. මේ සියල්ල දරා ගැනීමට නොහැකිව ඈ සියදිවි නසා ගැනීමට සිතුවාය. ඇයට ඇගේ එදිනෙදා කටයුතුද සාමාන්‍ය ආකාරයට සිදු කර ගැනීමට පවා අපහසු විය. ඈට ඇගේ කාර්යාල කටයුතු ද නිසි පරිදි කිරීමට නොහැකි විය. ඈ දැන් සිටින්නේ “වෙනත් ලෝකයක ජීවත් වෙනවා” වගේ. ඇගේ හොඳ මිතුරියක් ඇගේ හැසිරීමේ මේ වෙනස දැක තිබේ. ඒ අනුව ඇගේ මිතුරිය “හිතවතී” ගැන පවසා “හිතවතී” සමඟ සම්බන්ධ කර ගැනීමට ඉරේෂා ට යෝජනා කලා ය.

ඉරේෂා මුලදී හිතවතීටත් කතා කරන්න අකමැති වූවා ය. දින දෙකකට පසු ඇයට සියදිවි නසා ගැනීමට සිතුනු මෙහොතේ, වරක් හිතවතීට කතා කිරීමට සිතුවාය. ඒ අනුව ඈ හිතවතීට කතා කළා ය. විනාඩි 30-40ක් පමණ ඇගේ සම්පූර්ණ කතාවම හිතවතීට පැහැදිලි කල අතර හිතවතී ඇයට ඉතා සාවදානව ඉවසීමෙන් සවන් දුන්නාය. එය ඉතා සුළු ගැටළුවක් වුවත්, ඒ මොහොතේ ඇය මේ සියල්ල දරා ගැනීමට තරම් නිරෝගී මානසික තත්ත්වයක සිටියේ නැත. ඒ අවස්ථාවේ “හිතවතී” හරහා අදාළ ව්‍යාජ ගිණුම, වාර්තා කර ඉවත් කර දැමීමට හැකි විය.

ඉන් පසුව “හිතවතී” ඉරේෂාව 1926 වෙත යොමු කළේ සන්සුන්ව, නිරවුල්ව සහ ඇගේ මනස සැහැල්ලු කර ගැනීම සඳහා සහ ඇගේ මානසික සෞඛ්‍ය යහපත් කර නැවත ඈ යතා තත්ත්වයට පත් කර වීමටයි . අපි ඉරේෂා සහ 1926 නිලධාරින් දෙදෙනා සම්බන්ධ කර ගත්තෙමු. දිගු වේලාවක් ඔවුන් ඈ සමඟ පැවති සාකච්ඡාවෙන් පසු ඈ යතා තත්ත්වයට පත් වූවාය. ඉරේෂාට ඇගේ සුපුරුදු වැඩ කරගෙන යාමට හැකි විය.

දැන් ඇය වඩාත් ශක්තිමත් පුද්ගලයකු බවට පත් වී ඇති අතර දැන් ඇය සාමාන්‍ය පරිදි ඇගේ කටයුතු සිදු කර ගනියි. මේ ගැන ඈ ඉතාමත් සතුටින් සහ ප්‍රබෝධයෙන් සිටියි. හිතවතීට කතා කිරීම නිසාවෙන් ඇයට නැවත ජීවයක් ලබා දුන්නා යැයි පවසමින් ඈ හිතවතීට ස්තූති කළා ය.

පූර්වාරක්ෂාව ඉඟි: